(මනෝජ් හර්ෂික)

රට පුරා ඇති වී තිබෙන කළබලකාරී වතාවරණය හේතුවෙන් දිවයින පුරා ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනහි ඉගැන්වීම් කටයුතු ලබන 29 වැනිදා දක්වා නවතා තැබීමට කටයුතු කළ බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර මහතා අද (26) පැවැසීය.

කතෝලික දේවස්ථාන සහ දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් මූලික කරගෙන පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව පතා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව දිවයිනේ ප්‍රධාන නගර වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, රත්නපුර, ආදී ප්‍රදේශයන්හි පැවැත්වෙන උපකාර අධ්‍යාපන ආයතනයහි ඉගැන්වීමේ කටයුතු ලබන 29 වැනිදා දක්වා අත් හිටවූ බවත් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයට සම්බන්ධ නොවන සියලුම අධ්‍යාපන ආයතන ද මේ වැනි ක්‍රියා මාර්ගයක් අනුගමන කරන්නේ නම් දරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.