(නිමන්ති රණසිංහ)
නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ ඇමැති ආරක්ෂක ඒකයේ සේවය කළ බන්ධනාගාර ගත කර සිටි පොලිස්කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය.
රජයේ නිලධාරීන්ගේ නම් සඳහන් රබර් නිල මුද්‍රා 5ක් සන්තකයේ තබාගෙන සිටි බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඇප මත නිදහසු වූයේ මඩකලපුවේ පදිංචි මොහොමඩ් මරුෂුක් මොහොමඩ් රිස්වි නැමැති කොස්තාපල්වරයාය.
නඩුව ලබන මස 28 කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් ඇපත් ලැබුණා.
මාකඳුරේ මධූෂ් රට පැන්නෙ ඇප මත ඉන්නකොට. මේවා බරපතල කාරණා. බඩුත් එක්ක අහුවෙන වැරදි කරුවන් සමාජ ගත වුණාම කවුද මේවට වග කියන්නෙ
කූට ලේඛන සැකසීම සඳහා වෙන්න ඇති. අර පහුගිය දවස්වල දේශපාලකයා වගේ වරද පිලිගත්තාම නිදහස් කරාවි.