(නවරත්න සමරතුංග)

අපවත් වී වදාළ ගුරුකන්දේ විහාරාධිපති හිමියන්ගේ ශ‍්‍රී දේහය මිහිදන් කරන්නට යාමේ දී එයට තහනම් නියෝග ගැනීමේ ක‍්‍රි‍්‍රයාමාර්ගය සම්බන්ධව අනිවාර්යෙන්ම විමර්ශනයක්  අවශ්‍ය බව නැගෙහිර පළාත් උප ප‍්‍රධාන සංඝ නායක මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියෝ අද (24) පැවසූහ.

අපි මැරුණාට පස්සේ මහ පොළවේ වළ දමන්නට වත් ඉඩ දෙන්නේ නැතිනම් ජාතියේ මුරදේවතාවුන් වශයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේට මේ රටේ තිබෙන අයිතිය කුමක් දැයි නැගෙනහිර පළාත් උප ප‍්‍රධාන සංඝ නායක මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියෝ සඳහන් කරති.

තත්වය මෙසේ හෙයින් අපවත් වී වදාළ ගුරුකන්දේ විහාරාධිපති හිමියන්ගේ ශ‍්‍රී දේහය මිහිදන් කරන්නට යද්දී එයට තහනම් නියෝග ගැනීමේ ක‍්‍රි‍්‍රයාමාර්ගය සම්බන්ධව අනිවාර්යෙන්ම විමර්ශනයක් කිරීම අවශ්‍ය කරන බව උන් වහන්සේ කීය.

තව දුරටත් අදහස් දැක්වූ අම්පිටියේ සුමන රතන හිමියෝ පැවසුවේ ජාතියේ මුර දේවතාවුන් ලෙස සලකන භික්ෂූන් වහන්සේ නමකගේ  මිහිදන් කටයුතු කරන්නට එපා කියන්නේ බෞද්ධ රටක් බෞද්ධ රාජ්‍යයක් කවුරුත් පිළි ගන්නා දෙයක්.

මේ සඳහා විමර්ශනයක් සිදු කළ යුතු බවත් මෙම ප‍්‍රශ්ණය සම්බන්ධව නිහඬව නොසිටින බවද අධිකරණමය ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවද උන්වහන්සේ පැවසීය.

කෙසේ වුවද වත්මන් රජය කරන කියන දේ මෙන්ම අධිකරණය ගැන විශ්වාසයක් තැබීමට නොහැකි නිසා සුදුසු රජයක් යටතේ වගකිය යුතු පිළිගත හැකි අධිකරණයක් සුදුසු පාලකයින් හා පිළිගත හැකි අධිකරණයක් හදා දෙන තුරු ටිකක් නිහඬව සිටින බවද ඒ හිමියෝ කියා සිටියේය.

ඉන්පසුව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.