(ජේ.කේ.එල් චාමින්ද)
පවතින කාලගුණික තත්වය හේතුවෙන් දකුණු පළාතේ ආපදාවට ලක්ව ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව ඉදිරි දිනවලදී අදාළ මුදල් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට නියමිතය. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම මුදල් ආපදාවට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
අද(24) දිනය වන විට ආපදා තත්වය හේතුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර, ඉමදූව, ඇල්පිටිය, අක්මීමන, යක්කලමුල්ල, නාගොඩ, බෝපේ-පෝද්දල, හබරාදුව, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලට බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, දික්වැල්ල, තිහගොඩ, වැලිපිටිය, දෙවිනුවර, වැලිගම, හක්මන, මාතර, අතුරලිය, කඹුරුපිටිය, මාලිම්බඩ, පිටබැද්දර, පස්ගොඩ, කොටපොල, අකුරැස්ස , මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව ආපදාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාය ගියත් වන්දි, පෑව්වත් වන්දි, වැස්සත් වන්දි, සුළඟට ගෙවල් කඩා වැටුනත් වන්දි, ත්රස්තවාදියෙක් වෙලා මැරුණත් වන්දි. ඇයි මේ රටේ ජනතාව බදු ගෙවන්නේ? මන්ත්රීවරැන්ගෙයි, රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නයි, වන්දි ගෙවන්නයි. මේ මොන හෙණයක්ද රටට වෙලා තිබෙන්නේ?