තැපැල් සේවකයෝ යළිත් වැඩ වරති තැපැල් සේවක ගැටළු සදහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 සේවකයෝ අද (11) පස්වරු 4 ට තම රාජකාරිවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුහ. 11 June 2018
’බැඳුම්කරේ හොරු අල්ලන්න හැදුවා මිස සල්ලි ගත්තේ නෑ’ - නලින්ද ජයතිස්ස බැඳුම්කර හොරු අල්ලන්න කටයුතු කළා මිස මා පර්පෙචුවල් සමාගමෙන් හෝ එයට සම්බන්ධ කිසිම වෙනත් ආයතනයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ කිසිම මුදලක් ලබාගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය. 11 June 2018
‘නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදුන් පෙන්ඩ්‍රයිව් සඳහා වැය වු මුදල් වැටුපෙන් අය කිරීමට යයි නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේදී ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ලබා දුන්‘පෙන් ඩ්‍රයිව්‘ එක වෙනුවෙන් වැය වු රුපියල් 950 ක මුදල ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පළාත් ආයුර්වේද කොමසාරිස් නිතීපතිට දැනුම් දී ඇත. 11 June 2018
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සිට නුවරඑළිය දක්වා ස්ථාන කිහිපයකම තවදුරටත් ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇත. 11 June 2018
සිල් රෙදි නඩුවේ ඇපෑලට අදාළ ලිඛිත දේශන සැප්තැම්බර් 5 දාට ඉදිරිපත් කරන්න නියෝග කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව සිටින හිටපු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනාවලට අදාල ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ අද (11) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව වලට නියෝග කළේය. 11 June 2018
ලක්ෂ 33ක මැණික් සඟවාගෙන සිටි අයෙක් තංගල්ලෙන් අල්ලයි තැරැව්කරුවෙකු ලෙස පෙනී සිට රුපියල් තිස්තුන් ලක්ෂ තිස්අටදහසක වටිනාකමකින් යුත් පැන්සි වර්ගයේ මැණික්ගල් තොගයක් සඟවා ගෙන සිටි පුද්ගලයෙකු එම මැණික් ගල්තොගය සමඟ තංගල්ල විශේෂ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2018
ගැටළු වලට විසඳුම් ඉල්ලා යාපනයේ ධීවරයෝ වීදි බසිති මරදන්කේනි වෙරළට පැමිණ සිටින සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් ඇතිවී ඇති නිසා එම ධීවරයින් වහාම ඉත් කරන ලෙස ඉල්ලා අද (11) යාපනය නගරයේ ධීවරයෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ. 11 June 2018
පර්පෙචුවෙල් සමාගමෙන් අල්ලස් ගත් නිලධාරීන්ට එරෙහි රාවණා බලයෙන් පැමිණිල්ලක් පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලක් කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් 11 June 2018
ප්‍රසන්නගේ බිරිඳට විදෙස් ගමන් බලපත්‍රය දෙන්න අවසර ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය. 11 June 2018
ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වයට සිංගප්පූරු ඩොලර් මිලියන 20ක් ඓතිහාසික ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වය දැරීමට පමණක් සිංගප්පූරුඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් වියදම් වන බවත් එසේ වුවත් ලෝක සාමය වෙනුවෙන් තමන් එම පිරිවැය දැරීමට සූදානම් බවත් සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් පවසයි. 11 June 2018
ලක්ෂ 80ක රන් බඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 11 June 2018
ලක්ෂ 18 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට යාපනය සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 08 යි ග්‍රෑම් 560 සමඟ පුද්ගලයකු වවුනියාව පුලියන්කුලම පොලිස් ස්ථානය අසලදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය පවසයි. 11 June 2018
දුමින්ද දේශපාලනයේ ඇත්ත වමාරයි පාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා ’’මචං බැන්නට ගණන් ගන්න එපා කියලා’’ 11 June 2018
මුලතිව් අණදෙන නිලධාරි මාරු ලබා යද්දී පුනරුත්ථාපන කොටි සාමාජිකයෝ හඬා වැටෙති යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණ දෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේ දී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද හඬා වැටුණහ. 11 June 2018
පොළොව නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ගෙන ගිය විශ්‍රාමික මේජර් අත්අඩංගුවට කොටි සංවිධානය සඟවා තිබෙන රත්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි විශ්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් පුද්ගලයකු 11 June 2018
