(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක ඊයේ(21) බෝම්බ පිපිරීමත් සමඟ රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ(21) රාත්‍රියේ දිවයිනට පැමිණීමෙන් පසු මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවා ඇත.
මේ අතර ආරක්ෂක මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී රැස්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් පුනන්දු ඇමති කලින් දැනගත්තා නමි කට පියාගෙන සිටියේ කුමක් නිසා දැයි ජනතාවට හෙලි කල යුතුයි .නැතිනමි මෙම මණ්ඩලයෙන් අපට වැඩක් නැත.
අනතුරු ඇගවීම කල්තියා ලැබිලත් නිකන් ඉදලා දැන් කලබලවෙලා.
මේ කට්ටිය රැස් වෙලා කිසිම වැඩක් නෑ..... ඒත් කමක් නෑ.... කැන සාකච්ඡාවක් හොරෙන් කරන්න...
අද ජාතික සෝක දිනයක් කරන්න රජයට බැරිද?
පසුගිය දිනවල බලයට පොරකෑවා මිසක වෙන වැඩක් තිබුනේ නැහැනේ. මට මතක විදිහට මෙයා කැබිනට් මණ්ඩලයත් වර්ජනය කරලයි තිබුනේ.
මොන විකාර මීටින්ද මේවා !! ඔක්කොම පඹයෝ...... කරන්න ඕන දෙය නොකර කියනවා අපට කිව්වේ නැහැ කියලා !! රට විනාශයට ගෙනගිය කුණු දේශපාලුවෝ !!
වහාම ජනපති අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය වගකීම් පැහැර හැරිම යටතේ අත්අඩංගුවට ගන්න.
පළමුව මෙම මෙලෙඡ්ච ක්‍රියාව හේතුවෙන් මියගිය අපගේ සහෝදර කිතුනු බැතිමතුන් මෙන්ම සියලුම දෙනා වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව සදහන් කිරීමට කැමැත්තෙමු. දෙවනුව " 225 වූ හරක් රෑනේ එකෙකු හෝ මෙසේ මියනොයාම " පිළිබදව අප බලවත් ලෙස කනගාටු වන්නෙමු. රටේ ආරක්ෂාව මෙන්ම පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබදව නොසිතා තම තමන්ගේ ඡන්ද ගොඩ ගැන පමණක් සිතන 225 ට තව දුරටත් අපගේ මව්බිමේ ජීවත්වීමට කිසිදු අයිතියක් නැති බවටද දැන්වීමට කැමැත්තෙමු.
මේ කට්ටිය රස්ව්වෙම් තියනවා, ඊට පස්සේ මොනවහරි උනාම කමිටු පත් කරනවා. දෙයක් වෙන්න කලින් නවත්ත ගන්න බෑ. මහබැංකුවටත් උනේ ඔකයි.
මතක ඇතුව අර ලියුම ඊලඟ කැබිනට් එකටවත් අරන් එන්න කියන්න...
දැන් මොන මීටින්ද තවමත් ශෝකදිනයක්වත් රට පාලනය කරන අය සමාවවත් ඉල්ලුවද? අනෙක් රටවල් අපිට ශෝක ප්‍රකාශ කරනවා. අපිට ලාංකිකයෝ හැටියට හරිම ලැජ්ජා හිතෙනවා. අපේ රට පාලනයේ කරන්නේ බුරුවන් කියලයි අපිට හිතෙන්නේ...
මොන පාදඩ දේශපාලනයක් ද මේ... රට කන දේශපාලන හැත්ත මේක කරන්න පුළුවන් උගත් මිනිස්සුන්ට දීලා තොලොංචි වෙලා යන්න.
අපේ රටේ සිංහල කතෝලික ජනතාව බොහොම සාමකාමී පිරිසක් .වෙන රටක මෙහෙව් දෙයක් උනානම් මිනිසුන් පාරට බැහැල ආරක්ෂක ඇමැතිවරයාට අස්වෙලා යන්න බලකරනවා . බුද්ධිඅංශ දැනුම් දී තියෙත්දීත් නිදාගෙන නෑසුකන්ව සිටි ආරක්ෂාව බාර නිලධාරීන් වහාම ඉල්ලලා අස්විය යුතුයි .
බදියුදීනුත් මීටිමේ ඉන්නවද?
රැස්වෙන්නේ අස්වීම කවද්ද දෙන්නේ කියලා සාකච්ඡා කරන්නද?
සිරිසේනත් එක්ක තියෙන රැස්වීම්... නිකම් අපේ සල්ලි කන එක විතරයි. කාලකන්නි...
අනුන්ට බැන බැන හිටිනවා මිසක් තඹ සතයකට වැඩක් නැති එජාප එකෙන් දිනලා එයත් ඉවර කරනවා. මෙයාලට තමයි දඬුවම් හදන්න ඕනේ... රටේ සල්ලි කකා ලෝකේපුරා ඇවිදිමින් අනුන්ට බැන බැන ඉන්නවා..