ජාතික ඒකාබද්ධතා සමීක්ෂණ වාර්තාව එළි දකී
ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව 2017 වර්ෂයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අමාත්‍යංශය මට්ටමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාව එළි දැක්වීම ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදි අද (28) පැවැත්විණි.