කල්පිටියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල ඇතැම් ප්‍රදේශයන්හී විදුලිය බිද වැටීම පැය 32ක සිට තවමත් පවතින බව කල්පිටිය පොලිසිය කියයි. 06 June 2018
රුපියල් ලක්ෂ 12ක් චීනයට ගෙනියන්න බැරිවේ ශ්‍රී ලංකා රුපියල් 12,75,000 ක් නීතිවිරෝධීව චීනය බලා රැගෙන යෑමට තැත් කළ බව කියන චීන ජාතික කාන්තාවක අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. 06 June 2018
ඇමතිට නිවැරදි තොරතුරු ලැබී නැතැයි දකුණේ සෞඛ්‍ය ලොක්කා කියයි ඉන්ෆ්ලුවන්සා රෝගය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව පිළිබඳ තමන් සතුව ඇති නිවැරදි තොරතුරු මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලැබෙන්නට නැතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය. 06 June 2018
බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ජූනි 28දා සිට ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් අලෙවිසැල දෙවැනි වරටත් ජූනි මස 28 වැනිදා ජුලි මස 8 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අද (6) නිවේදනය කෙරුණි. 06 June 2018
කර්තෘභාග වලින් අය කළ සියයට 14ක බද්ද අහෝසි නව දේශීය ආදායම් පනතට අනුව සිනමා කර්මාන්තයේ නියැලෙන්නන්, ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සහ ග්රන්ථ කතෘවරුන් සඳහා ගෙවන පුරස්කාරවලින් (කර්තෘභාගවලින්) අය කළ සියයට 14ක රඳවාගැනීමේ බද්ද අහෝසි කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා අද (6) පැවැසීය. 06 June 2018
මෙරටට ගෙන්වු ටින් මාළු කන්ටේනර්යක පරපෝෂිතයින් මෙරටට ගෙන්වනු ලැබූ ටින්මාළු කන්ටේනර් කිහිපයක සාම්පල් ශ්‍රි ලංකා සත්ත්ව පරික්ෂණාගාරයේ පරික්ෂා කිරිමේ දි ඇතැම් ටින් මාළුවල පරපෝෂිතයින් සිට බවට අනාවරණය වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 06 June 2018
ජනාධිපති නියෝගයට පිටින් තුන්දෙනෙක් රට යවලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) පිළිගත්තාය. 06 June 2018
මාධ්‍යවලට අඩත්තේට්ටම් කිරීම රජය අනුමත කරන්නේ නෑ - ආශු මාරසිංහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ටී.එන්.එල් නාලිකාව පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කටයුතු කළ අකාරය වැරදි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය. 06 June 2018
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහව යන ලකුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ හා අනිකුත් රෝහල්වල ඉන්ෆලුවෙන්සා රෝගි තත්වය නිසා රෝහල්ගතවන රොගින්ගේ පැහැදිලි අඩුවිමක් දක්නට ඇති බැව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. 06 June 2018
ජල සේවක වර්ජනය අවසන් මේ වසරේදී ලබා දිය යුතු වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස බල කරමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබු වැඩවර්ජනය අද (06) පස්වරුවේ අවසන් කෙරිණි. 06 June 2018
පුද්ගලයකු අතුරුදන් කළැයි කොස්තාපල්වරයෙක් රිමාන්ඩ් පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ පැමිණීල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාළ එවකට පිළියන්දල පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර ඇත. 06 June 2018
පෙපර්මින්ට් කියා පැරසිටමෝල් කෑ දරුවා මරුට පෙපර්මින්ට් යැයි සිතා චොකලට් සමඟ අධික ලෙස පැරසිටමෝල් පෙති ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (06) මිය ගොස් ඇති බව මස්කෙලිය පොලිසිය කියයි. 06 June 2018
නියෝජ්‍ය කතානායක වැඩ අරඹයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (06) පෙරවරුවේ සිය නිල කටයුතු පාර්ලිමේන්තුවේදී ඇරඹිය. 06 June 2018
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න හැදු පුද්ගලයෙක් අත්අඩංගුවට හෙරෝයින් මත් කුඩු ජාවාරමේ නිරත පුද්ගලයෙකු සහ ඔහු බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ කළ අයෙකු හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත. 06 June 2018
ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කීරීමේ සියයට 14 රඳවා බද්ද අය නොකිරීමට ජනපති උපදෙස් ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට අද (6) උපදෙස් දී ඇත. 06 June 2018
පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා - අගමැති පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 June 2018
