(නාලක සංජීව දහනායක)
මෙම වසරේ මාර්තු 2 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (27) පැවැසීය.
ඒ අනුව ජනාධිපතිවරයා ලද පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර අපේ‍්‍රල් මස අවසන් සතියේදී මහා මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකරනු ඇතැයි තමන් බළාපොරොත්තු වන බවද ඔහු කීය.
මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක විශිෂ්ඨ ජනවරමක් ලබා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට වත්මන් රජයට හැකියාව ලැබෙනු ඇතැයිද මහාචාර්යවරයා සදහන් කළේය.එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියවර මෙන්ම මෙවරත් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරඟ කරන බවද ඔහු කීය.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ හිටන් පිස්සුකෙළපු කාලේ ඉඳලා මහජනයා ඕක දන්නවනේ. දෙන්නකෝ අලුත් නිවුස් එකක්... පරණ තැටි අහලා දැන් එපාවෙලා...
එතකොට මෛත්‍රී 2018 ඔක්තෝබර් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතියනූකුල බව එදා කිව්වා. දැන් කියනවා මේ මාර්තුවල පාර්ලිමේන්තුව විසිරුවීමේ නීතීමය බලය ජනපතිට තියෙනවා කියල. දැන් ගෙදරට වෙලා ඉන්න. ජාතික ලැයිස්තුවෙන් හෝ මෙයා වගේ ප්‍රතිපත්ති නැති යවන්න හොඳ නැහැ.
එදාට නියමෙට තියෙයි ගාල කඩාගත්තු හරක් ටික ජනතාවට හරියට ආදරෙන් කතා කරයි. පොඩි ළමයි නළවයි ඡන්දෙට කලින් සේරමලා තම තමන්ගේ වැඩ ටික කරවා ගන්න දැන් මේ කට්ටිය ඉන්නේ ලිප උඩ හැන්ද අපේ අතේ නමුත් වැඩේ තියෙන්නේ හොරුන්ට ඡන්දෙ දෙන්න බලන් මෝඩයෝ ටිකකුත් ඉන්නවා
ඔයාලට 2/3 දුන්නම අපිට ? අනේ ජි එල් මහත්තයා, ඔයත් දැන් හරි විහිළු කරන්න පටන්ගෙන.
උපරිම 120යි 2/3 ක් ගන්න බැහැ. බොරු පොරොන්දු දුන්නා වැඩි නිසා ගමේ මිනිසුන්ට තුන් වේල කන්න හොයාගන්න පවා අමාරු වෙලා.
දැන් රට යන විදියට නම් තිබුණු විදිය හොඳයි කියලා හිතෙනවා.
ඕක විසුරුවන බව අපි දන්නවා, අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් 2/3 නම් සිහිනයක් පමණි. අර 69 දැන් පුන්නක්කු කන එක නතර කරලා.