(නිමල කොඩිතුවක්කු)
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
සහන කටයුතු සහ නායයෑමේ අවදානම පවතින ප‍්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත‍්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳ අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙලේ දී ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපති ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළේ ය.
ඉදිරි මාස දෙක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලූ අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපති පැහැදිලි කළේය.
එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත‍්‍රික්කවල පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ද මෙහිදි සමාලෝචනය කෙරිණි.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙහි දී පෙන්වා දුන්නේ පැවති නියං තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 15 ක පමණ ජනතාවට පානීය ජලය බෙදාදීමේ කටයුතු අමාත්‍යාංශය විසින් ක‍්‍රියාවට නංවා තිබූ බවත් එම කටයුතු අඛණ්ඩව ක‍්‍රියාත්මක කෙරෙන බවයි.
ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයට අපේක්ෂකත්වය බලහත්කාරයෙන් ලබාගන්න උත්සාහ කර අවතැන් වෙලා ඉන්න කට්ටියට සහන දෙන්න වැඩපිළිවෙලක් නැද්ද? අපේක්ෂකත්වය ඉල්ලන්න දඟලන අයටත් වැඩිය අනාත වෙලා ඉන්නේ ඒගොල්ලෝ කරේ තියාගෙන දුවන සමහර මාධ්‍ය ආයතන කියලයි පෙනෙන්නේ.
ඕකට ජනපති උපදෙස් දෙන්න ඕනෙද? ඒකට තමා අපේ බදු මුදල් වලින් නිළධාරීන් පත් කරලා තියෙන්නේ.
පුදුම කරුණාබර හදවතක් ඇති ජනාධිපතිවරයෙක් අපිට ඉන්නේ.මම හොදටම දන්නවා ජනාධිපතිතුමා කිව්වේ නැතිනම් ඔය ඇමතිවරු සහන සේවකයෝ කිසිම සේවයක් නොකර නිකන්ම නිකම් ඉන්නවා.