‘ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළත් එයට අවමාන කළේ නෑ‘ තමන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සත්‍ය වුවත් තමා කිසිදු අවස්ථාවක ජාතික කොඩියට අවමානයක් සිදු නොකළ බවත් තමාට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ තමා ජාතික කොඩියට අවමන් කිරීමක් සිදුකර ඇති නම් පමණක් බවත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ලංකාදීපයට පැවසීය. 06 June 2018
‘දින 100 වැඩපිළිවෙළට පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වුණා’- රාජිත දින සියයේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වු බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. 06 June 2018
උතුරු අධ්‍යාපන ඇමැති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතාට ලබන 20 වැනදා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස අද(6)වනදා කැඳවීමක් සිදුකොට තිබේ. 06 June 2018
‘ඇමැති ලියුමට දුම්රිය රැකියා දුන්නා’ වෘත්තීය සුදුසුකම් නැති සේවකයින් දේශපාලන මැදිහත්වීමෙන් දුම්රියට බඳවා ගැනීම නිසා වෘත්තීය සේවක පුරප්පාඩු 6000ක් පමණ ඇති වී අදාළ වෘත්තීය හිස්වෙලා සමහර සේවකයෝ කල් මරනවා වගකිව යුත්තෝ අවශ්‍ය දේ පැත්තක දාලා අනවශ්‍ය දේවල් වලට අවධානය දෙනවා යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසීය. 06 June 2018
ටීඑන්එල් වැඩ යළි කරගෙන යන්න දෙන්න ඕනෑ - රාජිත ටීඑන්එල් රූපවාහිනියේ වැඩ කටයුතු යළි කරගෙන යෑමට හැකි ඉක්මණින් අවස්ථාව දිය යුතු බව තම පෞද්ගලික අදහස යැයි සෞඛ්‍ය ඇමැති හා කැබිනට් සම ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 06 June 2018
උතුරේ කැලෑ විනාශයට එරෙහිව විරෝධතාවයක් යුද්යෙන් විනාශ වී ඉතිරි වූ උතුරේ වනාන්තර විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් සිදු කරන විනාශය වහාම නැවත්වීමට උතුරේ සියලු ජනතාව එක්විය යුතු බව පවසමින් අද (6) කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ දී විරෝධතාවක් සංවිධානය කෙරිණි. 06 June 2018
හේම නලීන්ගේ මරණයට හේතුව මොළයේ රුධිර නාලයක පිපිරීමක් දක්ෂ වැඩසටහන් වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න (56) මහතාගේ මරණය මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් සිදු වු මරණයක් බව තීරණව වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 06 June 2018
රුපියල තවත් බහී රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (6) 159.88ක් දක්වා පහළ ගියේය. 06 June 2018
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ කොස්තාපල්වරයා යළි රිමාන්ඩ් වැලිඔය පොලිසියේ අත් අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානයතුලදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ මස 13 වන දින දක්වා තවදුරටත් රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළාය. 06 June 2018
උතුරු මහඇමැති තරුණ සංසදයක් හදන්න සුදානමක් යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි තරුණ සමුළුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය. 06 June 2018
ඉන්ෆ්ලුවෙන්සා පාලනයට සෑම පියවරක්ම ගන්නවා - ඇමැති රාජිත ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන වැරදි තොරතුරු හා සංඛ්‍යාලේඛණ ප්‍රචාරය වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද පැවසීය. 06 June 2018
හොරොව්පතාන ශ්‍රීලනිප මන්ත්‍රී විමලවංශ හිමියෝ අස්වෙති හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඉහළ දිවුල් වැවෙ විමලවංශ හිමියන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට දන්වා ලිපියක් අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉකුත් (1) බාරදී තිබේ. 06 June 2018
පොලිසියේදී අපයෝජනයට ලක්වූ දරුවා ළමා නිවාසයෙන් පැනයයි අධිකරණය ලබා දුන් නියෝගයක් මත පරිවාස බාරයේ රඳවා සිටි වැලිඔය පොලිස් ස්ථානය තුළ දී අපයෝජනයට ලක් වූ බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා අද (6) අලූයම ඔහු රඳවා සිටි අනුරාධපුර අශෝක ළමා නිවාසයෙන් පැනගොස් ඇති බව උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තෙමින්තුව කියයි 06 June 2018
‘කෙසෙල්වත්ත දිනුකගේ‘ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට සංවිධානාත්මය අපරාධකරුවකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. 06 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026