(මනෝජ් හර්ෂික)
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.
තවදුරටත් මෙලෙස සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ද ආදර්ශයට ගතහැකි හෙයින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ද කැළලක් වන බැවින් මෙම අවදානම පවතින බව සමුහය පෙන්වා දෙයි.
රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බවද එම සමුහය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් හොදයි... කොල්ලො කෙල්ලො ටික පලදායී වැඩක් කරාවි . ප්‍රශ්න වැලක් ඉබේම විසදේවී.
අනේ යන්න කියන්න එහෙම උනොත් මේ රට මීට වඩා හොඳ තැනක් වේවි
මේ ආණ්ඩුව ආවෙත් සමාජ ජාල වලට පින්සිදු වෙන්නයි. ඒවගේමයි ආණ්ඩුව සදහටම යන්නෙත් සමාජ ජාල නිසයි. සමාජ ජාල බ්ලොක් කළා කියලා අපි ෆේස්බුක් බැලුවේ නැතිද...? ලෝකය කුඩාවෙලා සියලු දෙනාම සියලු දෙනාව දන්නා අඳුරන යුගයක් මේ උදාවෙලා තියෙන්නේ. මෝඩ පාලකයින් මේ තාක්ෂණ විධි පිලිබඳ දන්නේ හරිම ටිකයි. මොකද ඉස්කෝලේ ගිහින් තියෙන එකක්යැයි. රෑට කුකුල් හොරකමේත්, හොරපොල් කඩන්න ගස් බඩ ගෑමත් කරමින් හිටපු මේ පාලකයින් කොහොම කොහොම හරි දියවන්නාවට ආවයි කියමුකෝ. නමුත් මුන්ට බුද්ධියත්, උගත් කමත් දෙන්න මහජනයාට බැහැනේ... උන් ගැන ඇත්තටම මටනම් ලැජ්ජයි, ඒවගේම හිරිකිතයි.
අතීසාරෙට අඹුඩ ගැහුවා වගේ
වාරණය කරන්න අනේ ඔව්වා නැති තරමට හොඳයි, මොකද තිබ්බා කියලා ඇති වැඩක් නෑනේ... කියන්නෙම බොරු, ආටෝප, හිස් දේවල් නේ නැත්ද මං අහන්නේ ?
සමාජ මාධ්‍ය ජාලා (අව)භාවිතය මගින් මෙතෙක් ශ්‍රී ලාංකික සමාජයට වී ඇති හානිය සලකා බලන විට (කාගේ හෝ වරදින්) ඔවුන්ම ඉවත්ව යනවා නම් ඊට ඉඩ දිය යුතුයි! එය සමස්තයක් වශයෙන් රටට හිතකර විය හැක.. !!!
මෙය කණගාටුවට කරුණකි. එසේවුවද මෝඩයන් මෙහි දක්වන අදහස් අනුව සහ බස්රථවල ළඟ සිටින්නේ ත්‍රස්තවාදියෙක් දැයි බැලීමටත් ළඟ සිටගෙන සිටින්නේ බඩදරු අම්මා කෙනෙකුදැයි නොපෙනෙන තරමට සිහියක්, කටක් නොමැතිව සහ කන්තෝරුවල කාලය කා දමන අය බැලූවිට මෙම තහනම යහපත්ය. එසේම පවුල්වල සමාජ සම්බන්ධතා නැතිවීමට ප්‍රධාන හේතුවකි.
ජනතාව පරිවර්තනය කරනවට වඩා ඔය සමූහය පරිවර්තනය කරන එක ලේසියි.
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් ගැන මොකද කියන්නේ?
