වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු වාහනයක හප්පා තුවාල සිදු කර පැහැරගෙන ගොස් ගිනි තබා ඝාතනය කළැයි චෝදනාවකට වසර පහළොවකට පසු අත්අඩංගුවටගත් පුද්ගලයකු ලබන මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සජේන්ද්ර ජයසුරිය මහත්මිය නියෝග කළාය. 31 May 2018
ධීවර රැකියාවට ගොස් සෝමාලියා දුපතේ අතරමං කළ 12 ක් ලංකාවට මෙරට විදේශ රැකියා නියොජිතයකු මාර්ගයෙන් දකුණු අප්‍රිකාවේ ධීවර රැකියාවන් සඳහා ගොස් සෝමාලියා ලෑන්ඩ් දූපතේ අතරමංව සිටි ශ්‍රී ලාංකික 12 දෙනෙකු ඉතියෝපියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය මත අද (31) අලුයම දිවයිනට පැමිණියහ. 31 May 2018
’අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා’ - ජනපති ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 May 2018
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි. 31 May 2018
දැරිය අපයෝජනය කළ හමුදා සෙබළා අත්අඩංගුවට නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 31 May 2018
මිය ගිය මාධ්‍යවේදියා මාධ්යහමුවකින් මතුවේ යුක්රේනයේ කීව්හිදී ඝාතනයට ලක්වූ බව වාර්තා වූ මාධ්‍යවේදියා අද, බදාදා (30) සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුවකට පැමිණියේය. 30 May 2018
බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත. 30 May 2018
කොළඹ පාසලකට ළමයි දාන්න සල්ලි ගත් අයෙක් රිමාන්ඩ් කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක්ෂයක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් ලබාගත් බව කියන සැකකරුවකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 30 May 2018
පස් වියැති බිළිඳා ඝාතනය කර පියාද දිවි නසා ගනී බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි. 30 May 2018
වර්ෂාවෙන් විනාශවූ ලේඛන නැවත ලබාදීමට නීතීඥ සංගමය ඉදිරිපත් වෙයි වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ ලිපි ලේඛන නැවත ලබාගැනීම සඳහා තම සංගමයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 30 May 2018
දින 100 වැඩපිළිවෙළ මෝඩවැඩක් - ජනපති තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්රමුඛ ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 30 May 2018
‘ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි‘-සරත් විජේසූරිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන තුරු පමාවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 30 May 2018
පුටින් විවේචනය කළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදියකු යුක්රේනයේ කීව්හිදීය ඝාතනයට ලක්ව තිබේ. 30 May 2018
‘බලයට පත් වී පැය කිහිපයකින් දේශිය ආදායම් පනත මුළුමනින්ම වෙනස් කරනවා‘ ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත අප බලයට පත් වී පැය කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 May 2018
‘එක් අයෙකුට චෝදනා එල්ල වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දාන්න එපා‘-සුසිල් ප්‍රේමජයන්ත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 30 May 2018
කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පැවසීය. 30 May 2018
සම්බන්ධන්ගේ ස්ථාවරය ගැන සතුටුයි 16 කණ්ඩායම කියයි ජාතීන් අතර යළිත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය මේ රට තුළ ගොඩනගා ගත යුතු බවටත්, සිංහල, බෞද්ධ ජනතාවගේද කැමැත්ත ඇතිව එය සිදුකළ යුතු බවටත් වන අදහසක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සිටීම රටට ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 30 May 2018
සැලසුමේ පිටතක් නාමල්ගේ නීතීඥයාට දෙන්නැයි නියෝග හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පරීක්ෂණ ආරම්භ කළ පසු බොස්ටන් කැපිටල් සමාගමට එවු බව කියන සැළසුමේ පිටපතක් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (30) නියම කළේය. 30 May 2018
ක්‍රිකට් නිලවරණය කල් යයි හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණ අද (30) තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය. 30 May 2018
විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනා අනුමත කරනවා‘ -ගාමිණි වියන්ගොඩ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමටත් කටයුතු කරන බව පුරවැසි බලය සංවිධාන යේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය. 30 May 2018
මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නීතිඥවරයකුද වන මේජර් අජිත් ප්‍රසන්න මහතාඅජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය. 30 May 2018
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ’ඒ’ ශ්‍රේණියට උසස් වීමක් ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානය (ජී.ඒ.එන්.එච්.ආර්.අයි) ඉකුත් දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ‘ඒ’ ශ්‍රේණියට උසස් කර තිබේ. 30 May 2018
කීත් නොයාර් සිද්ධියට ෆොන්සේකාගේ සම්බන්ධයක් නොපෙනෙන බව සීඅයිඩිය කියයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නේය. 30 May 2018
සයිටම් ලියාපදිංචියට එරෙහි අභියාචන පෙත්සම් තීන්දුව කල් යයි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන්ට රජයේ වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට අවසර ලබා දෙමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය. 30 May 2018
තරුණයින්ට තැන දෙන්න එජාප ජ්‍යෙෂ්ඨයින් ඉවත් වීමේ තීරණයක ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත. 30 May 2018
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල් 6 දක්වා රිමාන්ඩ් වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටියදී 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානයතුලදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්රභාකරන් මහතා නියෝග කළේය. 30 May 2018
සනත් නිශාන්තට ඇප දෙන්න වත්කම් සහතික දෙන්න‘යි අධිකරණ නියෝගයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා ඔහුගේ සහෝදරයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කෙරුණු මෝසම සලකා බැලු හලාවත මහාධිකරණ විනිසුරු එම්. බී. සී. එස්. මොරායස් මහතා ඇප නියම කිරිම පිණිස අද (31) සුදුසු ඇප කරුවන්ට සිය වත්කම් සහතිකයින් සමඟ අධිකරණය හමුවට පැමිණෙන ලෙස නියෝග කළේය. 30 May 2018
මැයි දින සැමරුමට නව නගර ශාලාව නොදුන්නැයි සමාජවාදී සමානතා පක්ෂයෙන් පෙත්සමක් සමාජවාදී සමානතා පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය හා රැස්වීම වෙනුවෙන් කොළඹ නගර සභාව නව නගර ශාලාව ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම පක්ෂයේ නායක විජේ ඩයස් මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 30 May 2018
නොකළ වරදකට රිමාන්ඩ් කළැයි ව්‍යාපාරිකයාගෙන් මහාධිකරණයට පෙත්සමක් දුම්කොළ පනත යටතේ වරඳක් කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන මාස 03 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් රේගු නිලධාරී තමාගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බව පවසමින් දුම්කොළ ව්‍යාපාරිකයකු විසින් පවරන ලද නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය තීරණය කළාය. 30 May 2018
කතරගම දේවාලයේ කප් සිටුවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වර්ෂයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීම අද (30) අලුයම යෙදුණු සුභ නැකතින් සිදු කෙරිණි. 30 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026