පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තමන් ගැලවුණේ තම පියාගේ අවවාදය පිළිපැදීම නිසා බවත් රෝහලක නේවාසිකව සිටි තම රෝගී පියා දන්නා දේ රටේ රජය හෝ රට කරවන බලධාරීන් නොදන්නා බවත් ඩිජිටල් හා යටිතල පහසුකම්, ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබුණද එම තොරතුරු නිසි පරිදි භාවිතයට නොගත් හෙයින් මෙම විනාශය සිදුවූ බවත් මෙම විනාශය පහසුවෙන්ම වළක්වාගත හැකිව තිබූ එකක් බවත් ඇමතිවරයා කීවේය.
“මගේ පියා සති තුනක් තිස්සේ ඉන්නේ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්. එයා ඊයේ (20) වැනිදා මට කතා කරලා කිව්වා කොච්චිකඬේ පල්ලියට යන්න එපා. මෙහෙම දෙයක් ගැන ආරංචියක් තියෙනවා කියලා. රෝගාතුරව, ඉතාමත් අමාරු තත්ත්වයකින් ඇඳේ සිටිද්දීත් එයා මේ වගේ දෙයක් ගැන දැනගත්ත එක මටත් ප්‍රශ්නයක්.
”කොහොම වුණත් තාත්තා යන්න එපා කිව්ව නිසා මම බේරුණා”
”මේ ගැන දැනුවත් වෙලා තියෙද්දිත් කොහොමද මේක උණේ කියන එක ගැටළුවක්. මේ සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න වෙයි. වගකීම ගන්න ඕනෑ පුද්ගලයන්ට වගකීම ගන්න වෙයි. වගකීම පැහැර හැරිය පුද්ගලයන් ගැන දැඩිව ක්‍රියා කරන්න වෙනවා” යයිද හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවැති පුවත්ත සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක්, කොළඹ විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 1 වැනිදා වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් රැසකටම දැනුම් දෙනු ලැබ තිබිණ. එම ලිපිය අධ්‍යක්ෂක/ඇමති ආරක්ෂයක කොට්ඨාසය, අධ්‍යක්ෂක/අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂක/විශ්‍රාමික ජනාධිපති ආරක්ෂ්ක කොට්ඨාසය, වැ.බ.අධ්යක්ෂ, තානාපති ආරක් කොට්ඨාසය සහ වැ.බ. අධ්යක්ෂ /විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත යොමු කර තිබිණ.
මෙම තොරතුරු සම්බන්ධයෙන් බී.බී.සී. (බ්‍රිතාන්‍ය) රූපවාහිනී සේවයේ නියෝජිතයකු අසන ලද ප්‍රශ්න කිහිපයකට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
”මේ වැඬේ හරියට කෙරුණේ නෑ..... මේ ගැන අගමැතිවරයාට දැනුම් දීලා නෑ. මෙතැන මොකක් හරි සන්නිවේදන සංකූලතාවක් තිබුණා”
”මේ ගැන කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කළා. මේ වගේ වැදගත් වාර්තාවක් නොසලකා හැරීම සම්බන්ධයෙන් කතාබහ වුණා. මෙතැන ඩොලර් මිලියනයක් වටිනා වඩාත්ම වැදගත් ප්රශ්නය වන්නේ මේ ගැන දැනුම් දීලා තියෙන්නේ 11 වැනිදා. ඒත් රජයේ කිසිම නිලධාරියෙක් ඒ ගැන පියවරක් අරන් නෑ”
”අනෙක ආරක්ෂුක මණ්ඩලයක් කියලා එකකුත් තියෙනවා.... ඒත් අවාසනාවකට වගේ ආණ්ඩුවේ කිසිම සාමාජිකයෙක් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් නෙමේ....ජනාධිපතිවරයා හැරෙන්නට. ජනාධිපතිවරයා දැනට රටේ නෑ. ඔහු එන්නේ අද මධ්‍යම රාත්‍රියේ. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේදී ඔහුව මුණ ගැසෙන්න. මේ වගේ සන්නිවේදන සංකූලතාවක් ඇතිවුණේ කොහොමද කියලා අහන්න”
බී.බී.සී. නියෝජිතයා :
මේ අනතුරු ඇගවීමේ අවවාදයට සම්බන්ධ තොරතුරු වලින් වාර්තා වුණේ මොනවාද ?...ඒ ගැන ඔබ දන්නා තොරතුරු අපට කියන්න....ඒවා ඉරිදා දිනය ගැනද?, මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගැනද ?
