(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
පාතාල නායකයකු වන මාකදුරේ මදූෂ් නැමැතා සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී , එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ගායන ශිල්පී ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් අද අලුයම 5.03 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව මොවුන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී ,රණුක්ගේ දීපාල් චමින්ද ,හෙට්ටිහේවා අමිල ප්‍රසංග , කලුපහන ෂෙල්ටන් , තුසේ පෙරේරා ලියනරාළලාගේ අමල් ප්‍රියන්ත , රණවකගේ ධම්මික නුවන් රණවක යන සැකකරුවෝ මෙලෙස අත්ුඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔයා ගැන හොයන්න කවුරුත් නෑ.... කට්ටියට ඔයා අමතකයි..
නියම වෙලාව රටට රිංගගන්න......
අපරාදේ ලංකාවට එව්වේ. එහෙදීම දඬුවම් දෙන්න තිබ්බේ. දැන් ඉතින් මේගොල්ලන්ව නිදොස් කොට නිදහස් කරවී . අනේ අපේ රටේ නීතිය.
මෙයා මීට වඩා ලොකු භූමිකාවක් මේ කුඩු ජාලය තුල කර ඇති බව තේරුම් යනවා. ඒ නිසා හොදින් හොයන්න මදුෂ්ට මෙතරම් ලං වෙන්න හේතුව.
මේ අලකලංචි අස්සේ කිසිදු වරදක් නොකර නිකරුනේ යකඩ කුරු ගනිමින් සිටි හතරට ගැනගන්න බැරිව සිටි මේ අහිංසකයන් ටිකත් මේ වෙලාවේම මෙහෙට ආවනෙ හැබැවට. මොකට මෙහෙට එව්වද මන්දා.
ඩුබායි අලකලංචිය කියලා ඇල්බම් එකක් ගැහුවා නම් හැමෝම ගනීවි...