චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍ය සේවකයන් පිරිසකට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය අද (18) ප්‍රසිද්ධියට පත් කළේය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හුබෙයි පළාතේ වූහාන් නගරයට ගිය වෛද්‍ය සේවකයෝ ඊයේ (17) එම නගරයෙන් පිටත්වීම ආරම්භ කළහ.
(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිද ආචාර කරමු...
චීන කොමියුනිස්ට් රජයේ නිවැරදි ක්‍රියාමාර්ග හා ජනතාවගේ එකමුතුකම නිසා ඔවුන් මේ ව්‍යවසනයෙන් ගැලවුණා. එ්කට අපි කිසිම වගකීමක් නැතුව අපේ මිනිස්සු හැසිරෙන විදිහයි, සමාජ මාධ්‍යවල පලකරන දේවලුයි දැක්කාම අපේ රට ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.
ලෝකයටම මේ විනාශය කළ චීන කොමියුනිස්ට් රජයෙන් ලෝකේ අනිත් සියලුම රටවල් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හරහා මූල්‍ය වන්දි ඉල්ලිය යුතුයි.
හරිම සංවේදියි, අපිත් දෑත ඔසවලා ආචාර කරනවා. මෙන්න දෙවිවරු... ඒ හාදයින් ඉන්නේ කෝවිල් වලවත් දේවාල වලවත් නෙමෙයි... මිනිස් වෙසින් මහපොළවේ මෙන්න මේ වගේ. මෙතෙනදී තවදෙයක් කියන්න ඕනෑ අපේ ආරක්ෂක අංශත් වෛද්‍ය වෘත්තිකයිනුත් මේ වෙලාවේ සෑහෙන කැපවීමක් කරනවා.
චීනය වසල ජාතියක් නොවන බව ලොවටම පෙන්නුම් කර ඇත. ජයවේවා..!
අනේ මන්දා දැන් කට්ටියම චීන්නු වර්ණනා කරනවා.
චීන ආණ්ඩුවේ වරදින් අද මුළු මානව සංහතියම අනතුරේ. මේ ලෝක අපරාදයට චීනය වග කිව යුතුයි, වන්දි ගෙවිය යුතුයි.
ජනාධිපතිතුමා කොරෝනා උවදුරට සැමන් මිල අඩුකරේ ජාතිය අමතා කරන ලද කතාවකිනි. ලංකාවේ වසංගත තත්ත්වය පාලනය කරන්න තමයි මේක සිදුකරේ. ලංකාවේ මිනිස්සු තවම කෑම කන්නේ අතින්... එලෙස කරේ එතකොට අපේ මිනිස්සු අත සබන් දාල හෝදන්න වෙනවා. ඉතිං වයිරසේ නිකම්ම මැරෙනවා.. බලහන්කෝ දැක්මක් තියෙන නායකයෙක්ගේ වටිනාකම. බලන්න මේවා කොයිතරම් ප්‍රායෝගික දේවල්ද කියලා. මේ මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැනේ... දැන් පාර්ලිමේන්තුව විසුරවලා තියෙන නිසා ළඟදීම පාර්ලිමේන්තුව නිරෝධායනය මධ්‍යස්ථානයක් කරන්න යන්නේ... එතන නානකාමර, කුස්සි, වැසිකිළි, AC ආරක්ෂාව ඇතුළු හැමදෙයක්ම තියෙනවා. අනෙක ජනතාවට සේවය කරන්න තියෙන උතුම්ම තැනනේ...