‘දකුණේ වෛරස් උණ පාලනය වෙමින් තිබෙනවා ‘ . දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ තත්ත්වය මේ වන විට සියයට 75 න් පමණ පාලනය කර ඇතැයි දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය. 11 June 2018
පොලීසියෙන් මිදී පැන යන්න හැදු සැකකරු නිවසේ උඩු මහලින් වැටී රෝහලේ මත්කුඩු සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමයක් අද (10) සැකකරුගේ කොල්ලූපිටිය නිවසට ගිය අවස්ථාව් ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී නිවසේ දෙවන මහලින් පැන යාමට උත්සහ කළ අවස්ථාවේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලය ඇතුළත් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 10 June 2018
ට්‍රම්ප්-කිම් දෙදෙනාම සිංගප්පූරුවට පැමිණෙති ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවට පැමිණ සිටිති. 10 June 2018
උසස්වීම් වලට ලකුණු දීමේ ක්‍රමයෙන් පොලිස් උප සේවයේ සිටි අයට අසාධාරණයක් පොලිස් උප සේවයේ සිට 2006 වසරේ නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ පොලිස් සාමාජියන්ට උසස්වීම් ලබා දීමේ ඔවුන් සේවට බැදුණු දිනය සිට සේවා කාලය නොසලකා හැර අන්තර්ග්‍රහණය කළ දින සේවා කාලය වශයෙන් සලකා ළකුණු ලබා දීමේ කි‍්‍රයාවලින් එම පොලිස් නිලධාරීන් දැන් අපහසුතාවට පත්ව සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි. 10 June 2018
‘අපි කාගෙන්වත් තේ එකක්වත් බීලා නෑ‘-දඹර අමිල හිමි අපි වැරදිකාරයෝ කරන්න හදන ලාමක උත්සාහවල නිරත වෙන්න එපා. අපි කාගෙන්වත් තේ එකක් වත් බීල නැහැ. අපි ගත්තය කියන දෙයක් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියල අපි අභියෝග කරනවා. ’’ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ. 10 June 2018
බැඳුම්කර පරීක්ෂණ යට ගහන්න පාර්ශ්ව තුනක් බලපෑම් කරනවා - මහාචාර්ය විජේසූරිය බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කරන ආයතනවලට සිද්ධිය යට ගසන ලෙස පාර්ශව තුනකින් බලපෑම් කරන බවට ආරංචි ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කළේය. 10 June 2018
ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 16 ගෝඨා හමුවෙන්න යති අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ. 10 June 2018
බදු අඩු කරන්නැයි ඉල්ලා සති දෙකක් පෞද්ගලික සේවයෙන් ඉවත් වීමට වෛද්‍යවරු සැරසෙති වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන 24% ක බද්ද නැවත 12 % දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරු මේ මස 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වැළකී සිටීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති. 10 June 2018
තරුණයින් දෙදෙනකුට පහර දුන් ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේදී අද (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට පහරදීමෙන් එම තරුණයින් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය. 10 June 2018
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටු පා ප්‍රාථමික ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරලා - පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර අතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට තොරතුරු ලැබී තිබේ. 10 June 2018
කිම් ජොන් සිංගප්පූරුවට ළඟාවෙයි ඇමෙරිකාවේ ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට සහභාගී වීම සඳහා උතුරු කොරියා නායක කිම් ජෙන් උන් සිංගප්පූරුව වෙත පැමිණියේය. 10 June 2018
කරන්දෙණිය උප සභාපතිගේ පපුවට වෙඩි උණ්ඩ 7ක් වැදිලා කරන්දෙණිය ප්‍රාදේශිය සභවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා මියගොස් ඇත්තේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් බවට පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්වේ. 10 June 2018
උණ රෝගයෙත් තවත් දරුවන් දෙදෙනකු මරුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළඳීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 10 June 2018
අවුරදු තුනේ සිඟිත්තිය අපයෝජනය කළැයි ඥාතියා රිමාන්ඩ් වයස අවුරුදු තුනහමාරක් වයසැති දැරියක අපයෝජනය කළ ළඟම ඥාතියකු ලබන 20 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය . 10 June 2018
හෙට සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70 රට පුරා වෙසෙන ධීවරයන් ට සහනයක් වශයෙන් සලකා ඉහළ දමන ලද භූමි තෙල් මිල ලීටරයක මිල හෙට (11) සිට රුපියල් 70 ක් බව ධීවර හා ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පැවසීය. 10 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026