(නාලක සංජීව දහනායක)
සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ සමයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පවරන ලෙස බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි වහාම රටට හෙළි කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (24) පැවසීය.
ඇය එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව එල්ල වන බවද ඔහු කීය.
එහිදී ඔහු මෙසේ ද පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපිට කපන්නයි. අපිට කපන්න ගෙනාපු ඒ සංශෝධනයෙන් අද රටම කප්පාදු වෙලා. ඇමැතිවරුන්ගේ බලපෑම් නිසාවෙන් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරූ බව සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියනවා. එහෙම නම් ඒ බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි ඇය වහාම රටට හෙළිකළ යුතුයි. එහෙම නැතිවුණොත් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මේ චෝදනාව එල්ල වෙනවා. නීති කඩන, නීති නවන නිලධාරීන් අපිට වැඩක් නැහැ. මේ ආකාරයට පළිගන්නා ආණ්ඩු රටට වැඩක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
කොළඹ, ඩී.ආර්.විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (24) පැවති සමූපාකාරකයින්ගේ ජාතික මහා සම්මේලනයට සම්බන්ධ වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය කොතනකවත් කියන්නේ නැහැ ගෝඨාට නඩු දාන්න කියලා ඇමතිවරයෙක් බලපෑම් කළා කියලා. එතුමිය කණගාටුව ප්‍රකාශ කරන්නේ රැකියා අහිමි වුවන් ගැන. ඒ වගේම මේක එහෙන් මෙහෙන් කෑලි අමුණපු සංවාදයක් කියලා හොදට තේරෙනවා. අපිට දැනගන්න ඕන එතුමිය තනතුරෙන් ඉවත් කළාට පස්සේ මේ නඩුව අහක යන විදිහට වැරදියට ගොනු කරලා උසාවියට ඉදිරිපත් කළේ කවුද? එහෙම කරන්න උපදෙස් දුන් ප්‍රබල දේශපාලනඥයා කවුද කියන දෙයයි.
2015 අරලියගහ මන්දිරයත් ආණ්ඩුවේ සල්ලිත් තිබුනා මේවගේ "මැතිවරණ ප්‍රචාරණ " පවත්වාගෙන යන්න. දැන් ඉතින් ඒ පහසුකම් නැහැනේ. ඉතින් අගුපිල්වල තමයි මැතිවරණ ප්‍රචාරණ කරන්න වෙලා තියෙන්නේ. අනේ කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ?
හොරකම් කරපු නිසානේ නඩු දමන්න කිව්වේ. දැන් මේ ඇමතිලා බය නැතිව එලියට එන්න. ලිපි ගනුදෙනු සමග පොඩි ළමයෙක්ට නෙමේනේ කිව්වේ. රටේ. නඩුව කුරුටු ගෑවට සාක්ෂි ඉතිරි වෙලා තියෙනවා. ගෝටා දැන් කොහොමත් පරදිනවා. එන්නේ පලිගන්න.
මහත්තයෝ ඒ එක්කම තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් වෙච්ච මරණයක් කියලා පොලිසියට ප්‍රකාශ කරන්න නියෝග කළේ කවුද කියල හෙව්වනම් හොදයි නේද?
සහතික ඇත්ත. කවුරු වුනත් පුද්ගලයගේ නම එළියට දාන්න. මොකද ඔය වගේ අය පක්ෂෙක පමණක් නොවේ රටෙත් නොසිටිය යුතු පුද්ගලයෙක්. අතන මෙතන එක එක දේවල් කියා කියා රස්තියාදු වෙනවා ඇරෙන්න රටට කිසිම වැඩකට නැති පුද්ගලයෙක් වෙන්න ඇති.පහුගිය කාලේ ඔය වගේ අය මෙරට හිටිය හන්දා තමා දුෂණය වැඩිවුණේ.ඔවුන්ගේ එකම පරමාර්ථය ගසා කෑම. ඒපැත්තට මේ පැත්තට ගතු කියා තමන්ගේ බඩ වඩා ගැනීම.
ඕව හොයන ගමන් මගේ පුතේ උඹට දවස් ගණන් මගුල් කන්න සිදාදියේ කට්ටියයි,ගමේ උදවියයි, දහස් ගානකට කන්න බොන්නයි කොල්ලෝ තුන්දෙනාගේ මගුලට වියදම් කරන්න සල්ලි කන්දරාවක් හොයාගත්තේ කොහෙන්ද කිව්වනම් කොච්චර දෙයක්ද?
කෝ දැන් අර කුමාරයා? මේවා නිකම් දාපු නඩු නෙවෙයි. ඔබතුමන්ගේ හදවත දන්නවා මොකක්ද ඇත්ත කියලා. ඉතින් තව මොන කතාද මහත්තයෝ?
ඔය උඩින් ප්‍රතිචාර ලියල තියෙන අයට තියෙන්නෙත් ආණ්ඩුවේ අයට වගේ රාජපක්ෂ භූමිකාව .
උප්පරවැට්ටි දාලා මහාධිකරණයෙන් ගැලවුනාට ජනතා අධිකරණයෙන් ගැළවෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්. ඔහොම යං.
නම් හෙළිකරන්න කියන්නේ බලයට ඇවිල්ලා පළිගන්න වෙන්න ඇති...