රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයින් දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40 පමණ වටිනා රන් බිස්කට් 04 ඩුබායි සිට නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව බව ගුවන්තොටුපළ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය පවසයි . 28 May 2018
රත්තරන් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 28 May 2018
ජල සේවක පිරිසක් අද වර්ජනයක වැටුප් වැඩි නොකිරීමේ ප්‍රශ්නයක් මුල් කරගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන ප්‍රධාන කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක සේවකයෝ අද (28) පැය 4ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි. 28 May 2018
‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කරනවා’- ජවිපෙ මාලබේ සයිටම් ආයතනයේ සිසුන්ට සාධාරණයක් ඉටුකිරීමේ මුවාවෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 27 May 2018
කලුවිල රක්ෂිතයේ ඉඩම් බලහත්කාරෙන් අල්ලාගෙන නාච්චාදුව කලුවිල වැව ඉහළ රක්ෂිතයේ අක්කර තිහක පමණ ප්‍රමාණයක් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කර ගෙන ගොවිතැන් කරන බව ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. 27 May 2018
අනතුරු ඇඟවීමේ රතු නිවේදන ඉදිරි පැය 24ටත් වලංගුයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉදිරි පැය 24 ට ද වලංගු බව එම සංවිධානය කියයි. 27 May 2018
කරාපිටියේ දරුවන්ගේ මරණ වලට හේතුව ඉන්ෆ්ලුවන්සාව පමණක් නොවේ අප්‍රේල් පළමු සතියේ සිට අද (27) දක්වා කරාපිටිය රෝහලේ මියගිය දරුවන් නම දෙනකුගෙන් හත් දෙනකුගේ මරණ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වාර්තා ලැබී අති බවත් ඔවුන් මිය ගියේ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය හේතුවෙන් පමණක් නොවන බව තහවුරු වී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී.විජේසූරිය මහතා අප කළ විමසීමක දී පැවසීය. 27 May 2018
ආපදා වලින් 23 ක් මරුට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් විවිධ ආපදාවලට ලක්ව 23 දෙනෙක් මිය ගොස් එක් අයෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 27 May 2018
මහසෝන් බළකායේ ලොක්කා පහර කා රෝහලේ මහනුවර සිදුවු ජාතිවාදි කලබල සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මහසොහොන් බළකායේ නිර්මාතෘ සහ නායක අමිත් වීරසිංහ නමැති අයට බන්ධනාගාර රෝහලේදී පසුගිය 24 වැනි දා ඖෂධවේදියකු විසින් සිදු කළ පහර දීමකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 27 May 2018
අ’පුරේ වයෝවෘද්ධ අයෙක් මහ මඟ දමා යයි වාහනයකින් පැමිණි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයකු අද (27) අනුරාධපුර බැංකු පෙදෙසේ අතුරු මාර්ගයක දමා පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 27 May 2018
වැසි සහිත කාලගුණය අඩුවන ලකුණු දිවයිනට බලපා තිබු තද වැසි සහිත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 May 2018
හෘද සාක්කියේ සම්මන්ත්රණ මාලාවේ දෙවැන්න නුවරදී අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්රණ මාලාවේ දෙවැනි සම්මන්ත්‍රණය ලබන මසදී නුවර දී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පැවසීය. 27 May 2018
ඇමැති ටීබී ඒකනායක හෙට එෆ්සීඅයිඩීයට සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා හෙට (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිත බව පොලිසිය කියයි. 27 May 2018
පුත්තලමේ පුද්ගලයන් 38163ක් අවතැන් වැසි සහිත කාළගුණික තත්වය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වන විට පුද්ගලයින් 38163 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් . එච් . චිත්‍රානන්ද මහතා පවසයි. 27 May 2018
පදිංචියට අවසර තිබුණත් නැතත් ආපදා වන්දි ගෙවනවා - වාරිමාර්ග ඇමති දුමින්ද ආපදාවට ලක් වූවන්ට වන්දි ලබාදීමේ දී ඔවුන් පදිංචිව සිටියේ අවසරයක් ඇතිවද, නොමැතිවද යන්න නොසළකා අවශ්‍ය කටයුතු කරන ලෙස සියළුම රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 27 May 2018
මාදම්පේ පොලිස් නිලධරයාට සැරයන් තනතුරට උසස්වීමක් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේ සැඩ පහරකට හසුව ගසා ගෙන යමින් සිටි තිදෙනෙකු දිවි බේරා ගැනීමට ගොස් සැඩ පහරකට හසුව මියගොස් සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල් දසනායක පතිරැන්නැලාගේ ඩිලාන් සම්පත් (29) නැමැති කොස්තාපල්වරයා පොලිස්පතිවරයා විසින් පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 27 May 2018
බිරිඳට ගැසූ පොලු පහරින් සිඟිත්තා මැරූ පියා රිමාන්ඩ් කන්දකැටිය මුඩගමුව ගම්මානයේ දී අඹුසැමියන් අතර ඇතිවූ බව කියන ගැටුමකදී දර පොලු පහරකට ලක්ව මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර පියා ජූනි 6 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 27 May 2018
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරු රිමාන්ඩ් කිලිනොච්චිය, රාමනාදපුරම් පුදන්නාබු ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් රැගෙන යමින් සිටියදී ධර්මපුරම් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඒ.ආනන්දරාජා මහතා නියෝග කළේය. 27 May 2018
වතුර බවුසරය A - 320 ගුවන් යානයේ ගැටෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක වතුර රැගෙන පැමිණි බවුසරයක් ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 May 2018
ඉදිරියේ සියලුම මැතිවරණ වලට එනවා - පොහොට්ටුවේ සභාපති ජී.එල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 27 May 2018
මුඩත්ත වැවේ වැබ් බැම්ම කැඩිලා පවතින වර්ෂාව හමුවේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබේ. 27 May 2018
ගංවතුර හානි බලන්න ජනපති නාත්තන්ඩියට ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුව දුක් විමසා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාත්තන්ඩිය ප්‍රදේශයට පැමිණියේය. 27 May 2018
වැස්සෙන් මුලතිව් නිවාසවලට හානි මුලතිව් දිස්ත්රීකක්යටද පසුගිය දින කිහිපය පුරාවට නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට වාර්තා වෙයි. 27 May 2018
වතුර පොම්ප සොරාගත් පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට ගොවිබිම් වල සවිකර තිබූ වටිනා ජල පොම්ප සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනාකමකින් යුතු සොරා ගත් ජල පොම්ප 08 ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලීසිය කියයි. 27 May 2018
දියේ ගිලී අතුරුදන්වු කොස්තාපල්ගේ සිරුර හමුවේ ගංවතුරට කොටුවී සිටි පිරිසක් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන ඒමට තැත් කළ අවස්ථාවේ දී ගංවතුරට හසුවී ගසා ගෙන ගොස් අතුරිදන් වු මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර සිද්ධිය වු ස්ථානයට නුදුරින් පඳුරක සිරවී තිබී අද (27) උදේ සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 27 May 2018
වෛරස් උණෙන් තවත් දෙදෙනෙක් මරුට ඉන්ෆලුවෙන්සා වෛරස් උණ වැළදීමෙන් ඉකුත් දෙදින තුළ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 27 May 2018
ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙමින් ඊයේ නිකුත් කෙරුණු 21/2018 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද නියෝග කර ඇත. 26 May 2018
ට්‍රම්ප් උතුරු කොරියාව සමග රහස් කතා උතුරු කොරියාව සමඟ ඵලදායී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 26 May 2018
2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින් රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 26 May 2018
ඇමෙරිකාව සිරියාවට අනතුරු අඟවයි. සටන් විරාමය උල්ලංඝණය කළහොත් ස්ථීර සහ නිසි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවට අනතුරු අඟවයි. 26 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026