
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය පව්ව මත සිට දිනපතා ඉරපායන දසුන හා ඉර බැසයන දසුන නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වේ.
අලුයම 5.30 සිට රාත්‍රී 09 පමණ වනතුරු මේ සඳහා අවසරය ලබා දෙන බව ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් සීගිරිපව්ව වෙත පැමිණි බුද්ධද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථාන හරහා දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කොට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන අතරතුර සීගිරිය නැරඹීම් සහ සීගිරිය පව්ව මත ඉහල මාලයේ සිට ඉර පායන දසුන් නැරඹීම්ට මෙදින සිට ඕනෑම දෙස් විදෙස් සංචාරකයන්ට අවසර තිබෙන බවත් තමන්ද මෙම අත්දැකීම පලමු වරට විඳ ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය.
අලුයම පහයි තිහට ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත කිරීමෙන් අනතුරුවව අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විදේශීය සංචාරකයන් කීප දෙනෙකු ද සමඟ සීගිරි පව්ව මතට ගමන් ආරම්භ කරන්නට විය.
සීගිරි පව්ව මතට ගිය කණ්ඩායමට උදෑසන හය පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී ඉර පායන දර්ශනය වන්නට පටන් ගත් අතර ඉර සේවය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි විදේශීය තරුණියන් දෙදෙනකු එහි චමත්කාරය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ජීවිතයේ ලද ඉතා අපූරු අත්දැකීමක් මෙය බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JVP it is time to Strike ... these things re not good for your future politics
දැන් ඔච්චරද අපිට අඩු..? බඩගින්නේ වේලි වේලි නොමිලේ ඉර නගින හැටි බලන එක දැන් හුඟක් ගෙවල්වල සිදුවන දෙයක්...!
සුද්දන්ට ඕක පෙන්නලා ඩොලර් හිඟා කන්න වැඩපිලිවෙලක්. ඕකම කරන්න සිරිපාදෙටයි පිදුරුතලාගලටයි අනිත් කඳු මුදුන්වලටත්.
ගනේගෙඩ, ලාල් ඉතින් මොකෝ, විදේශිකයන් සතුටින් ඒ දසුන් විඳිනව නම් රටේ අගතිය, විනාසයම පතන ඈයින්ට හරි යන්නේ පාර දිගේ යන්න දිවිය පුරාවටම නැත්නම් දසක 6 ක් තිස්සේ මේ කෑගහන හැටියට මොකද කලේ
අමතිලගේ, ජනාධිපතිගේ, අගමැතිගේ, නැද්ද මොනවා හරි පෙන්නලා බැරිද කියියක් හරි හොයාගන්න.?
ඕකනම් මොකක්ද කේබල් කාර් සර්විස් එකක් පටන් ගන්න සිරිපාදෙට අනෙක් කඳු ආශිතව ඒ වගේම 24 පැයේම ඕවා ව්වෘත්ත කරලා තියන්න.