ගොබ්බ ආණ්ඩුවේ ගොබ්බ තීරණ නිසා අපි තවතවත් ලෝකේ කොන්වෙන පිළිකුල් වෙන රටක් වෙනවා. මේ පිස්සෝ කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින එකයි අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එකයි. රටවල් වලින් කියද්දී කියද්දී ගහනවා කියලා... විපක්ෂේ අය එක්ක ආරක්ෂක මණ්ඩල තියාගෙන කෙලවුනාට පස්සේ අහිංසක මහජනයා වන අපේ නිදහස සීමා කරලා මෝඩ චූන් ගන්නවා.
නියමයි.. අපේ රටේ ඉන්න හරකුන්ට නොතේරෙන දේ ඕකයි.. මුන් හදන්නේ ලංකාව ලෝකයෙන් තවත් මුල්ලකටම ඇද දමන්න.. පිට රටක තාත්තාලට, අම්ම්ලාට තමන්ගේ දරුවන්ට ආයේ මාසෙකට වතාවක් දිග ලියුමක් එවන්න වෙයි..
මෙය අලුත් දෙයක් නොවේ. වෙනත් රටවල් කරන දෙයක්. බංග්ලාදේශය නිතර සමාජ ජාල විසනිධි කරනවා කලබල අවස්ථාවලදී...
නිකන් පදනමක් නැති දේවල්...
ඒකට ඉතින් එම ආයතනත් දැන ගන්න ඕන හරියට තමන්ගේ සේවා සපයන්න හරි හමන් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. ට්විටර් වලට ඉඩ දීලා තියෙන්නේ ඒකනේ.
මහින්ද ලොක්කා තිස් අවුරුද්දක් තිබ්බ යුද්ධයකට නායකත්වය දුන්නා, කවදාකවත් මේ වගේ ගොබ්බ වැඩ කලේ නෑ...... කරපු දේ හරියට හෝ වැරදියට, කරා, කෙලින් හිටියා... අද ඉන්න නායකයෝ දන්නවා මිනිස්සු පස් යට කරාට පස්සෙ දාන දෙන්න,,, මිනිස්සුන්ගේ ජිවිතයට වඩා අද ඉන්න නායකයන්ට දානය ලොකුයී.
අනේ අයින් කරගනනවනම් අයින් කරගත්තාවේ. මේ සර්ච් ඔප්ෂන් මෙච්චර සාර්ථක වුනේ ඕව බ්ලොක් කරපු නිසායි. නැත්තන් මේ වන විට අපේ අය රංඩු වෙලා ආමි එකට සිංහල මිනිස්සුන්ට වෙඩි තියන්න වෙලා, අපේ අය කඩන ගෙවල් කඩ හදන්න වෙලා ඒ අතර ත්රස්තවාදීන් පැනලා ගිහිල්ලා. ඒක හින්දා වීපීඑන් වලින් ඕවට ගියාම ඇති. එහෙම පාවිච්චි කරන්නවත් බුද්ධියක් නැති අය තමා ඕවාගෙන් කුලප්පු වෙලා කලබල ඇති කරන්නෙ.
අන්තර්ජාලයේ තියන දෙයක් එක රටකින් අයින් වෙන්නේ කොහොමද කියල මට නම් හිතාගන්න බැහැ.
සමාජ මාධ්‍ය හරහා රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාර සංඛ්‍යාව ඉතාමත් අල්පයි. නමුත් එෆ්.බී. කොට කොට ඉන්න නිකමුන් ගණන ඉතා විශාලයි. මෙම වාරණයට ඇකමැති අර නිකමුන් තමයි.
මෝඩම තර්කයක්..
එහෙම කියන්න බෑ. චීනයේ ෆේස්බුක් සම්පූර්ණයෙන්ම තහනම්.
