(ජේ.කේ.එල් චාමින්ද)
අඟුළුගහ, දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අඟුළුගහ ඳඬුවන පදිංචි ෂෙහාරා ඉඳුවරී නැමති අට හැවිරිදි දැරියකි.
මෙම දැරිය තම පියා සහෝදරයින් දෙදෙනාද සමඟ මෙම සිද්ධි වන අවස්තාවේ නිවසේ සිට ඇති අතර එකවරම ඇතිවූ පස් කන්ද නාය යාම නිසා දැරිය නිවසේ කාමරයක් තුළ සිරව ඇත.පසුව ප්‍රදේශවාසීන් එක්ව නිවසේ බිත්තියක් කඩා දැරිය පිටතට ගෙන රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි. මේ වන විට තුවාල ලැබූ දැරිය ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd