IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදාහරින ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 25  දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 14) සිදු කරන ලදි.

වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගර පරිසර පදිධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින් වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් වන ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර ආරක්‍ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදා හැරීම අද (14) සිදු කරන ලදී.

තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.



අදහස් (8)

කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

sirimal Saturday, 14 March 2020 02:55 PM

අගය කළයුතු සේවාවක්. මෙම සේවාව අපේ අනෙකුත් වනජීවින් ආරක්ෂා කර ගැනීම දක්වා වැඩි දියුණු කිරීමට හැකිවේවා යයි ප්‍රාර්ථනය කරමු !

:       4       5

Kumar (Gu;f) Saturday, 14 March 2020 06:56 PM

ඔබ සැමට සුබපැතුම්...!!!

:       3       4

Dil Saturday, 14 March 2020 09:52 PM

හොඳ වැඩක් කරලා අන්තිමේට වැඩේ කෑවා. නැද්ද? කවුද හිරු එළිය තියෙන වෙලාවට කැස්බෑ පැටව් මුහුදට දාන්නේ ?

:       0       5

Walter WhiteSunday, 15 March 2020 01:22 PM

කට්ට කරුවලේ ෆොටෝ ගහන්න පුළුවන්ද?

:       0       4

Smitha Senaka Aluthgamage. Sunday, 15 March 2020 03:54 AM

ප්‍රශංසා කළයුතු ඉතාමත් අගනා ක්‍රියාවක්. මේ පැටවුන් බිත්තරෙන් එළියට ඇවිත් සති දෙක තුනක්වත් කටුව සවිවනතුරු තාවාලිකව තබාගත යුතුයි. නොඑසේනම් මේ සතා අන් සතුන්ගේ ආහාරයක් වනු ඇත.

:       5       116

Walter WhiteSunday, 15 March 2020 01:28 PM

කට්ට හයි වෙනකම් ඉන්න ඕනෑ නැහැ. එහෙම හිටියොත් මේ සත්තුන්ගේ චර්යාව වෙනස් වෙනවා. ඔවුන් හැදිලා ඉන්නේ බිත්තරෙන් එළියට ආපු ගමන් මුහුදට ගිහින් පීනගෙන යන්න. රාත්‍රී කාලයේ තමයි උන් බිත්තර වලින් එළියට යන්නෙත්, රාත්‍රී කාලයේ ගොඩබිම ආලෝක ධාරා තියෙනකොට ඒ සත්තුන්ට පාර වරදිනවා. ඔවුන් යන්නේ වැරදි පැත්තට.., මේ ගිනි දහවලේ දැම්මාම ඔවුන්ට මොකක් වෙයිද කියලා හිතාගන්නත් බැහැ... කරන්න තිබුනේ ඔවුන්ට තමන්ගේ වැඩේ කරගන්න දීලා බිත්තර දාන ස්ථාන ආරක්ෂා කරන්න... ඒ හොඳටම ඇති...

:       54       31

Samitha Senaka Aluthgamage.Monday, 16 March 2020 01:07 AM

දන්න තරම... සාමාන්‍යයෙන් මේ සතුන් වඳවී යන සත්ව විශේෂයක්... පිටකටුව සවිනොවූ මේ සතුන්ව අල්ලා ගිල දැමීමට විශාල මත්ස්‍ය විශේෂ කැමැත්තක් දක්වනවා... ඒ නිසා මෙම කැස්බෑ පැටවුන්ගේ පිටකටුව සවිවීමට කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානවල සති 2, 3ක් ආරක්ෂිතව ජලටැංකිවල තියාගන්නවා. පසුව මුහුදට දමනවා. මොවුන් ආරක්ෂා කරන පිළිගත් ක්‍රමය එයයි.

:       4       0

Walter WhiteMonday, 16 March 2020 08:39 AM

ඔය පර්යේෂණ මධ්‍යස්තානද, මොකක්ද බම්බුව අටවාගෙන තියෙන්නේ ටුවරිස්ට්ලාගෙන් සල්ලි ගරන්න.. බිත්තරවලින් ආවාම ඔවුන් එකතු කරගෙන සති ගණන් තටාකවල තියාගෙන ටුවරිස්ට්ලාට පෙන්නවලා සල්ලි ගරනවා. ඒවා නොකරනවා නම් පෙන්වන්න දෙයක් විදිහට තියෙන්නේ උත්පත්ති ආබාධ තියෙන සත්තු ටික... අල්බයිනෝ සත්තු හිටියොත් නම් කල්ල මරේ, කියුට් නේ මේ පොඩි අය, ආබාධිත අයට වැඩිය හොයන්න පුළුවන්... ඕවා ඇතුළට යන්නත් එන්ට්‍රන්ස් ෆී ගෙවන්න ඕනෑ... ඩොනේෂන් කියලත් ගාණක් කඩනවා. අවුරුදු මිලියන 100ක් විතර ඔය සත්තු හිටියේ නර්සරි නිසාද? ඔය නර්සරි වලින් කරන්න ඕන බිත්තර දාන තැන් ආරක්ෂා කරන එක, ඔය නර්සරි වල සිමෙන්ති ටැංකිවලට සත්තුන්ගේ තුවාල හැදෙනවා. පරණ වතුර නිසා බැක්ටීරියා වලින් රෝග හැදෙනවා, නියම ක්‍රමය නම් සත්තු බිත්තරවලින් ආවම මුහුදට යවන එක...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site