




(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී අද(22) බටු සහ කොළ කැස්බෑවන් 82 ක්, සයුරට මුදා හැරිය බැව් කල්පිටිය භාර ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.
කැස්බෑ බිජු විශාල ප්‍රමාණයක් මේ වන විට වන ජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සංරක්ෂණය කර ඇති බවත්,එම බිත්තර බිඳී පැටවුන් මේ වන විට එළියට පැමිණෙණ බව ඒ මහතා පැවසුවේ ය.
කැස්බෑ බිජු තුලින් පැටවකු පිටතට පැමිණීමට දින 45 හේ සිට 53 දක්වා කාලයක් ගත විය හැකි ය.
ශ්‍රී ලංකා මුහුදු තීරයට බහුලවම පැමිණෙන්නේ බටු කැස්බෑවන් බවත්, කොළ සහ ඔලු ගෙඩි කැස්බෑවන් සුලු වශයෙන් පැමිණෙන බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd