යාපනයේ කල්ලි දෙකක් ගැටේ යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 24 January 2023
තෙල් බවුසරය බත්තුළුඔයේ ගසාගෙන යයි බත්තුළුඔයෙ ආරක්ෂීත පැති බැමි කඩාගෙන ගොස් බත්තුළුඔයට ඇද වැටුන ඉන්දන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ගයෙ පාලමේ සිරවි නැවති ඇතැයි මුන්දලම පොලිසිය කියයි. 24 January 2023
කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි ‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 23 January 2023
වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි. 23 January 2023
ඩුබායි - ඉන්දියා ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් ගැටගසා සෙත් පතති දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරිකයෝ පිරිසක් දඹුල්ලට පැමිණියහ. 23 January 2023
සමුද්‍රදේවී කළුතරින් පීලි පනී සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය. 23 January 2023
රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හය දෙනකු අඩුම තරමේ 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2023
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක් පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ 20 January 2023
වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගේ පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් විසින් පැය පහකට පමණ පසු නිදහස් කර ගනු ලැබීය. 19 January 2023
කොටහේනේ වෙඩි තැබීමක් කොටහේන 6 වෙනි පටුමගේ දී සුඛෝපභෝගී මෝටර් රථයක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. 18 January 2023
කණුවට බර වූ දුම්රිය අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත. 18 January 2023
සරසවි සිසුවාගේ පිහි පහරින් සිසුවිය මරුට කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි. 17 January 2023
සීතාවක ඔඩිසි’ ගමන අරඹයි සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය. 15 January 2023
කසුප් රජුගේ සඳලුතලයේ සිට ඉර සේවය බලන්න අවසර සීගිරිය පව්ව මත සිට දිනපතා ඉරපායන දසුන හා ඉර බැසයන දසුන නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වේ. 15 January 2023
රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක් ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය. 14 January 2023
අලි තිදෙනා පුලතිසි පීලි පන්නති හබරණ ගල්ඔය අතර දුම්රිය මාර්ගයේ හතරැස් කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් අලි තිදෙනකු දුම්රියේ ගැටිමෙන් දුම්රිය පිළි පැනිම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමල දුම්රිය කොළඹ අතර ධාවනය තාවකාලිකව අත්හිටුවිමට සිදුවි ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 13 January 2023
පාස්කු දා මියගිය සිය ආදරනීයයන් සිහි වී පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරු 12 January 2023
කොටි ආයුද ගබඩාවක් සොයා කොකුවිල් පොලොව හරයි යාපනය කොකුවිල් ප්‍රදේශයේ පොලොව යට කොටි ත්‍රස්තවාදීගේ ආයුධ ගබඩාවක් තිබූ බව කියන ස්ථානයෙක් කැනීමක් සිදුකිරීමට කෝපායි පොලීසිය විසින් පියවර ගත්තේය. 11 January 2023
වැඩිකළ විදුලි බිල වහා හකුලා ගනිව් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (10) දිවා විවේක කාලයේදී විරෝධතාවක් පැවැත්වීය. 10 January 2023
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ. 09 January 2023
රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති. 09 January 2023
ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි. 08 January 2023
ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත. 08 January 2023
කෝච්චිපාර ගලවන්න පෙර තිසරණයේ ආශිර්වාද පතා මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මැදවච්චියේදි ආරම්භ කෙරිණි. 08 January 2023
හොරෙන් ගෙනා රතු සීනි තොගයක් රේගුව අල්ලයි සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී අද (6) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ. 06 January 2023
දුරුතු පෙරහරේ තෙවැනි වීථි පෙරහර වීදි සංචාරය කරයි කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පුජෝත්සවයේ තෙවැනි වීථී පෙරහැර අද (05) වීදි සංචාරය කළේය. 05 January 2023
ඩේවිඩ් කැමරන් වරාය නගරය නරඹයි ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සංචාරයක නිරත විය. 05 January 2023
මුදලිගේ යළි රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය. 05 January 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026