ජිනීවා වාර්තාව හෙට සභාගත කරයි
ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම පිළිබඳ ලිඛිත වාර්තාව හෙට (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී නිල වශයෙන් සභාගත කෙරෙන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.