(තිලකරත්න දිසානායක)
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 10,755 කට අයත් සාමාජිකයින් 43,322 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
දෙදිනක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (24) සවස 5 වනවිට දිස්ත්‍රික් ආපදා සහන ඒකකය වෙත ලැබී තිබුණු තොරතුරු අනුව වැඩිම පිරිසක් ආපදාවට පත්ව ඇත්තේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.
මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියපාලුව දකුණ ප්‍රදේශයේ නිවසක් පුර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර දිස්ත්‍රික්කයෙහි තවත් කොට්ඨාස කිහිපයක නිවාස 46 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ආපදා සහන සේවා ඒකක ප්‍රකාශකයෙක් පැවසීය.
පීඩාවට පත්ව සිටින පවුල්වල සාමාජිකයන් සඳහා පිසූ ආහාර සහ අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන ලෙසට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී ඇති බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසු අතර අවශ්‍ය මුල්‍ය අවශ්‍යතා සපුරාලීමට පියවර ගෙන ඇති බවද කීය.
ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් දිස්ත්‍රික්කයෙහි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අද සවස 5 ට පමණ තොරතුරු ලබා ගැනීමට දුරකථනයෙන් විමසූ නමුත් ඒවන විටත් සම්පූර්ණ විස්තරයක් ලබාදීමට නොහැකි බව එහි නිලධාරියෙකු පැවසූ බැවින් දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ ආපදා සහන ඒකකය වෙතින් තොරතුරු ලබා ගැනීමට සිදු විය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 අවතැන් වූවන් සංඛ්‍යාව පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ විශාල නියඟයක් තිබුණා. බීමට පවා ජලය නැතිවයි හිටියේ. ජනතාවගේ පිනටම දැන් ජලයෙන් හිඟයක් නැහැ. ඉදිරියේදී, විදුලි හිඟයක් ඇතිවෙන එකකුත් නැහැ. අනාගතේ යහපත් වෙයි. ඒ නිසා ජනාධිපති මැතිවරණය තෙක්ම වැස්සොත් ගොඩක් හොඳයි.