ගුවන්තොටුපොල කටයුතු  මේ වන විට සාමාන්‍ය අයුරින් සිදු කෙරෙන බව ගුවන්තොටුපොල ගුවන්සේවා සමාගමෙහි සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් ඇති කර ගත යුතු  නොමැති බවත් ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් ගුවන් තුටුපොළ තුලද ක්‍රියාත්මක වන බව පැවසූ සභාපතිවරයා  ගුවන් මගීන් පැය 4කටවත් පෙර ගුවන්තොටුපොලට පැමිණෙන ලෙස ඉල්ලීමක්ද කළේය.

 ගුවන්තොටුපොල රථගාලේ සැකකටයුතු මෝටර් රියක් නවතා දැමීම හේතුවෙන්  උදෑසන ගුවන්තොටුපොල මාර්ගය වසා දමා දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.