(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තහනමට ලක් කරන ලද ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියා කාරී සාමාජිකයන් ලෙස සිටී ඉංජිනේරුවරයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අද (29) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා අතර විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පුද්ගලයෙකු සහ කෝකියෙකු වන බව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහතදී මාවනැල්ල සහ නාවලපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ප්‍රශ්න කරන ජාතික තව්හිත් ජාමාත් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු හෙළි කළ තොරතුරු අනුව මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මෙම පුද්ගලයන් දෙහිවල කවුඩාන - හීල් වීදිය හා ශ්‍රී මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් සමාජය වේගයෙන් වර්ධනය වෙන නිසා එම සමාජය තුළ තරුණයන්ගේ අනුපාතය ඉහල අගයක් ගන්නේ.. මේ නිසා අත්දැකීම් සහ පරිනත භාවයෙන් එම සමාජය පහල මට්ටමක තියෙන්නේ. ඒ නිසාම ඔවුන් ආවේගශීලියි මෙන්ම ලේසියෙන් නොමග යන්න පුළුවන්. මේ කාරණය තමයි ඔය අන්තවාදී දේශපාලකයන් යොදා ගන්නේ මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තරුණයන්ගේ ඡන්ද.. නමුත් මුස්ලම් පල්ලිය මේ තරුණයන්ව යහමගට ගන්න උත්සහ කරන්න ඕනේ.. මෙයින් පෙන්නේ මුස්ලිම් පල්ලිය ඔවුන්ගේ වගකීම ඉටුකරලා නැහැ කියන එක තමයි.. අපිට හොදින්ම පේනවා මුස්ලිම් සමාජය තුලින් අන්තවාදී දේශපාලකයන්ව පාර්ලිමේන්තු එවන්නේ ඒ නිසා බව.. තමන් වපුරන දේ තමයි නෙලා ගන්නේ.. අද මුස්ලිම් සමාජය මේ නෙලාගන්නේ ඔවුන් විසින් වපුරපු දෙයමයි.. අන්තවාදී දේශපාලකයන්ට ඡන්දය භාවිතය දැන්වත් නවත්වන්න.. මෙය සියලු ජන සමාජයන්ට අදාලයි .