( බිමල් ශ්‍යාමන් ජයසිංහ)


ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක් පාදුක්ක බෝපේ වත්ත  ප්‍රදේශයේ ඇළ  මාර්ගයක තිබී  අද හමු වී ඇතැයි පොලීසිය කියයි.

ප්‍රදේශවාසියෙකු දුන් තොරතුරකට අනුව  සොයාගත් මෙම ජාතික හැඳුනුම්පත 22 හැවිරිදි පුද්ගලයකුට අයත් පොලීසිය පවසයි.

 එම ජාතික හැඳුනුම්පත  එම ස්ථානයට කවුරුන්හෝ ගෙනැවිත් දමන්නට ඇතැයි සැක කෙරෙන අතර  මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.