නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 08 June 2018
ප්ලාස්ටික් භාවිතය අවම කරීමට පියවරගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත් පරිසර දූෂණයට හේතුවන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන ඇති රටවල් පනහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. 08 June 2018
ආචාර්ය ස්මයිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් දුන්නේය. 08 June 2018
සභානායක මන්ත්‍රී වරප්‍රසාද ගැන කියා දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හමුදා ප්‍රධානියකු හමුවීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්නැයි යමෙකු පවසනවා නම් එය වැරදි යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2018
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා රිමාන්ඩ් බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (8) නියෝග කළේය. 08 June 2018
රාජ්‍ය ආයතන නිලධාරීන් 10 කට පශ්චාත් උපාධි සඳහා කොරියාවෙන් ශිෂ්‍යත්ව විවිධ රාජ්‍ය ආයතනවලින් තෝරාගත් නිලධාරීන් දස දෙනකුට පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/විද්‍යාපති) අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දහයක් පිරිනැමීමට කොරියානු රජය තීරණය කර තිබේ. 08 June 2018
ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් කෝටි 85 ක් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියානු ඩොලර් 700,000ක මුදලක් (රුපියල් කෝටි 84.5කට) ආසන්න මුදලක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 08 June 2018
නොරොච්චෝලේ උද්ඝෝෂණය අවසන් නොරොච්චෝල පිවිසුම් මාර්ගය අවහිර කරමින් අද (8) පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරතව සිටි 500කට ආසන්න පිරිසක් පස්වරු 12.30 ට පමණ පිවිසුම් මාර්ගය විවෘත කරමින් විසිර ගියහ. 08 June 2018
උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියා යන්න අවසර අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් මහතා ගම්මන්පිල මහතාට අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ සුව දුක් බලා ඒමට අවසර ලබා දුන්නේය. 08 June 2018
නිශ්ශංක සේනාධිපතිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම 19 වැනිදා විභාගයට තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 08 June 2018
ලක්ෂ 55 ක හෙරොයින් හංවැල්ලෙන් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 55 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2018
කළු ගඟේ ජල මට්ටම ඉහළට කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2018
මත්තලට දිනපතා ආ ගුවන් යානයත් නතර කරයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්රකාශයෙක් කීය. 08 June 2018
කොටි ආයුධ රැසක් කිලිනොච්චියෙන් මතු වෙයි කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් හමු වූ බව කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 08 June 2018
ටීඑන්ඒ මන්ත්‍රී සිවාජිලිංගම් අසනීප වී රෝහලේ දෙමළ ජාතික සන්ධානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පළාත් සභා මන්ත්‍රීවරයකු වන එම්.කේ.සිවාජිලිංගම් හට ඊයේ (7) රාත්‍රීයේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට යාපනය පොලීසිය පවසයි. 08 June 2018
නොරොච්චෝල විදුලි බලාගාරයට යන එන මං අහුරති සමස්ත කල්පිටිය අර්ධද්වීපයේම බ්‍රහස්පතින්දා රාත්රියේදී සිට විදුලිය බිඳ වැටීම සහ කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව විදුලිබල මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට විරෝධය පාමින් 500 කට අධික ජනතාවක් නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද (8 වැනිදා) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. 08 June 2018
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි. 08 June 2018
ජවිපෙ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කරන්න ශ්රීලනිපය සැරසෙයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයන කර තීරණයක් ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 07 June 2018
ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරද දී ඇතැයි වාර්තා වේ. 07 June 2018
තලවාකැලේ - නාවලපිටිය මාර්ගයේ වාහන ධාවනයට බාධා තලවාකැලේ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැටඹුලාව ප්‍රදේශයේදී අද (07) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ. 07 June 2018
වීසා නැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයකු අල්ලයි වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියන් ජාතිකයෙකු ගලහ පොලිසිය මගින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තොට තිබේ. 07 June 2018
නවක මන්ත්‍රීවරියන්ගේ පත්වීම නීත්‍යානූකූලයි - මැ.කෝ මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇතැයිද එහි කිසිදු ගැටළුවක් නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය. 07 June 2018
මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි නඩුව කල් යයි විදුලි ඉංජිනේරුවරයකුට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අගෝස්තු මස 28 වැනිදා දක්වා කල් තැබීමට හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (07) නියෝග කළේය. 07 June 2018
මහරගම නගර සභාවේ පෙරලියක් මහරගම නගර සභාවට තේරී පත්වු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙන අතර ඒ වෙනුවට ඡන්දයට ඉදිරිපත් නොවු කාන්තාවන් 6දෙනෙකු පත් කර තිබේ. 07 June 2018
සුජීව සේනසිංහ තොප්පිය දාගනී මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 07 June 2018
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය අද (07) සිට දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය. 07 June 2018
ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ලංකාවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන , විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ ) අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතියි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 07 June 2018
ආණ්ඩු වෙනසින් පසු සමහර වැඩ නැවතිලා - ආදිවාසී නායක මන්ත්‍රීවරැන් කාගෙන් හෝ මුදල් අරගෙන තිබෙනවා කියා ඔප්පු වී ඇත්නම් ඒ නම් ගම් හෙළි නොකිරීම ගැටලුවක් බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තෝ අද මහනුවරදී පැවසූහ. 07 June 2018
පාඨලී චම්පික ගොනුකර තිබූ අපහාස නඩු 2ක ඉල්ලා අස්කර ගනී තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් සහ රුපියල් මිලියන 500 ක් බැඟින් වන්දි අය කර දෙන මෙන් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් ඒ මහතා විසින් අද (07) ඉල්ලා අස්කර ගන්නා ලදී. 07 June 2018
වෛරස් උණ හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයත් වැහෙයි වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය අද (07) තීරණය කළේය. 07 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026