( ගම්පහ තිලකරත්න දිසානායක)
කුරිරු ත්‍රස්ත ප්රහාරයන් හේතුවෙන් ඉකුත් ඉරු දින මිය සියලුම දෙනා වෙනුවෙන් පිං පැමිණවීම සහ එම අයගේ ආත්මයන් වෙනුවෙන්වු යාඥා මෙහෙයක් , ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයේදී අද (27) දහවල් පැවැත්විණි.
ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයෙහි මෙහෙයවීම යටතේ සහ සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම අවස්ථාව පැවති අතර මීට ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ ෆීලික්ස් ශාන්ත පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ හිමි වරුන්ද ගිහියන් පිරිසක්ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අයගේ නෝම්බි කටයුතුත්,.. පන්සලක සිදුකළා යූ-ටියුබ් එකේ තිබුණා. ඒ අය නම් පන්සලට පැමිණ තිබුනේ තොප්පි, සෙරෙප්පු දාගෙනයි. මෙතනත් එහෙමද හාමුදුරුවනේ?
මෙන්න මේවට තමයි කියන්නේ නියම සංහිඳියාව කියලා. හරිම සතුටුයි මේවගේ කණගාටු අවස්ථාවක බෞද්ධ සහ කිතුනු මිනිස්සු එ්කට එකතුවෙලා ඉන්න එක ගැන..
උතුම් ආදර්ශයක්...! සියලුම පන්සල්වල දොරටු කිතුනු සහෝදර ජනතාව වෙනුවෙන් විවෘත වේවා කියා බෞද්ධයකු ලෙස මා ප්‍රාර්ථනා කරමි! මගේ රටට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිටයි..!
කුමන්ත්රණකරුවන් එක් එක් කාලවලදී මෙම ගැටුම් අවුලවමින් ගියා මිසක් සංහිඳියාව සිංහල රාජ්‍යයේම කොටසක් වී පැවතිණි. ලංකාවේ බොහෝ පවුල් බොදු-කිතුනු මිශ්‍ර වන අතර, එසේ මිශ්රවීම ටිකක් අඩු ලංසි පවුල්ය. එහෙත් මුස්ලිම් පවුල්වල සිංහල මිශ්‍ර විවාහයන් සිදු නොවන තරම්ය. ඔවුන් අන්තවාදය පතුරවන ප්‍රධානම ප්‍රභවයද එයයි.
ඇත්තෙන්ම අප හදවතින්ම මෙය අගය කරන්නෙමු. ගරුතර සංඝ රත්නය ඇතුළු කිතුනු පුජකතුමාලට නමස්කාර පුරකව ස්තුති වන්ත වන්නෙමු. අවාසනාවකට මිහරකුන් 225 ට මෙලෙස කටයුතු කිරීමට නොහැකිවීම ඒ ඒ හරකුන්ගේ සිත්වල මොනතරම් කුහක කම , වෛරය මුල්බැස ගෙන ඇද්ද ...? ලැජ්ජයි අනේ.......
පන්සලත් කිතුණු පල්ලියත් ඕනෑම මිනසෙකුට විවෘතයි. ඇයි ආවෙ කියලා කවුරුත් අහන්නෙ නෑ. ආගම තියෙන්නෙ මනස දියුණු කරගන්න. පිරිහෙන්න නෙවෙයි. මේ ආදරයට අපි ආදරෙයි.
මම බෞද්ධයෙක්..... හරිම සතුටක් දැනුණා මේ කටයුත්ත දැකීමෙන්. අපි කවුරුත් මිනිස්සු ජාති ආගම් භේදයක් උවමනාම නැත.... කලයුත්තේ සහයෝගයෙන් කටයුතු කිරීමයි