මිනිස්සු මෝඩයෝ කියලා හිතන් මේ වගේ දේවල් දාන්න එපා. සමාජ ජාලා වලට අපකීර්තියක් වෙනවා නම් වෙලා ඉවරයි. USA, Canda, Europe..මිලියන ගානක් දඩ ගහනවා ඔය කියන සමාගම් වල කටයුතු නිසා. ලංකාවේ කිසිම පාලනයක් නැහැ.. අඩුම ගානේ නීතියක්වත් නැහැ .. මිනිස්සුන්ට පලදායී දෙවල් වගේම අපේම තොරතුරු පාවිච්චි කරලා කරන අපරාධ රාශියක් සමාජ ජාලවල වෙනවා.. අපේ පුද්ගලික තොරතුරු 03 පාර්ශවයන්ට විකුණනවා .. තහනම් කරන එක අනුමත කලේ නැතත් අඩුම ගානේ මේ සම්බන්ද දෙපාර්ශවයම වග කියන නීතියක් හෝ ගෙන ආ යුතුමය
මම අවුරුදු 22 සංචාරක ව්‍යාපාරය කරනවා.. විදේශිකයින් සමඟ ඉක්මනින් සන්නිවේදනය කරන්න හැකි වෙන්නේ සමාජ මධ්‍ය භාවිතය තුළින් පමණයි.. අපගේ ව්‍යාපාරය කරගෙන තවත් අමාරු කරන්න තමයි යන්නේ.. අලි මදිවට හරක්...
කොච්චර විසන්ධි කෙරුවත් අන්තර් ජාලය සමඟ ගනුදෙනු කරන්න වෙනත් ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා. ලෝකය දැන් එකම ගම්මානයක් තරමට පුංචි වෙලයි තියෙන්නේ.
ෆේස්බුක් එකනම් නැතිවෙන එකමයි හොඳ. බිස්නස් වලට ටික දෙනෙක් පාවිච්චි කලත්, ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ කාලය නාස්ති කරන්ට යි. ගැහැණු ළමයි කොච්චර අමාරුවේ වැටෙනවද. මේවා පාසල් වල උගන්නල හදාගන්න පුළුවන් ඒවා නොවේ. අරක්කු බොන්න එපා කියා ඉගැන්නුවත් අපි බොනවනේ, ඒවගේ තමයි.දැන් අම්මල තාත්තල ළමයි බලනවට වැඩිය ෆේස්බුක් එකයි බලන්නේ. සිගරට් වලට ඇබ්බැහි වෙනවට වඩා දරුණු යි.
උදාහරණයට ගන්න හොදම රට හොදම රට බංගලාදේශය
මුළු ලෝකයම මවිත වන පරිනත භාවයකින් කටයුතු කරන්න අපිට හැකි වීමට මෙම සමාජ ජාල තහනම එක් හේතුවක්.
ඕවා බටහිර රටවලටත් මහා වදයක් වෙලා තියෙන්නේ. බටහිර රටවල්වල මේවා තරමක් දුරට හරි නියාමනයක් තියනවා. නමුත් අපේ රටවල්වලට කුණු කන්දල් ටික ඔක්කොම එනවා.
හොඳයිනේ කියලා කරගන්නට බැරි දේවල් නේ මේ
සමාජ ජාල භාවිතය ආණ්ඩුවෙන් සීමා කරන එකට මම විරුද්ධයි.
ලෝකයේ ප්රචණ්ඩ ක්‍රියා අඩුම රටක් වන චීනය තුල සමාජ මාධ්‍ය තහනම් බව මෙම සමුහයට කියා දෙන්න.
බොහොම හොඳයි , අපේ මිනිස්සුංව හදන්නත් බෑ...... දේශපාලනය හදන්නත් බෑ .......
කමක් නැහැ කරන්න අප්පා. අපේ ජීවිත වලට වැඩිය එයාලගේ සල්ලි මල්ල වටිනවා නම් අපිට මොකෝ .
අනේ යන්න කියන්න. අනෙක් රටවල් අපි දිහා බලල මේව ආදර්ශයට ගන්න ඕනේ. අපි අපිටම හරියන්න ඇප් හදල පාවිච්චි කරමු. අන්තර්ජාලය නැවැත්තුව නෙමෙයි නේ.
