(නවරත්න සමරතුංග)
අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් අද (30) එම රෝහලේ කාර්යමණ්ඩලය නිහඬ විරෝධතාවයක නිරතවෙමින් වහාම එම ක්‍රියාමාර්ගය නතර කරන ලෙස රජයට බලකර සිටියහ.
මේ අතර උදෑසන සිටම මෙම සිද්ධිය හේතුවෙන් එහි කාර්ය මණ්ඩලය අතර දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබිණ.
මෙම රෝහලේ සේවය කළ වෛද්‍ය අධිකාරිවරයා මේවනවිට රෝගීව මාස හතක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඒ සඳහා වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයෙකු සේවය කරමින් සිටී.
එහෙත් රට තුළ පවතින වාතාවරණය හමුවේ මෙසේ මුස්ලිම් ජාතික වෛද්‍ය අධිකාරිවරයෙකු හදිසියේ අනුප්‍රාප්ත කිරීමෙන් රෝහල තුළ ගැටලු රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය ඊයේ උදෑසන වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයාගේ නිල කාමරයේදී සාකච්ඡා කළහ.
එහි ප්‍රධාන රැස්වීම් ශාලාවේදී මේ පිළිබඳ ගතයුතු ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට වෘත්තීය සංගම් සහ එහි සාමාජික පිිරිස්ද විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. ඒ අනුව සවස රෝහල් පරිශ්‍රය තුළදී මෙම නිහඬ විරෝධතාවය පළ කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සෞඛ්‍ය ඇමතිගෙ වැඩක් වෙන්න ඇති. අලි මදිවට කොටි කිව්වලු. රජය හත්පොලේ ගාගන්නෙ මෙන්න මෙහෙමයි.
මේ විරෝධතාවයනම් අනවශ්‍ය ක්‍රියාවක්
රජයේ රෝහල පත්වීමක් දීන් බැරි තරමට ජාතිවාදය පැතිරිලා . ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ ?
ඔහුට වැඩ කරන්න දෙන්න, මොකක් ද අවුල . ඔක්කොම පටලවාගෙන
මේ උද්ගෝෂණය තුලින් ජාතිවාදී හැඟීම් උද්ධිපනය වීමක් සිදු වනවා යැයි මාගේ අදහස. මුස්ලිම් වුනත් දමිළ හෝ සිංහල වුනත් ජාති ආගම් කුල බේද පසෙකලා වැඩ කරා නම් රට මෙතරම් පිරිහීමක් නොවෙන්න තිබුනා.
මේ ස්ථාන මාරුව දේශපාලන එකක් නොවේ. මෙය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නියමිත ක්‍රියාපටිපාටියට අනුව දෙන ලද ස්ථාන මාරුවීමකි. එබැවින් රජයේ නිලධාරීන් ලෙස කොමිසමේ නිර්දේශ වලට අභියෝග නොකර රාජකාරී කිරීම ආදර්ශයක් ලෙස සැලකිය හැක.
අවංක නිලධාරියෙක් නම් තීරණයට හිස නමා යා යුතුව ඇත. එහෙත් ඔහු කාර්යාලයේ සිටිමින් ඔහුගේ අනෙකුත් සගයන් මාර්ගයෙන් සේවකයන් පාරට බස්සවා විරෝධතා පෑමට තරම් පහත් තත්වයකට වැටිලද
අපගේ නොමසුරු සහයෝගය. 2015 පසු තත්වය වෙනස් වුනා.
Sri Lanka ඕගොල්ලන්ට හිතට අමාරුද? කරපු හරිය මදිද? රටේ දියුණුව ගැන කතා කරන්න.
විරෝධතා මැද පත්වීම දෙන්න එපා රාජකාරිය කරන්න ලැබෙන්නේ නැහැ සහයෝගය නැතිව.
අසාධාරණ ක්‍රියාවක්. ඔහොම කරන්න ගියොත් මොවුන්ටත් මොලේ අඩුවක් කියන්නයි වෙන්නේ
මෙය නොවිය යුතු දෙයක්. ජාතින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය පලුදු කර අනිසි බියක් ඇතිකරවීමට අවස්ථාව උදාකිරීමට මෙම රජය වගකිවයුතු වෙනවා. රටේ ආරක්ෂාව ගැන වගකීමෙන් තොරව කටයුතු කිරිම මේ සියල්ලටම බලපානවා .
මේ බෝම්බ වලින් මැරුවේ ක්‍රිස්තියානි විතරක් නෙමේ. රටේ ජීවත් වෙන හොද මුස්ලිම් මිනිස්සු ටිකත් නොමරා මැරුවා.
තැනට සුදුසු නුවනින් වැඩ කරන්න කියන්නේ මේවට තමයි. සියලු ජනයා එකිනෙකා දෙස සැකයෙන් බලන මේ වෙලාවෙම මෙය නොකර තව මාසයකින් විතර ඕක කළා නම් හොදයි නේද? ගිනි පෙනෙල්ලෙන් බැට කා කෙනා කනා මැදිරි එළියටත් බයයි කියන්නේ ඕකට. උතුරේ යුද්දේ ඉවර වෙලා පළමු අවුරුද්දේ යාපනේ ගියාම සිංහල මිනිස්සුන්ට වතුර වීදුරුවක් දුන් නැති දෙමල මිනිස්සුන්ගේ ගෙදරට ඊට වසර 5 කින් ගියාම බතුත් කාලයි ආවේ.. සැක බිය නැති වෙන්න යම් කාලයක් අවශ්‍යයි සැමට.
මොවුන් සියලු දෙනාවම අත් අඩංගුවට ගත යුතුයි. මෙය තනිකරම ජාතිවාදය පැතිරවිමක්.
මේක සිදු නොවීය යුතු විරෝධතාවයක්. මේ විදියට රට ගෙනියන්න බැහැ මේකෙන් රට නිකන්ම බෙදෙනවා
වෛද්‍යවරුන් 146 දෙනෙකුට පත්වීම් ලබා දී ඇත. මේ රෝහලට විතරක් මොකද්ද ප්‍රශ්නේ...?
මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල හොයල බලන්න. මෙවැනි මෝඩ ක්‍රියා නැවැත්විය යුතුයි.
වැසිකිළි වලක් සුද්ද කරගෙන ඔහෙට වෙලා ඉන්න.. දන්නේ නැති දේවල් කතා නොකර. ඔයාට මොකද ලංකාවට මොනවා වුණත්..? ඔයා ඉන්නේ ඔහේනේ..
මේක නැති ප්‍රශ්න ඇති කිරීමක්. දොස්තර නීති විරෝධී කටයුතු කරලා තියෙනවනම් නීතියෙන් කටයුතු කරන්න.
මගේ සහයෝගය ඔබලාට
මේකෙන් රට බෙදෙනවාලු. දැන් මොකද වෙලා තිබෙන්නේ? එක්සේසත් වෙලාද? මුසල්මානුවන් අවනත නබීටයි කුරානයටයි පමණයි. රටේ නීතියට අවනත වෙන්නේ තුවක්කුව දැක්කොත් පමණි.