ගජමුතු ලක්ෂ 50 කට අලෙවි කරන්න ආ දෙදෙනෙක් අත්අඩංගුවට ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරීම සඳහා පැමිණි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ දී අද (5) ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 05 June 2018
ත්රස්තවාදීන් විරුවන් නම් ඔවුන්ගේ මිලේච්ඡ ක්‍රියාවල වගකීමත් ගත යුතුයි - පාඨලී ත්‍රස්තවාදී න් විරුවන් ලෙස සමරන පිරිස් ත්‍රස්තවාදින්ගේ මිලේච්ඡ ක්‍රියාවල වගකීම දැරිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 05 June 2018
කෝටි 2 අල්ලස් සිද්ධියට සම්බන්ධ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට රුපියල් කෝටි දෙකක අල්ලස් සිද්ධියට අදාලව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 05 June 2018
නියෝමාල්-එමිල් යළි රිමාන්ඩ් බන්ධනාගරයේ රඳවා සිටි රැදවියන් 31 දෙනකු ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂි බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා ලබන 19 දක්වා රක්ෂිත බන්ධානාධගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 05 June 2018
ජොන්ස්ටන්ට එරෙහිව සාක්කි දෙන්න හිටපු ජනපති ලේකම් එයි සිය වත්කම් බැරකම් ප්‍රකාශන නිසි බලධාරීන්ට ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුවට සාක්කි ලබා දීමට හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද පෙනී සිටියේය. 05 June 2018
දෙමළ ජාතික සන්ධානය මහවිරු සාමාජිකයා සමරයි කොටි සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මිය ගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. 05 June 2018
වව්නියාවේ තෙල් කම්හලක් ගිනිගනී වව්නියාව වෛරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි විවිධ වර්ගයේ තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ඊයේ (4) රාත්‍රීයේ ගිනි ගැනීමෙන් විනාශ වූ බවට වව්නියාව පොලීසිය පවසයි. 05 June 2018
දුම්රිය ගේට්ටු මුරකරුවෝ වර්ජනයකට සැරසෙති රුපියල් දෙසිය පනහක දෛනික වැටුපකට තව දුරටත් සේවයේ යෙදීමට නොහැකි බැවින් තම සේවය ස්ථිර කර දෛනික වැටුප වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් තුන්දහස් හත්සියයක් පමණ වන සියලූම සේවකයින් තම සේවාවලින් ඉවත්වීමට සැලසුම් කර ඇතයි ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි. 05 June 2018
බැඳුම්කර වාර්තාවේ අප්රකාශිත පිටු කතානායකට බැඳුම්කර කොමිසම් වාර්තාවේ අප්රකාශිත C 350 සිට C 360 දක්වා පිටු ජනාධිපති කාර්යාල නිලධාරියකු විසින් කතානායකවරයා වෙත මේ වන විටත් බාරදී තිබේ. 05 June 2018
තනි රෝදෙන් යතුරුපැදියේ ගිය තරුණයාට ලක්ෂයක් දඩ වයික්කාල අලුත්තොට මාර්ගයේ මහජනයාට පීඩාවන ආකාරයෙන් යතුරුපැදියක් පදවා මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක ගැටී එහි ගමන් ගත් කාන්තාවකට හා කුඩා දරුවෙකුට තුවාල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයකුට මාරවිල මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා රුපියල් 104,000 දඩයක් නියම කළේය. 05 June 2018
සමරිසි ඇසුර පිහි ඇනුමකින් කෙළවර වෙයි මාතලේ නගරයේ අවන්හළක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ පොලිසිය පවසයි. 05 June 2018
ට්‍රම්ප් - කිම් හමුව ස්ථීරයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී එරට වේලාවෙන් උදෑසන නවයට (ග්‍රිනිච් වේලාවෙන් පැය 0100) ට පැවැත්වෙන බව ධවල මන්දිරය සඳුඳා (5) නිවේදනය කළේය. 05 June 2018
දකුණෙන් ඉන්ෆලුවන්සා රෝගීන් 3000ක් - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දකුණු පළාතෙන් ඉන්ෆලුවන්සා රෝගී මරණ 13ක් මේ වන විට වාර්තාවී තිබෙන බවත් ඉන්ෆලුවන්සා රෝගයේ ලක්ෂණ සහිත වූවන් බවට සැකකෙරෙන 3000ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය. 04 June 2018
සංචාරක අමාත්‍යංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙක් සංචාරක අමාත්‍යංශය සඳහා නව අධීක්ෂණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද (04) පත් කරනු ලැබ ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි. 04 June 2018
දුටුගැමුණු අරණ්‍ය සේනාසන භූමියේ ඒකාබද්ධ පරීක්ෂාවක් ඓතිහාසික විජිතපුර දුටුගැමුණු අරණ්‍ය සේනාසන භූමියේ පිහිටි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් කඳුවැටිය ආශ්‍රිතව බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන සිදුකර ඇති හෙලි පෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ ආයතනික පරීක්ෂාවක් අද (04) පැවැත්විණ. 04 June 2018