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා :
”එහි ඉතාම පැහැදිළිව ආකාර 4 ක ප්‍රහාර ගැන කියැවෙනවා. ඒක මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙන්න පුළුවන්, නැතිනම් ආයුධයකින් කරනු ලබන ප්‍රහාරයක් හෝ පිහි ඇනුමක් ඒත් නැත්නම් රථයක පිපිරීමක් විය හැකියි කියලා එහි කියැවෙනවා.... මේවා පැහැදිළිවම කියලා තියෙනවා විතරක් නෙමේ නම් කිහිපයකුත් සඳහන් වෙලා තියෙනවා.
”මේ වාර්තාවේ තියෙන දුරකතන අංක සහ අනෙකුත් තොරතුරු අනුව මටත් අදහාගන්න බැරිව ඉන්නේ අපි කිසි කෙනෙක් මේ ගැන දැනගත්තේ නැත්තේ ඇයි කියලා. බුද්ධි අංශයට තොරතුරු ලැබිලා. එත් රජය හෝ කැබිනට් ඇමතිවරු, අගමැතිවරයා මේ ගැන දැන නොගත්තේ කොහොමද ?
ඔබ කියන්නේ මේ තොරතුරු ජනාධිපති කාර්යාලයේ කිසියම් තැනෙක හිරවෙලා තිබුණා කියලද ? ඒනිසා අනෙකුත් පාර්ශ්වයන්ට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ තොරතුරු ලැබුණේ නෑ කියලද?
”ස්ථිර වශයෙන්ම එතැන කිසියම් හිදැසක් තිබුණා... මේ නොලැබුණු වාර්තාව ලේඛණ ගතවෙලයි තියෙන්නේ. දැන් එය අපි අතට පත්වෙලා තියෙනවා. එහෙනම් කොහොමද අදාළ අංශවලට මේ තොරතුරු නොලැබුණේ ? ඒ ගැන ක්ණක අවධානයක් යොමු වුණේ නැත්තේ ඇයි?
”හරි විදිහට නම් හදිසි රැස්වීමක් කැඳවලා වහාම ඒ ගැන පියවරක් ගත යුතුව තිබුණා.” යයිද හරීන් ප්‍රනාන්දු මහතා බී.බී.සී. සේවයට පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයෙක් රටේ මහජන නියෝජිතයෙක් වීම පිළිබදව කුමන කතා ද ??? මෙසේ ප්‍රසිද්ධියේ තමන් දැනසිටි තොරතුරු පිළිබදව වසන් කිරීමත් මෙයා මහා උළුගෙදරට යැවීමට තරම් වරදක් නොවේද ?? තාත්ත කියපු දේ අනිකාටත් කීවානම් අද අඩුතරමින් වටිනා මිනිස් ජිවිත කියක් බේරෙනවා ද ?? මේවගේ අය අපගේ මවුබිමේ සිටීම අප අපටම ලජ්ජා වියයුතු නොවේද ???
ආත්මාර්ථකාමී-බලලෝභී දේශපාලකයින්ගේ සැබෑ මුහුණ මෙයයි.!
ජනාධිපති, අගමැති හා අැමැතිවරු එහෙට මෙහෙට බොලේ පාස් කරනවා. එවායින් අපට වැඩක් නැහැ ඔයාලා සියල්ලන් මේකට වග කියන්නම ඕනෑ.. ජනතාවගෙන් අාපු මන්ත්‍රීවරයෙක් වශයෙන් නමුත් ඔබ ජනතාව බිල්ලට දීලා තමන්ගේ ජීවිතය රැකගත්තා. මෙහෙව් නායකයින් තවතවත් අපේ රටට ඕනෑද..? මිනිස් ජීවිතයක වටිනාකම දන්නේ නැති තිරිසනුන් කියලා තමා කියන්න ඕනෑ. ඔය බයිලා වැඩක් නැහැ දැන් අපට.. හෙනහත වදිනවා දැනගෙන හංගන් හිටියට ...!!
අනේ දෙවියනේ මෙන්න අපේ නයකොයෝ !!!
ඔයාලා බේරුනාම මදැයි. මේ රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් මොකෝ.
ඔබේ පියා කියන්න පෙර හිරේට දාපු අපේ ස්වාමින් වහන්සේ මේ ගැන කල් තියා දැනුම් දුන්නා.....
මේ බුද්ධි අංශ වාර්තා මට එවලා වැඩක් නැහැ. ඒවා පත්තරවල දාලා තිබ්බා නම් මම දකිනවා.
ජනතා නියෝජිතයන් යැයි කියන්න පුලුවන්ද? මොවුන් විතරක් බේරුණොත් ඇති, අනිත් අයට මොනවා වුනත් කමක් නෑ. මොවුන්ට දීලා තියෙන පහසුකම්, ආරක්ෂාව වහාම ඉවත් කරන්න ඕනෑ. මේක ආරක්ෂක අංශවලට දැන්නුවා නම්, ජීවිත 300ක් නිකරුනේ විනාශ වෙන්නේ නෑ.
එහෙම දෙයක් දැනගත්තා නම්, මේ ඇමතිවරයාවත් කිසිම විදියකින් ආරක්ෂක අංශ දෙනුවත් නොකර, පල්ලි නොගිහින් ඉන්න එකද වගකීම...? ලජ්ජයි තමුන් ගැන...
මෙයාගේ ඡන්ද දායකයො බස්නාහිර පළාතේ නෑනෙ. ඒනිසා ඒ ජීවිත මෙයාට වටින්නෙ නෑ. ලංකාවෙ දේශපාලකයන්ගේ තත්වෙ මේකයි.
අපරාදේ පල්ලි නොගියේ
දන්නා කෙනෙක් කියනවද මෙයාගේ අප්පා ආරක්ෂක අංශවලට සම්බන්ධ කෙනෙක්ද. එහෙම නොවෙයිනම් ඒ මනුස්සයා කොහොමද මේක කලින් දැනගත්තේ කියන එකත් හොයන්න වටිනා කරුණක්. ප්‍රහාරයට සම්බන්ධ ප්‍රභල හෝඩුවාවක් ගන්න පුළුවන් එතනිනුත්. පසුගිය සතියේ මහියංගනේ බස් රියැදුරාව අත්අඩංගුවට ගත්තේ අනතුරක් වලක්වා නොගැනීම නිසා නේද. ඒ විදිහට බලද්දී ජනපතිගේ, අගමැතිගේ ඉඳන් මෙයාගේ අප්පා වෙනකන් ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනා.
ආන්ඩුවෙයි ජනාධිපතිවරයාගෙයි කඹ ඇදිල්ල නිසා ජාතික ආරක්ෂාව රටේ ජනතාව කැරම් බෝඩ් එකෙ ඉත්තන් බවට පත්වෙලා.වගකීමක් බාරගන්න කෙනෙක් රටේ නැහැ .මේ අයට ඉල්ලලා අස්වෙන්න කියන්න කෙනෙක් නැහැ .රටට ආදරය ඇති උගත් බුද්දිමත් පිරිසක් රටට අවශ්‍ය කාලය ඇවිත් .
කොහොමත් ලිපියේ මුල් පිටුවේ තියෙන්නෙත් ප්‍රභූ ආරක්ෂාව ගැන පියවර ගන්න නේ. එහෙම නැතුව සාමාන්‍ය අපි වගේ ජනතාව ආරක්ෂා කරන්න පියවර ගන්න නෙමෙයි නේ. ඉතින් ප්‍රභූලා ට උපදෙස් දීලා එයාලට පරිස්සම් වෙන්න කියන්න ඇති. අපිට මොනවා උනත් මුන්ට කමක් නැහැනේ.
තනිකරම වසල ගති තමයි
ආත්මාර්ථකාමී දේශපාලුවෝ........
හොඳයි ඇමතිතුමා... ඔබලා ආරක්ෂා වෙන්න. අපි මැරිලා යන්නම්...
මුගේ කටවල් ඇරෙන්නේ බීබීසී ඉස්සරහ විතරද? ඇයි ඕක කලින් කට ඇරලා කිව්වේ නැත්තේ...?
වහාම මෙතුමාගේ පියාණන් අත්අඩංගුවට අරන් මේ ගැන ප්‍රශ්න නොකරන්නේ ඇයි? කොහොමද තොරතුරු දැනගත්තේ කියලා?
අවසානයේ වගකීම බාරගන්න හෝ බාරගතයුතු කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ. ඉහළ නිලධාරීන්, දේශපාලකයන් කිසිම දෙයක් දන්නේ නැහැ. දැනුවත්කර නැහැ කියයි. එහෙම වගකීමෙන් අයින්වෙන්න බැහැ. නමුත් ලංකාවේ වෙන්නනේ ඒ දෙය.. අපේ කරුමයද...? රටේ කරුමයද...? නොතේරේ... දේශපාලකයින්ගේ ආරක්ෂාව ගැන විතරද පොලීසිය වදවෙන්නේ...? අනෙක් මිනිසුන්ගේ ජීවිත ඔවුන්ට වටිනාකමක් නැද්ද...?
මේ ආකාරයේ පුද්ගලයෙකු තමන්ගේ පක්ෂයේ තබා ගැනීම ගැන පක්ෂයේ නායකයන් ලැජ්ජා විය යුතුය. වැරද්ද දැන් වෙලා ඉවරයි. නමුත් තමුන්ගේ පක්ෂයට හිතවත් කමක් තිබේ නම් එය රහසෙන් නායකයින්ට පවසනු විනා මෙලෙස ප්‍රසිද්ධියේ පැවසීම පක්ෂයට කරන ද්‍රෝහිකමකි. සමහරවිට ඔහුට ඔහු කරන්නේ එවැන්නක් බවවත් නොතේරෙනවා විය හැකියි.
රටේ නායකයා හිතාගෙන සිටියේ රටේ සංහිඳියාව ඔහු සිතන ආකාරයටම කෙරෙනවා කියලා.., ජනාධිපති කිව්වා වගේ.., නායකයා එය එසේ නොවෙයි කියා කීවාට පිළිගන්නට තරම් නිහතමානී නැත. එමනිසා අදාළ තොරතුරු නායකතුමාට නොපැමිණ මග හිරවුණා...
දැන්විය යුතුවූ ආරක්ෂක මණ්ඩලයේ බලධාරීන් වෙත ලිඛිතව දැනගැනීමට සැලැස්වී තිබියදී අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් අපොහොසත් වීමත් එම අඩුපාඩුව නිසා බරපතල ඛේදවාචකයක් සිදුවී ඇති බවත් පැහැදිලියි. දින, නියෝග අත්සන් සහිතව එම ලේඛන පිටපත් මෙහි පලකර තිබුණත් ඇතැමුන් ඒවා කියවා නැති බවයි පෙනෙන්නේ... යම් හෝඩුවාවක් ඔබතුමාගේ පියාණන් හට දැනගන්නට ලැබීම හා ඔබ පල්ලියට නොයාම ගැන මාධ්‍යයට කතා නොකර සිටියා නම් අනවශ්‍ය කුණු කතන්දර අසන්නට සිදු වන්නේ නැහැ නේද? කොහේ හරි තිබෙන කුණු ගොඩක් තමන් අකමැති පුද්ගලයෙකුගේ ඇඟේ එල්ලා මඩ ගැසීමට පෙළගැහුණු ලංකාවේ සිංහලයන් පිරිසක් ඉන්න බව පැහැදිළියි.
ඕක දැනගෙන හිටියා නම් ඇයි අනෙක් මිනිසුන්ට එ්ක කීවේ නැත්තේ? අඩුතරමේ පල්ලියට පණිවිඩයක් ඇරලා කීවා නම් මෙහෙම ආරංචියක් තියනවා පූජාව නවත්තන්න කියලා කීදෙනෙක් බේරෙනවද? නික බබා හුකුම් කතා නොකියා ඉන්නවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. දැන් එක එකාට බෝල පාස් කරලා වැඩක් නැහැ.
බබිත් එකයි, බබීගේ ගෝලයොත් එකයි... රටට ගිය කලක්...
උත්තර දෙන්න නම් ගොඩක් අදහස් එනවා.
ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සහ සෝම හාමුදුරුවෝ පුන පුනා කීවේ ඕක තමා.
ඌව වෙල්ලස්සේ ජනයා බිහිකල සැබැ නායකයෙක් ... ඌව වෙල්ලස්සේ ජනයට ආඩම්බරයි නේද?
මේ දෙදෙනාවම නිතිය හමුවට ගෙන ආ යුතුය
මෙයා දැනගත්තේ දවස් 2කට පෙර වෙන්න පුළුවන්... එ්ත් අපි නම් දැනගත්තේ 2015 ජනවාරි 9 දා. එ්ත් එදා කොහොමද කිව්වේ " බේසම්වල කිඹුල්ලු දකිනවා " කිව්වා. පහළ ඉඳලා ඉහළටම මෙහෙම අය ආණ්ඩුවේ ඉන්න කොට රටට මෙහෙම නොවී තියේවිද? යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන්, කියපු ගොන්නුන්ට අපේ රටේ හිටපු හරක් කොටසක් ඡන්දෙ දීලා රටට කරපු විනාසේ. දැන් ඡන්දෙ දීපු අයට සනීප ඇති නේද?
ඔබ ඩීජිටල් ඇමති නේද ඇයි ෆේස්බුක් එකටවත් ඔය ගැන දම්මේ නැත්තේ එහෙම වුනා නම් ඔය කරදයට පත් වුවන්ගෙන් කීපදෙනෙක් හරි බේරෙනවා
තාත්තාටයි, පුතාටයි හොඳ බෙහෙතක් දුන්නා නං හරි ලෙඩ හොඳ වෙන්න! ලැජ්ජා නැද්ද?! මේ මරණ වලින් කොපමණ ප්‍රමාණයක් වළක්වා ගන්න තිබුණද කියලා හිතෙන්නේ නැද්ද? මේ අයගෙයි, අර ත්රස්තවාදීන්ගේ අතර වෙනසක් නැහැ බලාන් ගියාම!
ආරක්ෂක අංශ මගින් ලද තොරතුරු අනුව හරි තාත්තා කියපු කතාවක් විශ්වාස නම් ආණ්ඩුවේ තමන්ගේ නායකත්වය දැනුවත් කරලා ජනතාවට දැනුම් දෙන්න තිබුණා පවතින අවධානම ගැන... විශේෂයෙන් තම ආගමික ස්ථානයන්ට නායකත්වය කියන්නේ ඒකට. රටෙහි අවාසනාවකට අපේ නායකයො එහෙම නැහැ. හැමොම බලන්නෙ තමා ගැන. මේවා ඇහෙන විට හිතෙන්නෙම මේවා අපේ රටේ බල අරගලයෙම සිදුවීම්ද කියලා ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ප්‍රධාන සියලුම නායකයො බලයට වඩා රටේ ජනතාවගෙ ආරක්ෂාව ගැන මෙයට වඩා වගකීම් සහගත වීම අපේක්ෂා කරමු. මෙම බුද්ධි වාර්තා ජනාධිපතිතුමන්ටත් සගවලද ගැටලුවක් මතු වෙනවවා. වෙලාවකට එකිනෙකා එකිනෙකට ඇගිල්ල දිගු කරන්නේ නැතිව රට ස්ථාවර බවට පත්කරන එකයි අපේ ඉල්ලීම .
මැරුන අසරණයින්ගේ ජීවිත ගැන අබමල් රේණුවකවත් කැක්කුමක් නැතිව කතා කරන ලස්සන. දැනගන්න නම් ඔබලාව ජීවත් කලේ නොවිදින දුක් විදිමින් බදු ගෙවමින් මේ අසරණ මිනිස්සුයි