(අජන්ත කුමාර අගලකඩ )
ලැබී ඇති තොරතුරු අනුව අයි එස් අයි එස් සංවිධානයට සම්බන්ධ 140 දෙනකු පමණ ලංකාවේ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ( 26) පැවසීය.
ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය,විශේෂ කාර්ය බළකාය, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රිවිධ හමුදාවත් කටයුතු කරගෙන යන බවට ජනාධිපතිවරයා කීවේය.
සැකකරුවන් 70 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා මෙම සංවිධානය මර්දනය කිරීමට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ශක්තිය තිබෙන්නේ යැයිද කිවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති පුවත්පත් මාධ්‍ය ආයත ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කායිවාරුව අැති ජනාධිපතිතුමනි, වැඩ පෙන්වන්න අවුරුදු 4ක්ම කයිවාරු ගැහැව්වා විතරයි නෙවැ..!!
හරි නියමයි
උදේ පත්තරේ බලන වේලාවේද දන්නේ නැහැ... ඒක දැක්කේ? රටේ අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාස ගණනකින් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවා නැත. ඒ වෙනුවට බංකොළොත් දේශපාලනඥයින් දෙතුන්දෙනෙක් එකතු කරගෙන මේ වැඩේ කරගෙන යන්න උත්සාහ කර ඇත. අද රට පවතින්නේ භයානක අඩියකයි. සාමාන්‍ය ජනයාට තමන්ගේ පණ කෙන්ද රැකගැනීම පළමු අභියෝගය බවට පත්ව ඇත. අරාක්ෂාව ගැන දන්නා හොඳම කෙනා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෞද්ගලික කෝන්තර හේතුවෙන් ලිප්බොක්කට තල්ලුකර දමා ඇත. මේ වනවිට මුස්ලිම් ජනයා කෙරේ පැවති විශ්වාසය දෙදරා හැරීම දැන, උගත් භික්ෂුන් සහ ගිහි පිරිස් දේශනා පවත්වමින් සිටිති. ආණ්ඩු පිහිටුවීමට සිහින මවන කණ්ඩායම් රට නැවතත් ගිනි තියා හෝ බලය ඇල්ලීමට වළිකයි. මේ නිසා උද්වේගයට පත්ව ඉන්නා ජනතාවගේ ඉවසීම කොයිවෙලේ පුපුරා යාවිද කියන්නට බැරිය. අනිත් හැමදේ ගැන වගේම මේ ගැනත් පැය විසි හතරෙන් අරක කරනවා, මේක කරනවා කියා කයිවාරු ගැසුවාට කරපු මළ ඉලව්වක් නැත. මෙය ඉතා භයානක තත්වයකි.
අපි දැන ගනීවි කියලා කිව්වේ නැහැනේ.. මේ වගේ අප්පලා තව නැද්ද ලංකාවට...?
අහිංසක මිනිසුන්ගෙන් එකතුකර ගන්න බදු මුදල් වලින් සුර සැප විඳිමින් ජීවිතේ ගෙනයන මේ මුල් පුරවැසියා ඇතුළු 225ක්වූ රෑනටම කඩමලු බැඳගෙන ගම්බිම් බලා ගමනේ යා... ලෙස " බදුගෙවන පුරවැසියන් වන අප විසින් නියෝග" කරන්නෙමු. තවදුරටත් ඔහේ ඇතුළු රිලව් 225ට කිසිඳු අයිතියක් නැහැ.. අපේ බදුමුදල් වලින් එකවේලක් හෝ පිනට ගිලදැමීමට බවත් දන්වන්නෙමු.
කුණුහරුප අහන්න අපි කැමැති නැහැ. දන්නවා නම් මොන මගුලකටද බලා හිටියේ...? ආරක්ෂක කවුන්සිලයට අගමැති, නියෝජ්‍ය ඇමැති ගත්තෙත් නෑ නේද? සියලු ආරක්ෂක තොරතුරු ජනාධිපති දන්නවා නම් මොකක්ද කළේ?
අපට පව් නොදී, දැන්වත් කට වහගෙන ඉන්න මෝඩවෙන්නේ නැතිව !!!
[අයිඑස් අයිඑස් ට සම්බන්ධ 140 ක් ලංකාවේ ඉන්නවා...] ඒකට තිබෙන බය නිසා වෙන්න ඇති මේ ත්‍රස්ත ප්‍රහාර දැනගත් හැටියේම, රටේ සේනාධිනායක සිරිසේන ආපහු මව්රටට නොපැමිණ, කළුවර වැටුණට පස්සේ ආපු අන්තිම ගුවන් යානයෙන් රටට ඇතුළුවී, කයිවාරු ගහන්න පටන් ගත්තේ! සුනාමි ව්‍යවසනය දැනගන්නා විට විදේශගතව සිටි චන්ද්‍රිකා මැතිණිය, තිබුන පළමු ගුවන් යානයෙන්ම මෙරටට පැමිණියේ රටත්, ජනතාවත් ගැන තිබුණු කැක්කුම නිසා නොවේද?
මෙහෙව් ජනාධිපති කෙනෙක්නේ අපට ඉන්නේ. ඔක්කොම කෙලවුනාම බයිලා කියනවා. මොවුන්ට රටගැන, ජනතාව ගැන කිසි කැක්කුමක් නෑ. බලය විතරයි ඕනේ...
කරුණාකර මුලු රටේම ජනතාවගෙ අනන්‍යතාව පරීක්ෂා කරන්න. සියලුම පල්ලි පන්සල් ආගමික ස්ථාන පරීක්ශා කරන්න. ඩෙංගු පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ඉතාම ප්‍රමාණවත් දින දෙකෙන් කරන්න පුලුවන් ග්‍රාමසේවකවරුන් සමග මහජනතාව සූදානම් උදව් කරන්න. හරිම සරලයි.
ජනාධිපතිතුමනි, අර ඉතිරි වෙලා ඉන්න නිලධාරීන් ටිකයි, රණවිරුවන් ටිකයි අවුරුදු ගාණකට හිරේ දාලා මේ 140 තියාගමු. එතකොට ඔබතුමාටත් සැපයි, සමනලයින් ටිකටත් නින්ද යයි. ඔය ටික කරගන්නනේ මෙච්චර කල් ඒ මිනිස්සුන්ගෙන් පලිගත්තේ...
මේ මනුස්සයා කියවන විකාර පතමයි. ඔහේ කියවන්න දීලා නිකන් ඉන්න.
රටකට ගිය කලක්...
රටට ගිය කලක්...
අපේ රටේ ජනතාව දල වශයෙන් කෝටි 2යි කියමු. 140 කියන්නේ මේ අන්තවාදීන්, අත්අඩංගුවේ ඉන්නවා 200 ට කිට්ටු ප්‍රමාණයක් තවත් අල්ලනවා, මේ කෝටි දෙකෙන් කෝටි බාගයක්ම අන්තවාදීන් කියලා හිතාගෙන වැඩ කරන්න ලොක්කන්ට උපදෙස් දෙන්න.
මිනිස් ජීවිත 350 කට වැඩි ගාණක් නැතිවන තුරු බලන් ඉඳලා දැන් කියනවා අයිසිස්ලා 140ක් ඉන්නවා කියලා.... දේශපාලන කඹ ඇදිල්ලෙන් වුණු මහා විනාශයක් මේක.. රටේ ආරක්ෂාව 0ට වට්ටලා තිබුණේ... ඔයාට වඩා හොඳට ගෙදර බල්ලා ගේ ආරක්ෂා කරනවා හොර සතුරන්ගෙන්...
ලංකාව පුරා අසුවුණු ආයුධ, පුපුරන ද්‍රව්‍ය මේ 140ට පමණක් පාවිච්චියට ගෙනාපුවද? ටිකක් හිතන්න බැරිද? සිංහල රටේ සිංහලයාගේ ආරක්ෂාව ගැන සිංහලෙන් කතා කරන්න සිංහලයා බයවෙන්නේ මොකටද?