(ඩබ්. ඒ. පියතිලක)
කොටි ත්‍රස්තවාදීන් භාවිතා කළ බවට සැක කෙරෙන පුද්ගල නාශක බෝම්බ දෙකක් වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයේ මාර්ගයක් අසල දමා ගොස් තිබියදි අද (01) සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද නගරයේ සිට කිලෝමිටර් 28ක් පමණ දුරින් පිහිටි මෙම නව මහවැලි ගම්මානය මහවැලි අධිකාරිය විසින් උදාකල නව ගම්මානයකි.
සිංහපුර යුදහමුදා කදවුරට ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව මෙම පුද්ගල නාශක බෝම්බ දෙක යුදහමුදා නිළධාරින් විසින් සොයා ගෙන ඇත.
පසුව එම නිළධාරින් විසින් වැලිකන්ද පොලිසියට දැනුම් දි තිබේ.
මෙම ගම්මාන පසුගිය යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් බහුලව සිටි ප්‍රෙද්ශයක් බව වැලිකන්ද පොලිසිය කියයි.
පසුව වැලිකන්ද පොලිසිය විසින් එම බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරිමට අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත දැනුම් දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd