
මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම නවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට පැවැසීය.
බුද්ධි සේවාව නැවත ගොඩ නගමින් සහ පුරවැසියන් සුපරීක්ෂණයට ලක් කරමින් ඉස්ලාමීය අන්තවාදය නවතා දමන බව ද ඔහු කීවේය.
රොයිටර් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (26) එම කරුණු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනප්‍රිය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ලෙසය. මීට වසර දහයකට පෙර, වසර 26ක් මුළුල්ලේ පැවැති බෙදුම්වාදී දෙමළ කැරැලිකරුවන් පරාජයට පත් කිරීමට නායකත්වය දීම නිසා ඔවුන් දෙදෙනා ජන ප්‍රසාදයට පත්විය.
කිතුණු බැතිමතුන්ගේ පාස්කු ඉරිදාව පසුගිය ඉරිදා (21) යෙදී තිබිණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
එම ප්‍රහාරවල වගකීම ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය බාරගත් අතර රජය ඉස්ලාමීය සටන්කාමීන්ට එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා කළේය.
වත්මන් ආණ්ඩුව යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේ දී ගොඩනගනු ලැබූ බුද්ධි ජාලය සහ පුළුල් සුපරීක්ෂණ හැකියාවන් කඩා කප්පල් හා දුර්වල නොකළ නම් පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
“ආණ්ඩුව සූදානමින් හිටියේ නැහැ. ඒක නිසා තමයි මෙච්චර බියක් දක්නට ලැබුණේ” යැයි ඔහු කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විවිධ පුවත් සහ වාර්තා පළ විය. ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි 100% තහවුරු කළේය.
බෝම්බ ප්‍රහාරවලින් පසුව ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විවේචනයට ලක්විය. ප්‍රහාර මාලාවෙන් පසුව ප්‍රහාර එල්ල කළේ කෙසේ ද, ප්‍රහාර පිටුපස සිටින්නේ කවුද සහ ඉස්ලාමික් ස්ටේට් සංවිධානය රටට කොතරම් තර්ජනයක් ද එය කොතරම් බරපතළ ද යන්න ප්‍රකාශ කිරීමට ආණ්ඩුව අපොහොසත් විය.
“එක එක අය එක එක අයට බනිනවා. කවුරුවත් හරි විස්තරයක් කියන්නේ නැහැ. මිනිස්සු වුණත් කවුද කළේ, කරපු අයගේ නම්ගම් බලාපොරොත්තු වෙනවා. මොන සංවිධානය ද මේක කළේ, මොවුන් මෙතරම් ලොකු ප්‍රහාරයක් කළේ කොහොමද කියන දේ ගැන විස්තර බලාපොරොත්තු වෙනවා. එහෙත් කිසිදු පැහැදිලි කිරීමක් විස්තරයක් තිබුණේ නැහැ” යැයි ඔහු කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවෙන් නඩු දෙකක් පැවැරී ඇත. ඔහු ද්විත්ව පුරවැසියෙකි. එම චෝදනා සහ සිවිල් නඩුවලට කිසිදු පදනමක් නොමැති බවත් තමන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය. එම නඩු ඉතා පුංචි බාධාවක් පමණක් බව ද ඔහු පැවැසීය.
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි තමන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එම ක්‍රියාවලිය දැනටමත් අවසන් වී ඇතැයි බවත් ඔහු කීය. තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ‘අන්තවාදී ඉස්ලාම්’ තර්ජනය අවසන් කරන බව ද ආරක්ෂක අංශ ශක්තිමත් කරමින් ආරක්ෂක සැලැස්ම සහ පද්ධතිය නැවත ගොඩනගන බව ද හෙතෙම කීවේය.
“ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ වගේ සංවිධාන ගැන හොඳට හොයන්න ඕනේ. ගැඹුරට හොයන්න ඕනේ. මේ වගේ සංවිධාන විනාශ කරලා දාන්න ඕනේ. තමන් බලයට පැමිණියොත් බුද්ධි අංශවලට තොරතුරු හොයන්න බලය දෙනවා. ආරක්ෂක අංශවලට ඒ අවශ්‍ය බලය දෙනවා. ඒ වගේම පුංචි පුංචි කණ්ඩායම් ගැන පරීක්ෂාවෙන් ඉන්නවා. අන්තවාදී බවට හැරෙන කණ්ඩායම් එයින් වළක්වන්න අවශ්‍ය බලය ආරක්ෂක අංශවලට දෙනවා” යැයි ඔහු කීවේය.
වසර 2011 දී සන්නද්ධ බුද්ධි අංශයක් ස්ථාපිත කළ බවත් එහි 5,000කට ආසන්න පිරිසක් සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය. එහි අරාබි බස හැසිරවිය හැකි පිරිස් ද සිටි බවත් ඔවුන් අන්තවාදී අදහස් දරන කණ්ඩායම් සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටි බවත් ඔහු කීවේය. වත්මන් ආණ්ඩුව එම අංශය විසුරුවා හැරි බව ද ඔහු කීය.
“වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. එතැන පටළැවිල්ලක් තිබුණා. ඔවුන් වාර්ගික සංහිඳියාව ගැන කතා කළා, ඔවුන් මානව හිමිකම් ගැන කතා කළා. ඔවුන්ගේ පුද්ගල නිදහස ගැන කතා කළා” යැයි ඔහු පැවැසීය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන සුදුස්සකු ඔබ හැර මේ අවස්තාවේදී නැත.. මිනිමරු ආත්ම ඝාතකයන්ගෙන් පණ බේරාගැනීම ලාංකිකයන්ගේ එකම අවශ්‍යතාවය වී ඇත
ජය වේවා..
ආවට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට වටේ ඉන්න යන්නේ අර එයාපෝර්ට් ආපු සෙට් එකද? එහෙම නම් අපිට මොවුන් හොඳයි..
ඔබතුමා තමා අපගේ මීලඟ ජනපති. රටට ජය!
ඔබ සමඟ සම්බන්ධතා පවත්වන මත්කඩු ගෙන්වන මුස්ලිම් වෙළඳුන් බොහෝය. ඔබ දැන හදන්නේ බොර දියේ මාළු බෑමට බව පැහැදිලිව පෙනේ. අයථා අන්දමට රජයේ දේපල පරිහරණය කර නඩු පැවරූ ඔබ ඉන් මිදීමට උසාවියට මෝසමක් ඉදිරිපත් කළ බව හැමදෙනා දන්නා කරුණකි. නීතිගරුක පුද්ගලයෙක් ජනාධිපති විය යුතුයි. කුමන වීරකම් කළත් ඔබ අමෙරිකානුවෙක් බව සලකන්න...
ජයවේවා මැතිඳුනි..! මේකට අන්ලයික් දාන සමනලයෙක් ඉන්නවා. තාමත් රට ගැන හැඟීමක් නැති කෙනෙක්...
කසකරුවන් එනකොට පෙරහැර ළඟ බව දැනුණා... ජනතාව අලුත් නායකයින් සෙවිය යුතුය. ඒකාලේ තීන්දු තීරණ ගත්තේ කොහොමද කියලා උදාහරණ ඇතුව ෆොන්සේකා මහත්තයා කිව්වේ... එතැනදී එ්ක හරි වුණාට අන්තිමේදී එහෙම තීරණ ගත්තු නිසා එතුමාම එහි ගොදුරක් බවට පත් වුණා. අග්රවිනිශ්චයකාරතුමියට වුනෙත් ඒකමයි. මේ සියල්ලටම මුල නීතිය සාධාරණ ලෙස ඉටු නොවීමයි. නීතිය අකුරට ක්‍රියාත්මක කළහැකි නීතිගරුක පුද්ගලයෙක් හෝ නායකත්වයක් රටට අවශ්‍ය විනා දේශප්‍රේමී වේශයෙන් එන මංකොල්ලකරුවන් රටට අවශ්‍ය නැත.
ශ්‍රී ලංකාවේ ආලෝකය ඔබයි. කළ හැකියි කියා පැමිණි අයට වඩා කළ හැකියි කියා සනාථ කළ ඔබට ජයවේවා...!!!
ජයවේවා..!
ඔබව නම් මේ රටේ ජනාධිපති හැටියට අපට කොහෙත්ම වුවමනා නැත..! තිබෙන අපරාධ චෝදනාවල හැටියට නඩු විභාග කෙරුණොත් ඔබට කුමක්වනු ඇද්දැයි සිතිය නොහැකිය..!!
කවුරු මොනවා කිව්වත් මේ මොහොතේ රටේ එකම බලාපොරොත්තුව ඔබයි.. අති බහුතරය සිංහල ජනතාවගේ ඡන්දය ඔබට ලැබෙනවා.. මොනව කරන්නත් කලින් රටක් ඉතුරු වෙන්න ඕනේ.
යන්තම් සටන් පාඨයක් අහුලාගෙන...
ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට.. මේක ඇතිවෙන්න හැරලා සිරිසේන මගඇරියේ ඇයි කියලා දැන් වැටහෙනවා ඇති... අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..
බොර දියේ මාළු බානවා කියන්නේ මොකක්ද ඇහුවත් මේක තමයි ගැලපෙනම නිව්ස් එක. අන්තවාදින්ට විල්පත්තු ලියලා, විශ්ව විද්‍යාල හදන්න අවසර දීලා දැන් අන්තවාදීන්ගෙන් රට බේරගන්නවා කියන්නේ විහිලුවක්...
උබලාට බලයම ඕනෙද ජාතිය රකින්න..? ලැජ්ජයි සිංහල ජාතියටම එකඑකාට දොස් කියකිය ඉන්නවා මිසක් ජාතියේ එකතුවීමක් නැහැ. හැමෝටම තියෙන්නේ බල තණ්හාවයි. ඒවාට රෙදි නැතිව කඩේයනවා.
ඔබතුමාට රටට යමක් කිරීමට ඇවැසිනම් ඊට ගැලපෙන කණ්ඩායමකුත් හදාගෙන එන්න වේවි. මහින්ද මහත්තයාගේ හොර නඩේ සහ හිටපු හමුදා නිලධාරීන් විතරක් වටකරගෙන ගමනක් යන්න හිතනවා නම් එ්ක සිහිනයක්..
මෙතන dislike දාන අය අන්තවාදයට කැමති අය වගේ පෙනෙන්නේ.
ජාතියක ගාම්භීරත්වය පෙන්වීමට ඔබතුමා වටිනවා මේ අවස්ථාවේ
ඔබතුමාට ජය..!
හිටපු ආරක්ෂක ලේකම්තුමා, ඔබතුමා දැනුයි දන්නේ ඉස්ලාම් ත්රස්තවාදයක් ගැන. ඔබතුමා බොර දියේ මාළු බානවා.
ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් වුනා කියල කියපු දවසෙම රට පුරා බෝම්බ පුපුරා යාමත් ඒ එක්කම ජනාධිපතිවරණයට ඉදරිපත් වෙනවා යැයි ප්‍රකාශ කිරීමත් පුදුමාකාර සහසිද්ධියක්.
මෙතුමන්ලගේ මොන ප්‍රශ්න තිබ්බත් රටේ නායකත්වයක් දරන්න වෙන කෙනෙක් නැති තරම්. සරත් ෆොන්සේකා මහතා හා මෙතුමා වැනි අය රට ගැන හිතලා යමක් කරන්න පුළුවන් උදවිය ලෙසයි මමනම් දකින්නේ
ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ කවුද?
“යුද්දෙට මම ගියා පණට බයේ මම රටම දාල ගියා “.
අසත්‍ය සත්‍ය බවට සමාජගත කරන සමාජයක මිනිසුන් මුග්ධයෝ සහ මෝඩයෝ බවට පත් කරන්න අපේ රටේ දේශපාලකයන් හරිම කැමතියි.
අති විශිෂ්ටයි මැතිතුමනි, ඔබේ පැමිණීම දේශප්‍රේමී සියලු ජනතාව අපේක්ෂාවෙන් සිටියි..
නැහැ කැපුවත් කොළ පරම්පරාවෙන් නම්බුවට දේශපාලනය කරන අය සිරිකොතේ අයි.එස් දැම්මත් දණගහල වඳිනවා එතනට... නමුත් ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ නැහැ. ලොක්කට අතට අත දුන්නම ලොක්ක සබන් දමලා අත සෝදාගන්නවා.
මේකෙ දාලා තියෙන ලයික් ගාන දැක්කාම ලක්ෂ 62 මී කුලයේ තණකොළ කාලා පුන්නක්කු බොන අය ගෝඨාභය මහත්තයට විරුද්ධව දාලා තියෙන ඩිස්ලයික් ගාන පයට පෑගෙන දූවිල්ල ගානටවත් වටින්නේ නැහැනේ..
ජනමාධ්‍යයේ අවසානයට ළඟාවෙමුද?
බමුණුආරච්චි මහත්තයා.. ඔයා කියන දේ හරි. මේ ආණ්ඩුව වගේම ජනාධිපතිත් දුර්වල බව ඇත්ත. එ්ත් මුල්‍ය වංචාවට වැරදිකරු බේරුවේ කවුද කියලා හොයලා බලන්න. අග්රවිනිශ්චයකාරතුමියට එල්ලකරපු චෝදනා ඇය ඉවත් කිරීමෙන් පසුව ඉවත් කර ගත්තේ ඇයි? ඇය නිදහස් වුනේ ඇයි? නීතිය කියන්නේ කන්න ඕනෑවුනාම තලගොයා කබරගොයා කිරීම් නෙමෙයි. රටක නීතිය ක්‍රියාත්මක කරන්න සරම් උස්සගෙන් යන ගමේ චණ්ඩි වගේ කරන්න බැහැ. මම කියන්නේ ඒ කාලේ ඒ ගොල්ලන්ට වුවමනා දේ කළා මිසක් රටේ නීතිය ගැන හිතුවේ නැහැ කියන එකයි.
ඇත්තටම ඔබතුමා තමයි මේ රටේ ඊලග නායකයා. ඒක තව තවත් ඔප්පු වුන ආණ්ඩුව ඇමරිකාවේදී ඔබතුමාට විරුද්ධව නඩු දාපු එකෙන්ම. ඒ මොන බාධකය ආවත් මේ රට රකින දෙවිවරු ඔබතුමා රකිනවා. ඒ අපේ මවුබිම රකින්න ඕන නිසා. මගේ මවුබිම සුරකින්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා! ඒ සදහා දැනටමත් සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් ප්රගතිශීලී ජනතාව පෙලගැසී හමාරය.
ජනතාව තමන්ගේ සුව පහසුව තකා "ඉගුරු දීල මිරිස් ගන්න" ක්‍රියා නොකරයි කියා බල පොරොත්තු වෙනවා ......
අනේ එපා ! කොහොමටවත් එපා ! මේ කරගෙන යන විදිය හොදයි
මේ වෙලාවේ අපි රජයට සහයෝගය දෙනවා කියා කියනවා වෙනුවට පාලන බලයට තිබෙන කෑදර කම නිසා අන්තවාදය නැති කරන්න මම බලයට එනවා කියනවා .. එහෙනම් මේ පහරදීම් කාගේ අනුදැනුම් පිට සිදුවෙනවාද කියා දෙපාරක් හිතන්න ඕනේ නැහැ. බලලා මල්ලෙන් එලියට පැනලා . බුද්ධිමත් මිනිසුනේ මෙහෙව් කයිරාටිකයන් පිලිබඳ දැනුවත් වෙයල්ලා ..