‘කුණු කන්ටේනර් ගේන්න මග පෑදූ ගැසට්ටුව අහෝසි කරන්න’
මහත් ආන්දෝලනයට ලක්ව ඇති කුණු කන්ටේනර් ගෙන ඒම සඳහා මග පෑදූ 2013- -7-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත්රය අහෝසි කරන ලෙසත්, ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රට හමුවේ අනාවරණය කර ඔවුන්ට දඩුවම් දෙන ලෙසත්, සමස්ත ලංකා රේගු සේවා සංගමයට ඉල්ලා සිටී.