
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරිකයෝ පිරිසක් දඹුල්ලට පැමිණියහ.
දඹුල්ල මහ නගර සභාව මගින් වසර කිහිපයක සිට පවත්වාගෙන යන කාබනික පොහොර ව්‍යාපෘතිය සහ ඉදිකිරීමට යෝජිත සංචාරක මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙන්ම ඉන්දියානු සමාගමක් සහ ඩුබායි සමාගමක් එක්ව අක්කර පහක පමණ නියාමන ව්‍යාපෘතියක් ලෙස දඹුල්ලේ ආරම්භ කළ පැන්ඩා උණ වගාව නිරීක්ෂණය කිරීම ද සිදු විය.
ඉන්දියාවේ හයිද්‍රාබාද් පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයකු වූ රාම් සුබ්‍රමනියම් (rama Subramanian) , මෙන්ම ඩුබායි හි ව්‍යාපාරිකයන් දෙදෙනකු වන අහමඩ් අල් අලී( ahmed al ali) සහ මොහොමඩ් ජබර් (mohmed jabar) මෙසේ පැමිණ සිටිති.
ලංකාවේ අක්කර 2000 උණ වගා කිරීම සඳහා ඔවුන් සැලසුම් සකස් කොට ඇතැයි සඳහන් කර සිටිති.
පසුව මෙම කණ්ඩායම දඹුල්ල උයන් වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටිටා ඇති ශ්‍රී ජිනරතන ළමා නිවාසයේ සිටින කුඩා දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම මෙන්ම උයන්වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන සාමණේර භික්ෂු පුහුණු ආයතනයට මූල්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
මෙහිදී ඩුබායි ජාතික ව්‍යාපාරිකයන් රංගිරි දඹුලු රජමහ විහාරස්ථ උයන්වත්ත පුරාණ රජමහා විහාරාධිපති හල්මිල්ල වැවේ පෙමරතන හිමියන් ගෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් නූල් බැඳ ගැනීම විශේෂත්වයක් විය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කරගෙන නූල ඉනටත් බඳී .අපේ එවුන්ට ඉතින් මේක මාර ලොකු සීන් එකක්
පටන් ගන්නකොටම ගෝපයියෙක් එළියට පැන්නා.
කුහක හා කාලකණ්ණි කමට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැහැ.
ඔන්න චන්න ජයසුමනට හොඳ අවස්තාවක් මැතිවරණ සටන් පාටය සඳහා. ඔහුට දැන් කියන්න පුළුවන් අන්න අරාබි ආක්‍රමණය කියල.
නන්දසේනයා හිටියානම් ජාතිවාදය අවුස්සලා රටට නිකන් හම්බවෙන එකත් නැතිකරනවා
ලන්කාවට පැන්ඩා උන ගස් මොකටද? ඔන්න අලුත් හොර වැඩක්. . මෙහෙ හදලා චීනෙට යවනව කියලද කියන්න හදන්නෙ? මොකද්ද මෙ කරන්නෙ? 69 ලක්ශයක් හරකුන්ට කන්නද?
හැමදෙයටම හරාම් කියන එකාලට විවිඩ ආගමික වතාවත් සහ විශ්වාසයන් හමුවය් කටයුතු කල යුත්තෙ කෙසේදැයි කියාදෙන හොඳ ආදර්ශමත් ක්‍රියාවක්.
අක්කර 2000ක උණ වගා කිරීම?? කාගෙ උණක් ද මේ.. අපේ රටේ උන්ට මොකෙක් හරි කමක්නෑ.. සල්ලිටිකක් අරන් එනවනම් ඒකට කෙළ හලන්න විතරයි දන්නෙ.. දැන් ඉතින් ඕක වගාකරන්න, කොහෙ හරි කැලෑවකට කෙළල දායි..
අරාබි මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෝ පිරිත් නූල් බදිනවද? මේ ව්‍යාපෘතිය මැද්දට සාදු පැනලා මක් කොරනවද….?
ඔය කසල කළමනාකරණය කියන එක කරනවානම් දන්නා උගතුන් ඕනි තරම් ඉන්නවා. ඒත් වෙලා තියෙන්නේ කිසිම බලධාරී එකෙකුට ඕක දිගටම කරගෙන ගිහින් සාර්ථක මට්ටමට ගේන්න උවමනාවක් නැති කමයි. බොහෝ කාලයකට පෙර සිටත් ජර්මනියේ නගර වල බස් ධාවනය වන්නේ කසල වලින් හදන ජිව වායුවෙන්. ඒ රටවල් වල කසල දිරා පත් වෙන්න ඕනි කරන පරිසර උෂ්ණත්වයත් නැතුව තියෙද්දී තමයි ඒ බාධක මග හැරගෙන පොලොව යට උෂ්ණත්වය යොදාගෙන ඕව කරන්නේ. අපි සියලු සාධක යහපත්ව තියෙද්දිත් කිසි දෙයක් හරියට කරගන්න බැරුව එකම තැන පල් වෙනවා. මේ එන මිනිස්සු කසල වලින් ගෑසුත් හදලා පෝරත් හදලා ඒවත් පාවිච්චි කරලා අපේ වනාන්තර වලින් අක්කර 2000ක් උන ගසුත් වවලා ඒවත් විකුණලා ලාභ අරගෙන අපිට ඩොලරයක් වත් දීලා යයිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මොකද ඕකමනේ උනේ මහා ලොකුවට හම්බන්තොට වරායක් හදලා අන්තිමට රටේ භූමියත් නැහැ වරායත් නැහැ ඩොලරුත් අපිට නැහැ.