ආරක්ෂක අංශ සමඟ කල්මුණේ ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලදී තම සාමාජිකයන් තිදෙනකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් බව අයි.එස්.අයි.එස්. සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම පිරිස බෝම්බ පුපුරුවා ගනිමින් මරුමුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ අතර පැයකට ආසන්න කාලයක් පැවැති වෙඩි හුවමාරුවකින් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
අයි.එස්.අයි.එස්. සංවිධානය එම පිපිරීම්වල සහ වෙඩි තැබීම්වල වගකීම බාර ගත්තේ ඊයේ (27) ය.
“ස්වයංක්‍රීය ගිනි අවි රැගත් අපේ සාමාජිකයන් සහ පොලිසිය අතර ගැටුමක් ඇති වුණා. ගැටුම්වලින් පසුව ඔවුන් සියල්ල පුපුරුවා ගත්තා” යැයි අයි.එස්.අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය වාර්තා කර තිබිණි.
මෙම ගැටුම් ඇතිවූයේ පාස්කු ඉරිදා (21) දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී දින හයකට පසුවය. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ආරක්ෂක අංශ ඉස්ලාමීය අන්තවාදීන් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය.
බෝම්බ ප්‍රහාර එල්ල කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගෙන සිටින සහ්රාන් හෂීම් කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයකු බව පැවසේ.
ඔහු ජිහාද්වාදියකු ලෙස නම් කර ඇත.
(එන්.ඩී.ටීවී. ඇසුරිනි - 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පිළිගත්තත් නොගත්තත් අපේ හමුදාව තීරණය කරාවි කවුද ත්රස්තයා කවුද අහිංසකය කියලා