ලොකු දෙයක් ඕක ඉවත් කරන එක නමි කිසිම වාසියක් සිදුවෙන්නෙ නැහැ
මේවා සදාකාලිකව නැවැත්විය හැකිනම් නියම වැඩක්. අපේ දරුවන් යහමගට ගැනීමට මහත් රුකුලක්.
අපි අපේ රටේ එකක් භාවිතා කරමුකෝ අනුනන්ගෙ ඒව මත්තෙ යැපෙන්නෙ නැතිව
ඕවා නතර කලයි කියලා මිනිසුන්ගේ ඔළුගෙඩි සුද්ද කරන්න බැහැ .කලයුත්තේ මේවා අනවශ්‍ය ආකාරයෙන් පරිහණය කරන අය හා වැරදි මත ප්‍රචාරණය කරලීම වැලැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග හොයා බැලීමයි
මම නම් හිතන්නේ සමාජ ජාල සීමා කරන එක හොඳය. මිනිසුන්ගේ කාලය ගොඩක් ඉතුරු වෙනවා. දැන් ඔෆිස් වලත් වැඩක් කෙරෙන්නේ අඩුවෙන් මේක නිසා. කල්පනාව එක තැනක නැහැ, කාර්යක්ෂමතාව ගොඩක් අඩුවෙලා මේක නිසා. හොඳට බැලුවොත් දවසකට ගොඩක් වැඩ කරන අය සමාජ ජාල වලට යන්නේ නැති තරම්. අපි දන්නේ නැහැ වෙලාව කොච්චර නාස්ති කරනවද කියල. දෙමව්පියන් ගෙදර ආවත් සමාජ ජාල එක්ක තමා ඉන්නේ ඔෆිස් එකේ පුරුද්ද නිසා. කොහොමද අපි ළමය හදන්නේ අපි හැදෙන්නේ නැතුව. සෙලිෆි මෙනියාවත් තියෙන්නේ සමාජ ජාල නිසා. බලෙන් හරි මෙහෙම දෙයක් කරපු එක හොඳය අවශ්‍ය කෙනෙකුට පුරුද්ද අත්හැරලා හැදෙන්න පුළුවන්. තොරතුරු දැනගන්න අන්තර්ජාලය තියනවනේ. බිබිසි සිඑන්එන අපේ වෙබ් අඩවි ඕනෑතරම්.
අනේ හොදයි.. එතකොට වටිනා කාලය ඩිජිටල් තිරයක් ඉදිරියේ වැය කරන කාලය ටිකක් හරි අඩුවෙයි..
ඕව තහනම් කලොත් ජනපතිට වරදින හදිස්සි අවස්ථාවලදී තොරතුරු දකින්නත් නැහැ
අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන මුදල් උපයන, කොටස් වෙළඳපල හසුරවන සහ පිටරට ගනුදෙනුකරුවන් සමඟ කටයුතුකරන , පිටරට සිටින දෙමව්පියන් සමඟ කතාකරන ,එතකොට වෙළඳ ප්‍රවර්ධන කරන , තව අංශ බොහොමයක් තියනවා ලංකාවට ඩොලර් ගේන. අපේ වැඩිහිටි පරපුර දන්නවා ඇත්තේ ඔය මන්ද බුද්දිකයෝ මුහුණුපොතින් ගොන් වැඩ කරන ඒවා ගැන විතරයි .. නමුත් හොයල බලන්න විදේශ විනිමය ගේන ව්‍යාපාර කොච්චර ඔය හරහා කරන ය ඉන්නවද කියල
මෝඩ යක්කුනේ... එයාලාව හොඳයි හතරට පලලා ලුණු දාන්න... මේවා මහ ගොබ්බ වැඩ...
තොරතුරු දැනගැනීමෙ අයිතියට භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතියට මොකද වෙන්නෙ අර ෆ්‍රී වයිෆයි දුන්නු එව්වට මොකද වෙන්නෙ