බසයේ කවුළුවෙන් එළියට දමාගෙන ආ සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි ධාවනය වෙමින් තිබූ බස් රථයක පසු පෙළ අසුනක වාඩිවී කවුළුවකින් අත එළියට දමාගෙන ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුගේ දකුණු අත ඉදිරියෙන් ආ ටිපර් රථයක වැදී ගැලවී මහපාරට වැටුණු සිද්ධියක් අද (3) දහවල් රත්නපුර බදුල්ල පාරේ පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය හන්දියෙන් වාර්තා විය. 03 June 2018
ජනතාවාදී දැක්මක් ශ්‍රීලනිපයට ගේනවා - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජනපති අපේක්ෂාව ඉටුකරමින් ප්‍රබල ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. 03 June 2018
අර්ජුන් - කසුන් හමුවීමට කැෆේ අධ්‍යක්ෂක බන්ධනාගාරයට යයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පර්පෙචුවල් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන යන අයට ලිපියක් බාරදීම සඳහා අද (3) බන්ධනාගාර මුලස්ථානය වෙත පැමිණියේය. 03 June 2018
හම්බන්තොට ගල්කොරි 30 ක් පරීක්ෂාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගල් කොරි නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑම සිදු කරනවාද යන්න පරීක්ෂාව සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්ව පසුගියදා වැඩසටහනක් සංවිධානය කර තිබිණි. 03 June 2018
මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. 03 June 2018
ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරුවක් - කතානායක ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය. 03 June 2018
පොහොට්ටුවට ඡන්දය දුන්නේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නයි ඉකුක් පළාත් පාලන මැතිවරණයේ දී සිදුවුයේ ජනතාව පොහොට්ටුවට ගමේ බලය ලබාදීමට වඩා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කිරිම යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 03 June 2018
සෙවනගල සීනී කම්හලේ සේවකයෝ වර්ජනයක රජයට පවරාගත් පසු ලාබ ලබන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අමාත්‍යාංශ විෂයපථ මාරුව හරහා යළි මුලින් අයිතිය තිබූ දයා ගමගේ මහතාට විකිණීම නොකරන්නැයි රජයට බලකරමින් එහි සේවකයන් දින දහයක් තිස්සේ අරඹා ඇති වැඩ වර්ජනය නිසා නිෂ්පාදන කටයුතු මේ වනවිට ඇනහිට තිබේ. 03 June 2018
‘මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 03 June 2018
ශ්‍රිලනිප භාණ්ඩාගාරික තනතුරට එස්බී දිසානායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා භාණ්ඩාගාරික ලෙස පත් කරනු ලැබ ඇත. 03 June 2018
දුමින්ද දිසානායක ශ්‍රිලනිප ජාතික සංවිධායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ. 03 June 2018
ගජමුතුවක් රැගෙන යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට අලෙවි කිරිම සඳහා ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් 360 බර ගජමුතුවක් රැගෙන යමින් සිටි හිටපු කොටි සාමාජිකයකු හා තවත් පුද්ගලයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 03 June 2018
හම්බන්තොටත් උණ රෝගීන් වැඩි වෙලා ඉන්ෆ්ලුවෙන්සා රෝගය යැයි සැලකෙන රෝගින් දෛනිකව හම්බන්තොට මහ රෝහලේ ළමා වාට්ටුවේ සියයකට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට ප්‍රතිකාර ගැනිම සඳහා ළමයින් පණහක් හැටක් අතර ප්‍රමාණයක් හම්බන්තොට මහ රෝහලට පැමිණෙන බව හම්බන්තොට මහ රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ප්‍රකාශ කළේය. 03 June 2018
ශ්‍රීලනිපයේ තාවකාලික මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනය අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබ සිටියි. 03 June 2018
කලවානේ කම්බාදොළ පාලම ගිලා බහී - ගමනාගමනය නවතී රත්නපුර තිරිවනාකැටිය හරහා කලවාන මාර්ගයේ කම්බාදොළ පාලමේ නිවිතිගල පැත්තේ ඉවුරේ පැතිබැම්මේ කොටසක් ගැලවී පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද (3) උදෑසන සිට තාවකාලිකව නවතා ඇති බව රත්නපුර පොලීසිය කියයි. 03 June 2018
