(රංජන් කස්තුරි)
 
මිය ගිය සහ විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
 
ජනාධිපතිවරණයේදී ඡන්ද අවභාවිතවීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ඒ අනුව 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම් ඇතුළත් මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයින්ගේ නම් ඔක්තෝබර් 5 වැනි දිනට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන්  කරයි.