ත්රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති්ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයන් අද (22) පැවැති ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ගත් තීරණ කිහිපයකට මෙම තීරණයද ඇතුළත්ය.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති්රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.
ඊයේ සිදු කළ ත්රස්ත කි්රයාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එම සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබද ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට සහ ති්රවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බලාගෙන සූත්තර පුංචාගේ ඩොලර් නඩේ මිනිස් අයිතිවාසිකම් ගැන අඬන්න ගනී...
300ක් මැරුණට පස්සේ තමා නැගිටලා තියෙන්නේ.
ත්රස්තවාදය මර්දනය කරන්න ගිහිල්ලා නේද අපේ හමුදා විරුවෙක් අද මරණීය දණ්ඩනයට යටත් වෙලා එල්ලා මරණ පෝලිමේ ඉන්නේ? තව කී දෙනෙක් හිරේ විලංගුවේ දාන්න දවස ගානෙම රහස් පොලීසියට ගෙනැල්ලා ප්රශ්න කරනවද? මේ ඒවායේ ප්රතිඵල නේද?
2009 ට ආපසු හැරි බලමු. රට ජනතාව ගැන සිතා වහාම නිසි දඬුවම් කරන්න. ත්රස්තවාදය රටින් තුරන් කිරීමට සියලුම ජනතාව එකාවන්ව පෙළ ගැසෙමු.
දේශපාලන ගැත්තන්ට මොන හේතුවකටවත් අපේ හමුදාවට දඬුවම් පැමිණ වීමට ඉඩ නොලැබෙන ගැසට් එකක් නිකුත් කරන්න.
නැවත ත්රස්තවාදයක් ඇතිවෙන්නේ නැහැ කියල නේද නේද මේ රිලව් ටික කිව්වේ? ත්රස්තවාදී මර්දන පනත අහෝසි කරන්න එපා කියලා මහින්ද මහතා කිව්වා නේද? දැන් මහින්ද මහතා හරි කියා පිළිගමු නේද?
රටක් උනාම දැක්මක් තියෙන්න ඕනේ.. රටේ ආරක්ෂාව එක එක දේශපාලන පක්ෂ වලට ඕනේ විදියට වෙනස් කරන්න දෙන්න බැහැ.. බුද්ධි අංශේ නිලදාරීන් හිරේ දානකොට, ඔවුන්ට දඩුවම් දෙන්න කියල කැ ගැහුවේ කට්ටියටත් අන්තිමට පිහිටට ඉන්නේ හමුදාවම තමා... 2015 පස්සේ හමුදාවට සලකපු හැටි කවුරුත් දැක්කා. උතුරේ තියෙන හමුදා කදවුරු ඉවත් කලා. දේශපාලකයන්ට සහ NGO කාරයන්ට ඕනේ දේවල් කලා. ඇමෙරිකන් තානාපතිනි නිල නොලත් විදියට රට පාලනේ කලා.. අන්තිමට දේශපාලකයෝ බේරුනා.. අහිංසක මිනිස්සු සියගානක් මැරුණා. ක්රිස්තියානි පල්ලි වලට බෝම්බ තියල මැරුණා, ඒ වගේම තමා යුද්දේ කලේ, පන්සල් වල හාමුදුරුවෝ, අහිංසක මිනිස්සු සිය ගණනින් මැරුවා, දළදා මාලිගාවට බෝම්බ තිබ්බා ඔක්කොම ත්රස්තවාදීන් , මුස්ලිම් හෝ දෙමල කොටි කියල වෙනසක් නැහැ. සිංහල , මුස්ලිම්, දෙමල ඔක්කොම එකතුවෙන්න ඕනේ මෙතන, මොකද මේ මැරෙන්නේ හැම ජාතියකම මිනිස්සු.