සේවය හැරගොස් සිටි  යුද හමුදා නිලධාරීන් දෙදනකු  ඇතුළු යුද හමුදා සාමාජිකයින් 2882 ක් දෙනෙක්  යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ.
 
 අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළදී  මොවුන් මෙසේ ඉල්ලුම් කර  ඇතැයි යුද හමුදාව පවසයි.
 
 අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා  පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබිණි.
 
මේ  යටතේ 2019 අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා දින 21 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින නිලධාරීන් සහ අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා මාස 6 ක් හෝ දින 180 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට එම අවස්ථාව ලබාගත හැකිය.
 
තවද නිවාඩු නොමැතිව මාස 6 කට වැඩි කාල සීමාවක් නොපැමිණ සිටින එහෙත් තව දුරටත් යුද්ධ හමුදා සේවයේ නැවත නිරත වීමට කැමති පුද්ගලයින් හට යුද්ධ හමුදාවට නැවත එක්වීමටද අවස්ථාව සැලසේ.
 
 සන්නද්ද හමුදා සේනාධිනායක   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  හා ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත  පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබිණි.