ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කියයි ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අද (31) ප්‍රකාශ කළාය. 31 May 2018
‘අලුත්කඩේ නව අධිකරණ සංකීර්ණයක් ඇතිකරනවා’ අලුත්කඩේ නව අධිකරණ සංකිර්ණයක් ඇති කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පැවසීය. 31 May 2018
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම හෙටට කල්යයි ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සළකා බැලීම හෙට (01) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 31 May 2018
දකුණේ උණට එන්නත් දීම ප්‍රතිඵලදායක නෑ - සෞ.සේ. අධ්‍යක්ෂක දකුණේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයට පෞද්ගලික අංශයෙන් ලබාදෙන එන්නත් දෙක එතරම් ප්‍රතිඵලදායක නොවන බවත් රජයෙන් මෙම එන්නත් ලබා නොදෙන්නේ රෝගය පාලනයට එයින් එතරම් දායකත්වයක් නොලැබෙන නිසා බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පවසයි. 31 May 2018
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට නොතීසි ගාල්ල කොටුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිවසක් අවසරයකින් තොරව අලුත්වැඩියා කරන ලද පුද්ගලයකුට එරෙහිව ඉදිරි නිතිමය කටුයුතු නොකරන ලෙසට ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයට ලිපියක් නිකුත් කිරිම සම්බන්ධයෙන් ජුනි 21 වැනි දා අධිකරණයේ පෙනි සිටින ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බි.මණ්ඩාවල මහතාට නොතිසි නිකුත් කිරිමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (31) නියෝග කළේය. 31 May 2018
වීසා අවසන් වී ඊශ්‍රායලයේ රැදී සිටි 104කට නීතිමය පියවර රැකියා සඳහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන් වී නීතිවිරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් 104ක් පිළිබඳ නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය. 31 May 2018
ක්‍රිකට් ගැන රන්ජන්ගේ යෝජනාවට අගමැති අවධානය ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩ ගැනීමට නම් කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණයන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලොකු පුටු වලට පත් කළ යුතු යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එක්සක් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද (31) යෝජනා කළේය. 31 May 2018
කලා සිසුන් පිරිසක් හුදකලා සිසුවකුට ගහලා කොළඹ සෞන්ධර්ය කලා විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර සිසුන් පිරිසක් එහි අවසන් වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. 31 May 2018
අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි. 31 May 2018
පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට ‘කන්ගැට්ටා’ අත්අඩංගුවට පෑනක් ආකාරයෙන් සකසන ලද විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ පහක් හා මන්නා පිහි දෙකක් සමඟ මත්පැන් ජාවාරම්කරුවකු වන පොකුණුවිට කන්ගැට්ටා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 31 May 2018
පාසල් සිසුන්ට ‘මාවා’ විකිණු දෙදෙනෙක් දැලේ පාසල් සිසුන්ට ‘මාවා’ නැමැති පුවක් වර්ගයක් විකුණු ගල්කිස්ස නගරයේ වෙළඳසලක් වටලා පුවක් කිලෝ 15කට ආසන්න තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසියේ ප්‍රජා පොලිස් මුරපලේ නිලධාරීහු සමත්වුහ. 31 May 2018
පොල්රොටි ඇතුලේ දුම්කොළ සඟවා ගත් කතක් අත්අඩංගුවට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට පොල් රොටි වල සඟවා දුම්කොළ දීමට උත්සහ කළ ගැබිනි කාන්තාවක් දුම්කොළ පැකට් 15 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත්වුහ. 31 May 2018
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ විභාගය ලබන අගෝස්තු 28 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 31 May 2018
‘චන්ද්‍රිකා මැතිණි කළා වගේ කළා නම් ඉවරයි’ - වීරකුමාර ‘‘චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.’’ යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 31 May 2018
ග්‍රාම නිලධාරීවරු 1650 ක් හෙට පත්වීම් ලබති නව ග්‍රාම නිලධාරීවරු 1650 දෙනෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (1) පත්වීම් ලබති. 31 May 2018
2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරිමේ චක්‍ර ලේඛය නිකුත් වෙයි 2019 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍ර ලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 31 May 2018
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් 9 ක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දිස්ත්‍රික් මට්ටමින් සහ පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් නව සාමාජිකයින් නව දෙනකු අද (31) පත් කෙරිණි. 31 May 2018
ජනපතිගේ කතාවට ප්‍රතිචාර දක්වන්න එපා යයි අගමැතිගෙන් එජාප නායකයන්ට නියෝගයක් මාඳුළුවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අද (31) නියෝග කළේය. 31 May 2018
ජනපතිගේ තීන්දුව එන තුරු ගලේවෙල සුදු ගල් කොරියෙහි වැඩ අත්හිටුවයි ගලේවෙල මකුලගස්වැව පන්ගල ගම්මානයේ ඉදිකිරිමට යෝජිත මෙරට සිට විදේශියන්ට අපනයනය කරන සුදු කල් කුට්ටි කිරිමේ කොරියේ බලපත්‍රය ජනපති තීන්දුව ලැබෙන තුරු අත්හිටුවීමට ගලේවෙල ප්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය කළේය. 31 May 2018
දුම්රියේ දී නොර්වේ කතකගේ මුදල් කොල්ල කාලා නොර්වේ ජාතික කාන්තාවකට අයත් මුදල් සහ දේපල ඇතුළත් අත් බෑගයක් කොළඹ සිට මාතර බලා ධාවනය වු දුම්රියක ගමන් ගත් පුද්ගලයකු විසින් කොල්ල කා පලා ගිය බවට අදාළ විදේශීය කාන්තාව විසින් අම්බලන්ගොඩ පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත. 31 May 2018
නිධන් හෑරූ 5ක් නවගත්තේගමදී අත්අඩංගුවට නවගත්තේගම පලුගස්සෑගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පස් දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 31 May 2018
ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මැද භාගයේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටියි. 31 May 2018
තරු පහේ හෝටලයක අපද්‍රව්‍ය වික්ටෝරියා ජලාශයට මහනුවර තැන්නකුඹුර පිහිටි තරු පහේ හෝටලයක වැසිකිලි අපද්‍රව්‍ය ගලි බවුසරයකින් රැගෙන විත් අද (31) උදෑසන හතරට පමණ වික්ටෝරියා ජලාශයට මුදාහරිමින් සිටියදී තලාතුඔය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. 31 May 2018
සනත් නිශාන්තට ඇප හලාවත මහාධිකරණය විසින් පැනවු ඇප කොන්දේසි කඩ කිරිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සහෝදරයා වන කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා යන මහත්වරුන්ට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.බී.සී.එස් මොරායස් මහතා අද ( 31 ) දැඩි කොන්දේසි මත ඇප නියම කෙරිණි. 31 May 2018
ළමුන් 11 ක් පැහැරගත් සැකකරුගේ අතුරුදන්වීමට හිටපු නාවික හමුදාපති උදව් කළාලු ළමුන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරචිගේ අතුරුදන් වීමට හිටපු නාවික හමුදාපති කමාන්ඩර් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවි විජේගුණවර්ධන මහතා උදව් උපකාර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) අධිකරණයට දැනුම් දුන්නේය. 31 May 2018
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වු විත්තිකරුවන් තිදෙනෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේය. 31 May 2018
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ බාරකරු 17 දක්වා රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ සේප්පුව තිබු රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ බාරකරු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 31 May 2018
මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 31 May 2018
කෝටි හය හමාරක රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයා දැළේ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 31 May 2018
දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබේ. 31 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026