(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්රහාරකින් මිය ගිය මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා සති කිහිපයකට පෙර තමන්ට ඇති සියලූ දේපළ දරුවන්ට හා සොහොයුරන්ට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැදවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඔහු සිට දේපළ දරුවන්ට පැවරූ බව සදහන් ලේඛන ද මාධ්‍ය හමුවේ පෙන්වමිනි.
දේපල සියල්ල පවරා දී ඇත්තේ ඔහුද මරණයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටි නිසා විය හැකි බව ද සෝමානන්ද හිමියෝ කීහ.
පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝමානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ.
මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ තිබෙන ලක්ෂ 450ක් වටිනා ඉඩමක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9කට වැඩි මුදලක් ගෙවා ඉකුත් මස 29 වැනිදා තමන්ගේ දරුවන්ට ලියා ඔහුට හා තවත් අයෙකුට අයත් රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා පෞද්ගලික සමාගමක කාර්යාලයක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයකට වැඩි මුද්දර ගාස්තුවක් ගෙවා අපේ‍්‍රල් 1 වැනිදා ඔහුගේ සොහොයුරෙකුටත් පවරා තිබෙන බව උන්වහන්සේ කීහ.
ඔහු කොළඹ නාමල් පාරේ ඇති තමාට අයත් රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා ඉඩමක් රුපියල් ලක්ෂ 19කට වැඩි මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඉකුත් 1 වැනිදාම වෙනත් සමාගමකට පිරිනමා ඇති අතර අයත් මාතලේ පිහිටි පෞද්ගලික සමාගමක් පිහිටුවා ඇති සිය ඉඩමක් එම සමාගමට වෙත රුපියල් ලක්ෂ 110 ක පමණ මුදලකට පවරා තිබෙන බව ද සෝමානන්ද හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා විසින් කරනලද සෑම පැවරීමක්ම අවලංගුයි ..!!!!
අනේ හාමුදුරුවනේ , සාකච්ඡා නැතිව ඉන්නවද? දැන් හමුදාව ක්‍රියාත්මකයි ඔබවහන්සේලා ටිකක් අහකට වෙලා ඉන්න
ඔවුන්ගේ දේපොළ ඔක්කොම රාජසන්තක කරලා මියගිය සහ තුවාල උන අයට වන්දි ගෙවන්න යොදාගන්න!
ත්රස්තවාදීන් විසින් ප්‍රහාරයට පෙර පවරා දුන් දේපල සියල්ල ඉදිරි පැය 72 තුළ රජයට පවරා ගෙන විකුණා එම මුදල් අනතුරට පත් දරුවන් වෙනුවෙන් වැය කරනු. නීති තර්ක ගෙන එමින් මෙය නොකරන අයත් දේපල ආපසු නොදෙන්නට හදන ත්රස්තවාදීන්ගේ ඥාතීනුත් ත්රස්තවාදීන් ලෙස සලකා ක්‍රියා කරනු. දේපල පවරා ගැනීම වැරදි වැඩ කියමින් ඉදිරිපත් වන ඊනියා සාම නියෝජිතයින් යනු සැගවී සිටින ත්රස්තවදින්මය.ත්රස්තවාදියාත් සමග ඔහුගේ කටයුතු දැන සිටි ලගම 10 දෙනාත් අත් අඩංගුවට ගනු ! බිරිද, සොහොයුරා, මිතුරා මේ ගැන නොදන්නා බව කීම බොරු බව තේරුම් ගනු.
දැන් ඔය විදියට හදිස්සියේ ඉඩම් විකුණපු අය කවුද කියල හොයන්න ඇත්නං තව වැදගත් තොරතුරු ගොඩක් හොයාගන්න පුලුවන්, මේක කරන්න අමාරුයි තමයි ඒත් රටේ තත්වෙ හැටියට ඒ තොරතුරු ඉතා වටිනවා
අම්මෝ මොනතරම් දේපලක හිමිකරුවෙක්ද මේ ත්රස්තවාදියා, මේ සේරම රජයට පවරාගෙන.. එක්කෝ ඕනෑ නැහැ..
ක්‍රිස්තියානි කාරයෙක් ලෙස දැන් තේරෙනවා හාමුදුරුවරු කියන්නේ ජාතියේ මුර දේවතාවන් කියලා.. මේ දුෂ්ඨ ක්‍රියාවේදි ක්‍රිස්තියානි ආගමික නායකයින් අඩියක් පස්සට ගෙන අදහස් ප්‍රකාශ කරද්දී ගරු ස්වාමීන්වහන්සේලා දූෂිතයින්ට විරුද්ධව එඩිතරව ඉදිරියට ආවා. සමහර කතෝලික නායකයින් දුෂ්ඨ ප්‍රහාරයෙන් පසුව අරාබි තනාපතිවරුන් හමුවීමෙන් පසුව පැවසුවේ බටහිර රටවල් ආයුධ විකුණාගන්න මෙහෙම දෙයක් සිදුවූ බව තමන්ම රවටා ගැනීමක්.. ඒක ලැජ්ජයි
මේවා රාජසන්තක කල යුතුයි!