හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් හෙට(20) මධයම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි.