(ඩයනා උදයංගනී සහ දිල්රුක්ෂි ග්‍රේරු)
අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්‍ෂ මහතා පැවසීය.
එම ජල පවිත‍්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය භාවිතයට නුසුදුසු බවට රාගම, ගම්පහ, කැලණිය, ආදී ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රචාරයක් පැතිර ගොස් ඇති අතර මේ හේතුවෙන් ජනතාව කැළඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අඹතලේ ජල පවිත‍්‍රාගාරයෙන් කළ විමසීමකදී පියල් රාජපක්‍ෂ මහතා පැවසුවේ එය අසත්‍ය ප‍්‍රචාරයක් බවයි.
පවිත‍්‍රාගාරයෙන් නිකුත් කරන ජලය කිහිප වතාවක්ම පරීක්‍ෂාවට ලක්කර සුරක්‍ෂිතතාව තහවුරු කර තිබෙන බව ද ඔහු සදහන් කළේය.
විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ප්‍රචාරය හිතාමතා කිසිවකු විසින් ගෙන යන ප්‍රචාරයක් බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය. එසේම ජලයේ පිරිසිදුබව පිළිබඳව සහතික විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජලයේ වසක් මිශ්‍ර වී ඇතැයි පැතිරෙන කටකතා අසත්‍ය බව පොලිස් මූලස්ථානය මගින්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ලිපිය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ජලාශ වලට වස දමල මිනිස්සු මරණ එක ප්‍රායෝගිකව කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමි ජලාශයක ජලය ගැලුම් මිලියන ගණනක් තියනවා සයනයිඩ් වගේ දෙයක් දැම්මත් මිනිස්සු මරන්න තරම් අවශ්‍ය "සයනයිඩ් සාන්ද්‍රණයක් " ලබා ගන්න කොච්චර සයනයිඩ් ප්‍රමාණයක් දමන්න ඕනද ? මේක රහසේ කරන්න පුලුවන් දෙයක් නෙමි. සයනයිඩ් ටොන් ගණනක් එකතුකරන එක උසස්පෙළට රසායන විද්‍යාව කරපු අය දන්නවා මේකේ "තියරිය " "අපරිමිත තනුකතාවයෙන් යුතු ද්‍රවණයක් කියන්නේ මොකද්ද කියල. සාමාන්‍ය ජනතාව මේක දන්නේ නැහැ කට කතා වලට රැවැටෙනවා එක ස්වාභාවිකයි