තලවාකැලේ නගරාධිපති ඇතුලු 4ක් රිමාන්ඩ් ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල , නාගරික මන්ත්‍රි ඉෂාර අනුරුද්ධ මංචනායක, ජයන්ත පිරිස් සහ එච් .ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු චමෝද් ජයසේකර මහතා අද (04) නියෝග කළේය. 04 June 2018
ජල සම්පාදන සේවයින්ගේ වැඩවර්ජනය අසාධාරණ බව ඇමති හකීම් කියයි ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ට ඉකුත් අවුරුදු තුනක කාලය තුළ සියයට පනහකින් වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙන අතර වැඩවර්ජනයක් කිරීම අසාධාරණ බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය. 04 June 2018
විදුලි සේවකයින්ට පහර දුන් 5 දෙනෙක් අත්අඩංගුවට විදුලිබල මණ්ඩල සේවකයින් දෙදෙනකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනකු අද (04) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසිය කියයි. 04 June 2018
කොමිසමේ බලය ගත් පොලිස්පති පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කරයි වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 04 June 2018
වෛරස් උණ තත්ත්වයක් නිසා මාතර පෙර පාසල් සතියක් වසා තබයි මේ දිනවල පැතිර ඇති වෛරස් උණ වසංගතය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා තෙක් සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමයේ ලේකම් ප්‍රින්සී තමරා මනෝරී ඉලංගම්ගේ මහත්මිය අද (04) පැවසුවාය. 04 June 2018
අමාත්‍යංශ 8 ක අක්‍රමිකතා ගැන හොයන්න ලේකම්වරුන්ට නියෝග ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 08ක සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සඳහන් පුර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 04 June 2018
කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොවිජන මන්දිරය යළිත් ඉල්ලයි බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා නැවත ලබාදෙන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 04 June 2018
ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහි විරෝධතා පෙළපාලි ගිය එකම රට ලංකාව- ජනපති ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහිව විරෝධතා පෙළපාලි ගිය එකම රට ශ්‍රී ලංකාව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) කෑගල්ලේදී පැවසීය. 04 June 2018
’2020 ජනපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන්නේ නායකත්වයයි’ - අකිල 2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකත්වය බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධය හමුවකදී අද (4) පැවසීය. 04 June 2018
රුපියල තවත් බහී රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පසුගිය සිකුරාදා (1) ඩොලරයට සාපේක්ෂව 159.61 ක් දැක්වුණු රුපියලේ අගය අද (4) ඩොලරයට සාපේක්ෂව 159.84ක් දක්වා පහළ ගියේය. 04 June 2018
ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයට සක්‍රයාගෙන් වරම් ඕනෑ - රෝහිත සක්‍රයාගෙන් වරමක් ලැබුණහොත් පමණක් ප්රතිසංවිධාන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයාට හැකියාව ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (4) පැවැසීය. 04 June 2018
එජාප මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කෙරේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කිරීමේ වැඩසටහන පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී අද (04 ) මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 04 June 2018
රජයේ විධායක නිලධරයෝ වර්ජනයකට සැරසෙති රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට බලපාන ප්‍රධාන ගැටලූ විසඳීමට රජය වහා කටයුතු නොකළ හොත් ඉදිරි සති කිහිපය තුළ වර්ජනයකට යාමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත. 04 June 2018
දරුකමට හදාගන්න දුන් දරුවන්ට ඩීඑන්ඒ දත්ත බැංකුවක් පිහිටුවන්නැයි ඉල්ලීමක් දරුකමට හදාවඩාගැනීම සඳහා විදේශිකයන්ට දරුවන් දුන් මව්වරුන්ට සිය දරුවන් සොයාගැනීම සඳහා නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් ඩී.එන්.ඒ දත්ත බැංකුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ යැයි ‘දරුවන් සොයන ශ්‍රී ලංකා මවුවරු’සංවිධානය පවසයි. 04 June 2018
නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ඇතුළු හය දෙනාගේ මූල්‍ය වංචා නඩුව කල්යයි මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැලිය මීගමු නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව ලබන අගොස්තු 09 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (04) තීරණය කළේය. 04 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026