චීනයේ වියාප්ත වූ කොරෝනා වයිරසය මඩපැවැත්වීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අද චීනය කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකිවී ඇත. එම ජයග්‍රහණය වඩා වැදගත් වන්නේ, ලෝක ධනවතුන් යයි කියන ඇමෙරිකාවේ ජනගහනයෙන් අඩකට අාසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය රක්ෂණ නොමැති අතර, රක්ෂණ ඇති අයගෙන් පමණක් කොරෝනා රෝගය වැළඳී ඇද්දැයි සෙවීමට රෝගියෙකුගෙන් ඩොලර් 3000 අයකරන කාලයකයි. මිට අමතරව, චීනය, ICU රෝගීන් සඳහා ventilator 1000, කොරෝනා පර්යේෂණ කට්ටල දහස් ගණනක් සහ කියුබානු විශේෂඥයින් රැසක් ඉතාලියටද, එවැනිම කණ්ඩායමක්, ඉරානයටද, සර්බියාවටද ළඟාවිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මේ උපකාරයන් වැදගත් වෙන්නේ යුරෝපා සංගමය විසින් කොරෝන හෝ ප්‍රතිජීවක ඉන්පිටත කිසිඳු රටකට අපනයනය කිරීම සපුරා තහනම් කොට ඇති අවධියකයි. කොරෝනා ජයගත් චීන ජනතාවට සහ කොමියුනිස්ට් පක්ෂයට උපහාරය...
චීන්නු ක්‍රියාවෙන්ම පෙන්නනව තමන්ව බේරගන්න දගලන මිනිසුන්ට කොච්චර කෘතගුණ දක්වනවද කියලා. ඒකට අපේ. 30 වසරක යුද්ධයක් කරල රට බෙර ගත්තු, නිදිමරාගෙන නිරෝදාන මධ්‍යස්තාන හදපු ත්‍රිවිද හමුදාවේ කොල්ලන්ට ජිවිත පරිත්‍යාගයෙන් තමන්ගෙ ගෙවල්වල යන්නෙ නැතුව දරු පැටව් වත් බලන්න යන්නෙ නැතුව උදේ රෑ වෙහෙසෙන දොස්තරවරුන්ට හෙදියන්ට කාර්ය මණ්ඩලයන්ට පල නොකිය පලා බෙදනවා. මුළු ලෝකෙම ආර්ථිකය වැටීගෙන යද්දි අපේ ආර්ථිය ගොඩ ගන්න දගලන මිනිස්සු පුංචි මනුස්සයට සහනයක් දෙන්න ඕනේ කියල අත්‍යවශ්‍ය බඩු කීපයක හරි ගණන් අඩු කරද්දි ඒකෙත් වැරද්දක් දකිනව. තමන්ගෙ බඩ ගැන විතරක් හිතන, අනිත් එකාට හෙන ගැහුවත් තමන් ගොඩ යන්න ඕන කියල විතරක් හිතන, තමන්ට ලෙඩක් හැදුනහම ඒක අනිත් එකාටත් බෝ කරන්න ඕනෙ කියල හිතල ලෙඩෙත් එක්ක රට පුරා ඇවිදින ගුවන් තොටුපළවල් වල මුක ආවරණයක් වත් නැතුව අනිත් මිනිස්සු ඉන්න තැන් වල ඉදන් කෑ ගහන, රුපියල් 300 විෂබීජ නාශක දියර රුපියල් 600ට විකුණන සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් කියන ඔක්කොම එවුන් මේ කියන දේවල් කරන කොට රටට මොන සෙතක්ද?
හරි දේ හරියට දකින්න පුළුවන් වෙන්න ඕන. චීනුන්ගේ අතින් විශාල වරදක් උනේ . එකේ අපහු කතා දෙකක් නැහැ . නමුත් උන් එකෙන් ගොඩ අපු විදිහෙන් අපිට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා .එක කොමිනිස්ට් වේවා ,වෙන මොකක් හරි වේවා ,ඒක හරි ගියා.. අපෙත් අර ඉතාලි ඉඳල ඇවිල්ලා ඔය ලෙඩේ බෝවෙන්න හේතුවක් උනේ අපේ නීති ලිහිල් කම.
මොන නීති තිබ්බත්, මොන විදියේ පාලනයක් තිබ්බත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අතීවිශිෂ්ඨයි....