(පුෂ්ප කුමාර ජයරත්න)
කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.
කඩු 4ක්, ගිනි අවියක බැරලයක්, කිනිසි 2ක්, වායුරයිෆල් 1ක්, වෝකිටෝකියක කොටසක් , ව්‍යාජ රබර් සීල් 21ක්ද මේ අතර තිබී සොයා ගෙන තිබේ.
මෙම ව්‍යාජ රබර් සීල් අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ගේ මුද්‍රාව , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නිල මුද්‍රා සහ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුද්‍රා කිහිපයක්ද වේ.
පොලිසිය සැක කරන්නේ මෙම ව්‍යාජ මුද්‍රා යොදා ගෙන පොලිස් සහතික සහ විදෙස් ගත වීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගෙන ඇති බවය.
හමුදා නිලඇදුමට සමාන (කැමා ඇදුම් ) මසන ලද සම්පූර්ණ ඇදුම් කට්ටල 600 සමඟ යුධ හමුදා ඇදුමට සමාන රෙදි පීස් 05ක්ද සොයාගෙන තිබේ. මෙම සැකකාර පුද්ගලයන් සිව්දෙනාම එක ආසන්නයේම වෙසෙන අය බවද කියයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන විදිහට මුලු රමට බ්ලාස්ට් කරන්නද කොහේද යන්නේ......
හැම තැනින්ම අහුවෙන කඩු එක වගේ. එකම ජාතියේ ඒවා හදල හැම තැනටම බෙදල වගේ, මුන්ගෙන් තොරතුරු ඔක්කොම අරගෙන මරල දාන්න තියෙන්නේ.
අයිඑස් අයිඑස් අවුන්ට නිල ඇඳුම් තියනව , මරාගෙන මැරෙන ත්රස්තයෝ තමයි කළු අඳින්නේ , තුවක්කු අරන් හමුදා/පොලිසි එක්ක යුද්ද කරන ත්රස්තයෝ තමයි ඔය විදිහේ හමුදා ඇඳුමට සමාන නිල ඇඳුම අඳින්නේ
මොවුන්ව තියාගන්න පුළුවන් පැය 72ක් විතරක් කියලා කියනවා. දවස් 3ට මොන දෙයක් දැනගන්නද?
සයිමන් මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු.. උපරිමයෙන් තොරතුරු අරගෙන අල ගිය තැන මුල් ගිය තැන ඔක්කොම විෂබීජ නැසේන සේ පුළුස්සා දැමිය යුතුමය. එය රටකට කරන මහඟු සේවයක් මෙන්ම පිනකි. ඒවාට ඉතින් පතෝල මුදලාලිලා පාලන තන්ත්රණයේ නම් ඉඳලා වැඩක් නැත.
ඔවුන්ට හමුදව යනකොට පුපුරවාගන්න සලස්වන්න අමාරු නැහැ. ආයුධ පෙන්වීමක් කරන්නත් පුළුවන්..
මීළඟ ප්‍රහාර සඳහා හමුදා ඇඳුම් පැළඳගත් කණ්ඩායම් සහ සුදු ඇඳුම් ඇඳගත් කාන්තාවන් සහභාගි විය හැකි බවට විදේශ වාර්තාවල දක්වා තිබේ. මරාගෙන මැරෙන්න සූදානම් උම්මත්තකයන්ගෙන් බේරීම ඉතා අසීරු කාර්යයක් බවද කිව යුතුයි.
යකෝ මුන් අපේ ගම්වලටත් ඇවිල්ලද? ඉතිරි කරන්න එපා... මේ වගේ සුළු දේකට හරි සම්බන්ධ අයගේ දේපල සියල්ල රාජ සන්තක කර හමුදාව අයිතියට ගතයුතුයි.. අපේ රටේ ඉඳන් අපේ රට විනාශ කරනවා. ලේසියෙන් අතහරින්න එපා ..!
කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂ වීමට මූලික හේතුව වශයෙන් මම දකින්නේ.... ත්රසතවාදීන්ගෙන් රට මුදාගැනීම සඳහා ජාතිකත්වය අගයන විශාල පිරිසක් පෙරමුණ ගත් නිසා.... ඇතුගල්පුර ජනතාවට හමුදා නිල ඇඳුම් සාමාන්‍ය දෙයක් නිසා බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජය විසින් අලුතෙන් ඉදිකරන ලද පෝක්ස්වාගන් කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදන කරන ලද ප්‍රථම මෝටර් රථවල රියදුරන්ගේ ඇඳුම් සඳහා බව පිළිගැනීමට අකමැති නැති බව සාදරයෙන් දන්වමි