වෛරස් උණෙන් මියයන අයගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම අවදානම් වෛරස් ආසාදනය වීමෙන් මියගිය කුඩා දරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විම තුළින් වෛරස් සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ලබාදි ඇති තොරතුරුවලට එහා ගිය දෙයක් අනාවරණය කරගැනිමට නොහැකිවනු ඇති බව 03 June 2018
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (2) රාත්‍රීයේ සිට කඩින් තද වැසි ලැබෙමින් පවතී. 03 June 2018
යෝජිත දඹුලු නව රෝහලට රංගිරි දඹුලු විහාරයෙන් අක්කර 5ක් දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. 03 June 2018
වෙන්නප්පුව නිවසක සිවිලිම කඩා වැටී අයෙක් මරුට වෙන්නප්පුව මේපල්ස් මාවතේ නිවසක සිවිලිමේ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටි විදුලි කාර්මිකයකු සිවිලිම කඩාගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 03 June 2018
පලාවිය අනතුරකින් අයෙක් මරුට පුත්තලම, කල්අඩිය - පලාවිය මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය කියයි. 03 June 2018
ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන වෙනස් වෙයි ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4) ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. 03 June 2018
වවුනියාවෙන් පැහැරගත් බිළිඳා පුදුකුඩුඉරිප්පුවෙන් හමුවෙයි වවුනියාව ගුඩ්සෙඩ් මාර්ගයේ නිවසකින් පැහැරගත් අටමස් බිළිඳා අද සවස පුදුකුඩුඉරිප්පු වල්ලිපුරම් හි නිවසක රඳවා සිටියදි සොයාගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය පවසයි. 02 June 2018
බීමත්ව මගීන් 60ක් සමඟ බසයක් ධාවනය කරලා පොලිස් අණ නොතකා පුද්ගලික බසයක් ධාවනය කළ බස් රථ රියදුරකු අද (02) උදෑසන ගාල්ලපොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 02 June 2018
ලක්ෂ එක හමාරක විදේශීය මත්පැන් සමග ගුවන්තොටේදී කාන්තාවක් අත්අඩංගුවට රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක් වටිනා විදේශ මත්පැන් බෝතල් 24 නීති විරෝධි ලෙස කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සහ කළ ව්‍යාපාරික කාන්තාවක අද (02) දින උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල පොලීසිය කියයි. 02 June 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 02 June 2018
ලක්ෂ 69 ක රන් සිරුරේ සඟවාගෙන එයි රුපියල් ලක්ෂ 69 පමණ විටිනා රන් කුට්ටි තම සිරුරේ ගුද මාර්ගයේ සඟවා ඩුබායි සිටි පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගත් බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය. 02 June 2018
හොර සිගරැට් සමග චීන කතුන් දෙදෙනකු අත්අඩංගුවට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි 40.000 අද අලුයම කටුනායක දී චීන ජාතික කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරිහූ පවසති. 02 June 2018
සෞඛ්‍ය ඇමති දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීමට යයි දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ බිම වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් නිරීක්ෂණය නොකළේ යැයි රෝගී කාන්තාවන්ගෙන් චෝදනා එල්ල විය. 01 June 2018
කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයා සහ තවත් අයෙක් රිමාන්ඩ් අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානයේ පුරාවිද්‍යා භුමියක් යන්ත්‍ර සුත්‍ර යොදා විනාශකරා යැයි චෝදනා එල්ල වු කල්මුනේ දකුණ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් සහ අබ්දුල් රහිම් මොහමඩ් යන පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.මොහමඩ් පසීල් මහතා අද (01) නියෝග කළේය. 01 June 2018
වැව් පිළිසකර කිරීමේ ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ හිඟය - ජනපති මෙරට වැව් 2400 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ ඉලක්ක සාර්ථක කර ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික නිලධාරීන්ගේ හිඟය බවත් එම නිසා විදේශීය ඉංජිනේරුවරුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. 01 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026