
(සුමිත් පොතුපිටිය)
සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී.
එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාදවිම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල විය යුතු නැත.මේ අද දවසට සිදුවන පළමු පීලි පැනීමයි .අනෙක් පීලි පැනීමෙන් දවස ඇතුලත සිදුවෙයි
ඉස්සර කලාතුරකින් තමයි කෝච්චි පීලි පැනීමක් අහන්නේ. දැන් නම් දවසකට එක කෝච්චියක් වත් පීලි පනින්නේ නැත්නම් හිතට මොකද්දෝ වගෙයි.
දවසක විශාල ජීවිත ප්‍රමාණයකුත් නැති කරගෙන තමයි ඔය පීලි පැනීම නවතින්නේ
කලින් හිටපු කෙනා අපි තමයි හොඳටම කලේ කියලා ධූරයත් දාල රටිනුත් පැනල ගියා. දැන් ඉන්න කෙනා හොඳ පළපුරුදුයි, පරිණතයි කියලා කියමින් ජනාධිපති කරාට, දිනපතා මොනවා හරි සිදුවීම්. එක්කෝ පීලි පැනීම්, එක්කෝ වෙඩි තැබීම් හෝ අල්ලස් හෝ දුම්රිය සේවය අවලංගු. මේ දිනපතා ලක් වෙන පීලි පැනීමට හරි විසඳුමක් සොයන්න බැරි නම්, මෙම පරිණතයාගෙන් වැඩක් තියෙයිද .
කලබල වෙන්න එපා ආයතනයක් පුද්ගලික කරන්න පෙර ඔයවගේ සිදුව්ම් වෙනව ඊට පස්සෙ මේක ගොඩගන්න විශාල පිරිවැයක් යනව ඊටවඩා ලාබයි කොටසක් රජයේ පුගලික කරන එක කියල හම්බකරන්න පුලුවන් කොටස විකුනල පාඩු කොටස තියාගන්නව. කවඩහරි මුලු රටම විකුනනව මිනිස්සුන්ට නොකියම මිනිස්සුත් එක්ක වහල්කමට. ඊට කලින් පුලුපුලුවන් උදවිය එකතුවෙලා 74ක සාපෙ ඉවරකරල දාන්න දේශපාලන කූඩැල්ලන් එක්කම. ඒකයි එකම විකල්පය. පක්ශ පාට නැතුවම දැනට ඉන්න 225 එක්ක එන්නබැරුව හැලිල ඉන්න සෙට් එකත් එක්කම.
බන්දුල අමාත්‍යංශය භාරගත්ත දවසේ ඉඳලා හැමදාම දුම්රියක් පීලි පනිනවා.