
(යොහාන් භාසුර)
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතය.
දුම්රිය පළමු ධාවනය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බොරු වැඩක් . පාදුක්ක කොහිද සංචාරකයෝ යන්නේ . නුවර, අනුරාධපුර , බදුල්ල , ගාල්ල ඇත ඇරලා පාදුක්ක වගට දැම්මේ කාට හරි ලොකු පුටුවක අයට ගෙදර යන්න එන්න.
මේකත් බන්දු මාමාගේ 2,500න් කන්න දුන්නා වගේ වැඩක්... මෙහෙමත් තමුන්ගේ පුහු දේශපාලනය වෙනුවෙන් ජාතික ධනය විනාශ කරන්නන්...!
ඕක විවෘත කරන්නත් ඇමැති කෙනෙක් ඕනෑද? විකාර...
මෙය අසාර්ථක වන බොරු වැඩකි....
නොදකින්...!
දුම්රිය පාපුවරුව සහ අංගණය අතර පරතරය ඉතාම අවදානම් ... මෙය අඩුකරන්න කෙනෙක් දෙපාර්තමේන්තුවේම නැතිද? ජනතා ආරක්ෂාව ගැන නිකමටවත් හිතන්න බැරි ජාතියක්...
විශාල පාඩුවකින් පසු මාසයක් තුළ අවසන් වන තවත් ලාමක මොන්ටිසෝරි වැඩක්...!
කාර්ය මණ්ඩල හිඟවීම නිසා අත්‍යාවශ්‍ය ගමන් වාර 31ක් අවලංගු කොට අනවශ්‍ය දුම්රියක් වෙනුවෙන් මුදල් කාබාසිනියා කරනවා.
මගීන් නැතිනිසා ළඟදීම නතර කරන්න වෙයි...
මෝඩ ඇමතියාගේ තවත් අනවශ්‍ය වැඩක්.
වග වෙත නව මාර්ගය සහ රේල් සුඛෝපභෝගී දුම්රිය අගය කරමු.
මේ අය කන්නේ බත්ද කියලා තමයි මට සැක...
අනෙක් දුම්රියවලටත් වායුසමීකරණ කළ මැදිරියක් බැගින් විශේෂ ගාස්තුවත් යටතේ එක්කරලා බලන්න. මාර්ග කීපයක සාර්ථක වෙන්න පුළුවන්.
කරොත් කරන්නේ හොර මගඩි, වංචා, තක්කඩි වැඩ, එහෙම නැත්නම් තුට්ටු දෙකේ පීචං වැඩ. මරි මෝඩ මැටි මෝලෙක්. සංචාරක කර්මාන්තය දියුණු කිරීම කරන්න ඕනේ නම් දාන්නකෝ පාසිකුඩා පැත්තට කෝච්චියක්. එහෙම නැතිව වග පැත්තට සංචාරකයින් ගිහින් රබර් කිරි කපන්නද? මෝඩ මැටි උලමා ටියුෂන් දීපු අයට මොනවා වුණාද දන්නේ නෑ. අනික කෝච්චියක් අලුත් ගමන් වාරයක් දාලා ඒක විවෘත කරන, ඒ සඳහා තව තවත් ජනතා බදු මුදල් වියදම් විනාශ කරන ගොන් තඩියන් ඉන්න ලෝකේ එකම රට මේ අම්මට සිරි ලංකාව වෙන්ටැති. මිනිස්සු බන්දුලගේ මව් පියෝ සිහි කරන එක නවත්තන්න පුළුවන්යෑ ඉතින්.
ඇත්තෝ කති බොති. නැත්තෝ සුසුම් ලති. සුද්දා හදාදුන් කැළනිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඉදිරියට තිබුණු ඕපනායක දක්වා කොටස දේශපාලන හිතවතුන්ට ලොරි යොදාගෙන ආදායම් ලැබීමටත් දුම්රිය මාර්ගයේ මැණික් ගැරීමට අවශ්‍යතාවත් මත සමගි පෙරමුණේ රජය 1976 වර්ෂයේ හෝ ඉන්පෙර වසා දැමීමට එකල පාර්ලිමේන්තුවේ සිටි දැනටත් පාර්ලිමේන්තුවේ සිටින ආදී මන්ත්‍රී පිරිස කටයුතු කළා...
රටේ වැදගත් නිල උත්සව වලට යද්දී වත්තේ පොල් අහුලන්න යනගමන් වගේ නැතුව ඇමතිලටත් හරියට නිල ඇඳුමක් ඇඳගෙන යන්න අනිවාර්‍ය කලානම් නරකද.?
නිකන් බොරු වැඩ.
ජාතික අපරාධ....... පාරවල් පාට කලා වගේ වැඩක්....
ඕක කොහොමත් යන එකක් .බැනර් එක විතරයි අලුත්
මංගල ගමනෙන්ම වැඩේ අවසන්.මේවා බොරු වැඩ .කාර්යාල,දුම්රිය නැතුව මොන ඔඩිසිද
මේ වගේ දේවල් කරන කොට ඩොලර් ගන්න විදියට කරන්න .එක කෝච්චියක් ඔඩිසි කියලා වෙන්කරගන්න.ඒක හිල්ටන් එක ලග ස්ටේශන් එකෙන් පටන් ගන්න .එක දවසක් සීතාවක අනෙක් දවසෙ පින්නවල ඔය විදියට කෙටි දුර සතියෙ දවස් 7ට trip 7 ක් ඩොලර් වලට සෙට් කර ගන්න හොටල් වලට කතා කරලා
අනේ ඉතින් ලොකු වැඩක් කරලා.
දිනපතා රැකියාවලට යන මගීන්ගේ දුම්රිය වාර අවලංගු කරලා, මේ මොකක්ද නටන නාඩගම? අනික අලුතෙන් දුම්රියක් පටන් ගත්තාම ඒකට දේශපාලන පිස්සෝ සහභාගී වෙන්නේ මේ ගවයින්ගේ රටේ විතරයි.. ඇත්තටම ඔයාලට මොකද මේ වෙලා තියෙන්නේ ???