(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.
ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක අදාළ පුපුරණද්‍රව්‍ය තොගය තිබූ බවද ගෙවත්ත හිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ එය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇති බවද පොලිසිය කියයි.
ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තිබී සොයාගෙන ඇත.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩට ගෙන නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේවා හදිස්සියේ හමුවෙන්නේ? අයිතිකරු සමග සම්බන්දයක් ඇති පසු කලක දැන් බයවෙලා ඒවා එලියට දානවා