(අංජුල මහික වීරරත්න)
ලංකාවේ විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය මහත්වරුන් සමග අද පැවැති සාකච්ඡාවේදීය.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම් සඳහා අවසන් එකඟතාවයක් ඇති කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින ස්ථාවරය අනුව ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණෙන් තරග කිරීමේ අවස්තාව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි වෙන බවට ඉඟි පළ වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරි පැය කීහිපයේ දී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතය.
පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද ඉහත සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒක? විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා, සජිත් හරි, කවුරු හරි ජනාධිපති කරලා විධායක අගමැති වෙන්න මෙයා. වංගුදදා බලේ රැකගන්න ක්‍රමය. රට මිනීපෙට්ටියට දාලා අන්තිම ඇනෙත් ගහන්නයි කල්පනාව...
කරන්න තිබුණු කාලේ කරන්න ඕනෑදේවල් කල්ගිහින් කරන්න බැහැ. ඒක ඔබතුමයි නෝනයි හොඳට දන්නවා කියල හිතනවා. දැන් ප්‍රමාද වැඩියි.
සිරිපාල දින 100න් මේක අහෝසිකනවා කියලා ඇවිත් පස්සේ ලෝභ හිතුණා. රනිලුත් බැලුවේ මහින්ද පැරදුණාම සල්ලිත් හොඳට හොයන තියෙන හින්දා පෙන්ෂන් ගනී කියලා. ඊට පස්සේ ජනපති වෙන්න පුළුවන් වෙයි කියලා හිතලා මිනිහත් ඔහේ හිටියා. ටිකක් කල් යද්දී කසාදේ හරියන්නේ නැතුව ගියහම ප්‍රශ්න ඇති වුණා. පවුල වෙන්වුණා. ගෑණියි, මිනිහයි දෙන්නම දෙන්නගේම වැරදි කියකියා රටවටේම යන තැනටම වැටුණා. දෙන්නා කුලියට හිටියේ... එකතුවෙලා ලිස් කරලා ගත්ත කාර් ඒක දැන් ෆිනෑන්ස් එකෙන් උස්සන්න යන්නේ... අරහෙන් ගංවතුර ඇවිත් ගෙදර බඩු මුට්ටු ටික ඔක්කොම ගහගෙන ගිහින්... දැන් තියෙන්නේ ඇඳන් ඉන්න ඇඳුම් විතරයි. ඒකත් ගැලවෙන්න යන්නේ නොවැම්බර් මාසේ. යන එන මන් නැහැ. දැනුයි බැන්දේ මොකටද කියලා දෙන්නටම මතක් වෙලා තියෙන්නේ...
නැතුව දිනන්න බැරිකමක් නිසා නෙවේ
කවුද අහෝසි කරනවා කියන්නේ? කව්රුත් ඕක අහෝසි කරන්නේ නැහැ. අහෝසි කරන්නනම් මෙච්චර දඟලගෙන ඔතනට එනවද? අත්ත උඩ වාඩිවෙලා ඇත්ත කපන මෝඩයෝ හිටියොත් ඉන්නේ එජාපයේම තමයි.
ඒ කියන්නේ මැතිවරණ නොතියා වහ වහ විධායක බලතල අගමැති අතට දුන්නා නම් ජනාධිපතිවරණයක් ඕන නැහැ කියන එකනේ. අම්මපා අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් පාර්ලිමේන්තුව වහාම විසුරුවලා දමලා, මේ පෙරුම් පුරලා රටේ විධායක බලතල අරන් උතුර වෙන් කරන්න හදන වෙලාවේ එ්ක කරගන්න බැරිවෙයි කියලා හිතෙන කොට, මතක් වෙන දේවල්...
විධායක ජනාධිපතිකම කොහෙත්ම අහෝසි නොකළ යුතුයි.. බලතල අඩු කරපු ටිකට අගමැති කරපු තරම හොඳටම ඇති...
කොහොම තිබුනත් කොහොම පැමිණියත් පොලවේ පය නොගහන ඔබට දිනුමක් නොලැබේ.